IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඩලස්ගේ අය වෙන් වෙන්න තීරණයක්

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු පමණ ඇතුළත් වන බව ද පැවසේ.

ඩලස්අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ට අමතරව,පොදුජන පෙරමුණේ" හෘද සාක්ෂියට එකග මන්ත්‍රී කණ්ඩායමද ඇතළත් වනු ඇති බව පැවසේ.

මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට ඇත.

 



අදහස් (26)

ඩලස්ගේ අය වෙන් වෙන්න තීරණයක්

ලලිත් අම්බලන්ගොඩ Saturday, 23 July 2022 10:27 AM

ඩලස් යනු යමක් නිවැරදිව තේරැම් ගත හැකි නිහතමානි පුද්ගලයෙකි.ඔබට ඉතා දිගු ගමණක් යා හැකිය. පොහොට්ටුව දැන් කුජීත වී හමාරය. සාමාන්‍ය ජනතාව තුල පොහොට්ටුව කිසිම කැමැත්තක් නැත. ගමින් ගමට සංවිධාන කටයුතු දැන්ම අරඹන්න.හොද අය පමනක් එකතු කර ගන්න.මම ඔබට සුභ පතමි.

:       43       128

යෝගා Saturday, 23 July 2022 10:31 AM

ඒක හොඳයි. වැඩ බැරි පොතේ ගුරාලා සෙට් එක හඳුනා ගැනීමට ලේසි වෙයි

:       26       99

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Saturday, 23 July 2022 10:33 AM

බොහොම හොද තීරණයක්.රටට සැබෑ හිතවතුන්ට හොද ආරංචියක්.ඩලස් මැතිතුමනි,මම ඔබට සුභ පතමි.ඔබ කෙදෙනක හෝ ජනාධිපති විය යුතුමය.මේ ජහජරා කමය වෙනස් කල යුතතුමය.ඒ සදහා ඔබට ලොකු දෙයක් කල හැකිය.

:       36       87

sam Saturday, 23 July 2022 10:47 AM

පරපෝෂිතයන් ජීවත් වෙන්නේ වෙනත් සතෙකුගේ ලේ උරා බීලයි. පරපෝෂිතයෝ කොච්චර ගොඩක් එකට එකතු උනත්, ලේ උරා බොන්න සතෙක් නැතිනම් ඔවුන්ට පැවැත්මක් නැහැ.

:       10       67

lakvidu Saturday, 23 July 2022 10:48 AM

මහින්ත්ද ඩලස්ට චන්දෙ දුන්නලු නේද? එහෙනම් එයත් වෙයි

:       5       69

Hafeel Saturday, 23 July 2022 04:45 PM

මහින්ද, ඩලස්ට ඡන්දය දුන්නයි කියලා කියන එකත් විශ්වාස කරන්න බැහැ. ඒ වගේම පහුගිය ජනාධිපති වරණයේදී රනිල් සජිත්ට ඡන්දෙ දුන්නයි කියන එකත් විශ්වාස කරන්න බැහැ.

:       2       15

චිරන්ත Saturday, 23 July 2022 11:54 AM

මද්දුම අයියා කිව්වා දැන් ඔවුන්ට අනූවක් ඉන්නවා කියලා ඒ අනූව විපක්ෂයට යන්න අනෙක් කට්ටිය ආණ්ඩුව කරන්න ඒක පරන ක්‍රමය එය කරන්න එපා ඒ නිසා සජබ ඉන්න හර්ෂ ෆොන්සේකා ඉරාන් පාලිත ,පාඨලී වගේ අය මේ වෙලාවෙ ඉදිරිපත් වෙලා රට ගොඩගන්න ආණ්ඩුව සමග එකතුවෙන්න. ඇමති මණ්ඩලය ජනාධිපති තේරුවා වගේම කරන්න අනුරත් ඇමති තනතුරට බයක් නැත්නම් ඉදිරිපත් වේවි.

:       0       0

Ranjith Saturday, 23 July 2022 12:08 PM

ඉතාමත් හොඳ අවශ්‍යතාවයක්...

:       0       0

වර්ණකුලසූරිය Saturday, 23 July 2022 12:16 PM

මහින්ද රාජපක්ෂ මහතා ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීපු ප්‍රකාශයක් කළා. ඩලස් අලහප්පෙරුම මහතා රාජපක්ෂ දිගුවක්ද නැතිනම් රාජපක්ෂ විරෝධී කණ්ඩායමක්ද යන්න ජනතාව දැනුවත් විය යුතුයි. දූෂිතයින් සමඟ යන ගමනක් ජනතාව අපේක්ෂා නොකරනු ඇත. දූෂිතයින් අතර සිටියත් ඩලස් අලහප්පෙරුම මහතා දූෂිතයෙක් නොවන බවට ජනතා විශ්වාසයක් පවතියි...

:       0       0

Prabha Saturday, 23 July 2022 12:21 PM

බලාගෙන හෙට අනිද්දාට ඇමැතිකම් බෙදනවාලු...!

:       1       4

චන්දන Saturday, 23 July 2022 12:55 PM

තමුන් විනාශ වුනේ සජිත් නිසා කියලා හිතට ගත්තොත් හොඳයි...

:       5       15

Bamunuarachchi Saturday, 23 July 2022 01:02 PM

මේ ගොල්ලෝ මාර බඩුනේ... එතකොට ඩලස්කාරයත් වෙන් වෙනවද? මිනිස්සු ඩලස්ට අකමැති වුනේ සජිත් එක්ක ගියපු නිසා... අපිත් විරුද්ධ වුනේ ඒකයි. නැතුව රනිල්ට තිබුණු කැමැත්ත නිසා නොවෙයි...

