IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඩලස්ගේ කෑල්ලක් සජිත් ළඟට ?

(අජන්ත කුමාර අගලකඩ)

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්,ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම සමඟ ළඟදි ම එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්වීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර,රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදකාරී තත්වය හමුවේ නිදහස ජනතා සභාව ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්විය යුතු යැයි එම මන්ත්‍රීවරුන් සිවුදෙනා නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කිහිප දෙනකු සඳහන් කර ඇත්තේ,සමගි ජන බලවේගය සමග එක්වන්නේ නම්,යම් කොන්දේසි මාලාවක් සහ වැඩපිළිවෙලක් සමඟ සන්ධානගත විය යුතු බවය.

එසේ නැතිව සමගි ජන බලවේගය සමග එක්වීමේ තේරුමක් නැති බව ඔවුන් පෙන්වා දී ඇත.

නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම ඉකුත් අඟහරුවාදා නාවල පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ කඩිනමින්ම එක්විය යුතු බව මහාචාර්ය ජීඑල් පීරිස් ,ඩිලාන් පෙරේරා ,මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් සිවු දෙනා ළඟදීම සජිත් පිල සමඟ එක්වීමට නියමිතව ඇත.

නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන දහතුනකි.

 



අදහස් (16)

ඩලස්ගේ කෑල්ලක් සජිත් ළඟට ?

Saki Saturday, 16 December 2023 09:06 PM

ඉතාමත් හොඳ ආකල්පයක්, ඔය සන්ධානගතවීම NPP වගේ බහුල වැඩපිළිවෙළක් තිබේනම් මම අගයමි... නමුත් ප්‍රබල UNP වන අපි දැනට NPP එකට සම්බන්ධයි. බලමු ඔයාලගේ වැඩපිළිවෙළ...!

:       2       5

විපරමා Saturday, 16 December 2023 09:28 PM

ඔය සෙට් එකෙන් ජී.එල්. පීරිස් නම් එහෙට මෙහෙට තමුන්ගේ වාසියට, පැවැත්මට පැනලා හොඳට පුරුදු කෙනෙක්...

:       0       11

SAM Saturday, 16 December 2023 10:00 PM

දශක ගණනාවක් අවස්ථාවාදීව බලය වෙනුවෙන්ම දූෂිත දේශපාලනයේ යෙදි සිටිනා ඔවුන් කළයුත්තේ කුමක්ද? පවා මේ වනවිට අමතකව ගොස්, රටතුළ ඔවුන් විසින් නිර්මාණයකල දේශපාලන පරිසරය/ ප්‍රහේලිකාව තුළම ඔවුන්ව මේ වනවිට පැටලී අතරමංව මංමුලා වී සිටියි...

:       0       4

C.K.Lankaputhra Sunday, 17 December 2023 03:48 AM

ප්‍රතිපත්ති දේශපාලනය හා අවස්ථාවාදී දේශපාලනය අතර වෙනස. නොහොත් වවුල් ප්‍රතිපත්තිය...!

:       0       8

gunarathna Sunday, 17 December 2023 06:48 AM

කිසිම ජනවරමක් නැති, යනඑන මං නැති නිසා සජිත් එක්ක එකතු වෙන්න හදන්නේ. නමුත් ඔය තුන් දෙනා අවසානේ සාටකේ තමයි.

:       1       12

Ajantha Sunday, 17 December 2023 07:44 AM

මේ ඔක්කොම යාළුවෝ මල්ලි...!

:       0       7

Nimal Sunday, 17 December 2023 10:23 AM

ඩිලාන් පෙරේරා එහෙම මොන පක්ෂයේ ඉන්නවද කියලාවත් මට නම් මතක නැහැ දැන්...!

:       0       9

ගජමිතුරු Sunday, 17 December 2023 01:33 PM

මට නම් ඔහුගේ යාලුවා නාලන්ද මතක් වුණා. සජිත් මහත්තයෝ ප්‍රවේශමෙන් හොඳේ...

:       0       5

සිල්වා Sunday, 17 December 2023 12:45 PM

නොයෙකුත් චෝදනා සහ බෙදුම්වාදී අදහස් තිබෙන අය ගැන පරිස්සම් වියයුතුයි. ඔවුන් දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි...!

:       0       8

podi hadaya Sunday, 17 December 2023 03:21 PM

ඔබතුමා ඔය අය එක්කෙනෙක්වත් ගන්න එපා... ගොඩහේවා ඉතාම අප්‍රසිද්ධ චෝදනා තිබෙන කෙනෙක් පැත්ත පළාතේ ගන්න එපා. ජී.එල් සීයා මොලේ තිබුණාට ජනතාව ගැන සානුකම්පිත කෙනෙක් නෙවෙයි...

:       0       5

Prabha Sunday, 17 December 2023 08:21 PM

එතකොට සජිත් බබාට චෝදනා නැද්ද ?

:       0       1

දාස Sunday, 17 December 2023 03:52 PM

අනුර කුමාර කිව්වා වගේ මේ ඔක්කොම එකට එක්වෙනවා. අවසානයේ ඡන්දෙට ඉන්නේ පිල් දෙකයි, සජබ සමග එක්වන අය සහ ජජබ වේගයයි...!

:       1       3

Chandima Sunday, 17 December 2023 04:02 PM

හුළං බහිනකොට පුම්බනවා. කොච්චර පිම්බුවත් දැන් දැකලා දැකලා එපාවෙලා තියෙන්නේ..? තව එක වාරයයි එන්න තියෙන්නේ. ඒකෙන් පාරෙ කට්ටියටම දෙවියන්ගේ පිහිටයි. ගෙවන අයටත් දේවියන්ගේම පිහිටයි.

:       0       1

ranjith Sunday, 17 December 2023 04:18 PM

සමස්ත විපක්ෂයම රටට ආදරේ ඇත්නම් පොදු ජනතා හිතවාදී වැඩපිළිවෙළක් හදන්න. තමන්ට බලය ගන්නම හිතන්න එපා. එහෙම කළොත් ජනතාවට ජීවත් වෙන්න මගක් නැති කරපු අලි-පොහොට්ටු නඩය පන්නන එක ඉතා පහසු වෙනවා.

:       0       2

නිලන්ත Sunday, 17 December 2023 05:45 PM

ඵල ඇති රුකේ වවුලොත් එල්ලෙති... පේනූ මම එහෙම කිව්වේ 2024 සැප්තැම්බර් ආසන්න කාලයේ ගුරු ගෝල සටනක් තියෙන නිසා. අතීතය අමතක දෙවරක්ම රට විනාශය කරා ගෙනගිය දැනටත් වර්ජන තර්ජන කරමින් රටේ ගමන ආපස්සට අදින මාලිමාව පොහොට්ටුවේ ජයට පාර තනන නිසාත් සියල්ලටම අකැමැති පිරිසක් වැඩියෙන් ගෙඩි තියෙන ගහේ එල්ලෙන නිසාත් කියලා කියන්න ඕනෑ...

:       0       0

නදුන් Sunday, 17 December 2023 05:55 PM

දවසේ අවශ්‍යතාවයට පිළියමක්. ජී.එල්. නම් දැන් විශ්‍රාම ගතයුතුයි. මාහාචාර්ය චන්න ජයසුමන එක්වීම හොඳ දෙයක්. මහාචාර්ය චරිත හේරත් එනවා නම් තව හොඳයි.. මම කලින් සජිත්ට කැමැති නැහැ. නමුත් දැන් ඔහු හොඳ ප්‍රගතියක් ලබලා තියෙනවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 1 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 152 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 168 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 109 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 142 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 187 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 536 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site