:       14       6

BamunuarachchiSunday, 24 July 2022 06:27 AM

මේ වෙලාවේ අපිට ඕනෑ කරන්නේ ඩලස් නොවෙයි ඩොලර්ස්..

:       0       0

Nandasena grSunday, 24 July 2022 06:40 AM

එතකොට මහින්ද කිව්වේ අපි ඩලස්ට කියලා. එතකොට මහින්දත් සජිත් වගේම වැරැදියිනේ. මට තේරුම් ගන්න බැහැ බං ඔයා මොන වගේ වගේ කෙනෙක්ද කියලා. ජී.එල්. කිව්වෙත් ඩලස්ට ඡන්දෙ දෙනවා කියලා...!

:       0       0

Malika Saturday, 23 July 2022 01:31 PM

අර සීතා අරඹෙපොල කියන උත්තමාවියත් ඕකට ඉන්නවද?

:       2       13

Dharmatileke Saturday, 23 July 2022 02:33 PM

උසස් පෙළවත් නැති පොහොට්ටුවන්ගෙන් ඈත්වීමේ මුළු රටටම ලැබුණු සුබ ආරංචියක්... ඔබ සියලු දෙනාටම ඉදිරි ගමන සාර්ථක වේවා..!

:       5       17

Nihal Harischandra Saturday, 23 July 2022 03:12 PM

ඒක නම් අහන්නත් සතුටුයි. අළුත් පක්ෂයක් ආරම්භ කරන්න. හැබැයි එක ජරා පප්පෙක් ලංකර ගන්න එපා. ජය නියතයි. අපි ඔබ සමගයි.

:       6       16

sbSaturday, 23 July 2022 05:38 PM

ඔතන ජරා පප්පලා නෑ කියලාද හිතන්නේ..?

:       2       15

සනත් Saturday, 23 July 2022 03:18 PM

මෙයාලා කවුරුවත් තාම විශ්වාස කරන්න බැහැ. හොඳම දේ පක්ෂ දේශපාලනයෙන් ඉවත්වෙලා මෙයාලා මොකද කරන්නේ කියලා බලලා තීන්දුවකට එන එකයි. නැත්නම් පරණ සෙට් එකම ආයිමත් එයි...

:       0       9

ගමේ එකාලා Saturday, 23 July 2022 04:13 PM

පොහොට්ටුවේ දූෂිතයින්ට රනිල්ගේ කරපිටින් ගිහින් ජාමේ බේරගන්නයි ඕනෑ වුණේ. පුළුවන් තරම් බැනපු අයටත්, දේසපාලුවන්ටත් කිසිම ලැජ්ජාවක් නැහැ...

:       1       18

MDsunil Saturday, 23 July 2022 07:15 PM

දේශපාලන පක්ෂ ගොඩක් තියෙනවා. නමුත් සියලු දේවල් දේශපාලනීකරණය වෙලා...

:       0       4

reks Saturday, 23 July 2022 08:05 PM

දේවවාදී, ධම්මික පැණි මහාචාර්ය චන්න ජයසුමනත් ඉන්නවලු.. අනේ හපොයි...!

:       0       0

warnasinghe Sunday, 24 July 2022 04:42 AM

හරියට හරි... වෙන්වෙලා ඡන්දෙ ඉල්ලලා, එකතුවෙලා ආණ්ඩු හදමු..

:       0       0

Bamunuarachchi Sunday, 24 July 2022 06:28 AM

සිංහලයෝ කැකුණ තලනකොට හම්බයින්ට රජ මගුල්...

:       0       0

අම්බලන්ගොඩ ලලිත් ජයවීර Sunday, 24 July 2022 07:04 AM

ඩලස් මැතිතුමණි, හොඳ මිනිසකු ලෙස ඉතිහාස ගත වන්න. අදට වැඩේට බහින්න. මම ඔබ හොඳින් තේරුම් ගත් දේශපාලකයෙක්. ඔබට පුළුවනි, මේ රටේ දහජරා දේශපාලනය වෙනස් කරන්න පෙරමුණ ගන්න. එය හෙටට කල් නොදමන්න. ඔබට කිසිවෙකුවත් විරුද්ධ වෙන එකක් නැහැ. හැබැයි පොරොට්ටු මජරයින් ටික ඔබට විරුද්ධව කටයුතු කරාවි. මජරයින් කිව්වේ ඔය අරක්කු, කැසිනෝ, එතනෝල්, කොමිස් මුදලාලිලා. උගත්, බුද්ධිමත් මෙන්ම හෙට දවස ගැන හොඳ අවබෝධයක් තිබෙන හොඳ පිරිසක් පමණක් එකතු කරගන්න. එහෙම අය ඕනෑතරම් මේ රටේ ඉන්නවා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ ඔබට සිදුවෙනවා එවැනි අය ඔබගේ කණ්ඩායමට එකතු කරගන්න. ජනතා අපේක්ෂාවන් දැන් අපිට හොඳට තේරෙනවා. 1977 න් පසු දේශපාලනයට පිවිසි බොහෝ් අය කුණු බක්කියට වැටී හමාරයි. ඒ වගේම මර්වින් සිල්වාලා වැනි අයත් ඔබේ කණ්ඩායමට එකතුකර ගන්න එපා. අපි මූලික වටයේ සාකච්ඡාවක් අරඹමු. ඔබේ ඉදිරිපත් වීම ගැන මට නම් හරිම සතුටුයි. ඔබටත්, රටටත් අහිංසක පොඩි අයගේ අරගලයටත් ජයම වේවා...!

:       0       4

Bandara Sunday, 24 July 2022 10:20 AM

මෙම කණ්ඩායම චොර වෙන්නේ ඩිලාන් පෙරේරා නිසයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1793 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 367 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 779 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4707 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 614 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3556 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site