IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඩලස්ගේ නායකත්වයෙන් අලුත් ව්‍යාපාරයක්

(අජන්ත කුමාර අගලකඩ)

දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම, විමල් වීරවංශ මහතා ඇතුළු හවුල් පක්ෂ කණ්ඩායම සමඟත්, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග සහ චම්පික රණවක මහතා සමගත් සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පවුල්වාදය ,විප්ලවවාදය යන අන්ත දෙකෙන් මිදී ,ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා මෙම පිරිස සැලසුම් කරමින් සිටින බව ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ සමග එකගතාවක් ඇති කර ගැනීම,දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් මැතිවරණ ජාලයක් ගොඩනැගීම, ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සම්බන්ධතාවක් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණයක් මත පදනම් වූ දේශපාලන වැඩපිළිවෙළක නිරත වීම යන අරමුණු මුල්කරගෙන මෙම නව දේශපාලන සන්ධානයගොඩ නැගීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

 



අදහස් (18)

ඩලස්ගේ නායකත්වයෙන් අලුත් ව්‍යාපාරයක්

ලමය Sunday, 31 July 2022 01:46 PM

පොහොට්ටුවොම තමයි වෙනත් විදියකට. මේ සෑරේ පොහොට්ටුව පිපිල මල ,ලකුන වශයෙන් දාපල්ලා.

:       7       29

කිරිපුතා Sunday, 31 July 2022 01:53 PM

අලුත් අලුත් පක්ෂ හද හදා කාලෙ නාස්ති කරනව මිසක රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න එකමුතු වන පාටක් නෑ. කාටත් ඕන තනතුරු . ඒකට පක්ෂ භේද නෑ.

:       2       35

fairoosSunday, 31 July 2022 04:06 PM

ඊළඟ ඡන්දෙනුත් මෙයාලාවම පත්කරගමු.

:       5       9

BamunuarachchiSunday, 31 July 2022 05:53 PM

පළමුවෙන් සිදු කළ යුත්තේ ජනතා නියෝජිත වේශයෙන් පෙනී සිටින වංචාකාරයන් පන්නා දැමීමයි

:       5       13

යෝගා Sunday, 31 July 2022 02:27 PM

මංගල පස්සේ සුදු නෙළුම් කරගහගෙන ගිය මෙයා බලයට ආවොත් මොන මොන වැඩ කරයිද දන්නේ නෑ...!

:       0       0

Lelwala Sunday, 31 July 2022 02:49 PM

කවුරු හරි ලණුවක් දිලා වගේ... කාලම එන්නකෝ...!

:       0       0

පැත්ත ගියත්.. Sunday, 31 July 2022 03:17 PM

ලොව විශ්‍රාම නොයැවෙන එකම රස්සාව ඇති රට තමයි ලංකාවේ මැති ඇමති රස්සාව... ඉතින් දාලා යයිද..?

:       0       0

gameing01 Sunday, 31 July 2022 03:44 PM

එහෙනම් ගාලු මුවදොරදී හමුවෙමු...

:       0       1

ANURA NANAYAKKARA Sunday, 31 July 2022 04:26 PM

ඩලස් නායකත්වයට සුදුසුකම් සපුරා නොමැති බව අපගේ හැඟීමය. නායකයෙක් තුළ තිබිය යුතු පෞරුෂත්වය ඩලස් තුළින් නොපෙනේ...!

:       6       24

වර්ණකුලසූරිය Monday, 01 August 2022 12:22 AM

එකම සුදුසුකම විය යුත්තේ හොරෙක් නොවීමයි. ඒ වගේම හොරුන්ට හොරකමට ඉඩ නොදීමයි. පෞරුෂත්වය සමඟ හොරෙක් වීම ශ්‍රී ලංකාවේ ජනතා කැමැත්තයි.

:       1       0

Ruwan R Sunday, 31 July 2022 05:42 PM

පොහොට්ටුවට කෙලවෙනකොට අලුත් නාටකයක් හදනවා වගෙයි. දෙකේම නිර්මාතෘ එක්කෙනාමද? ලබන ඡන්දෙට පොහොට්ටුව මේකට මුක්කුව ගහයි. කවුරු වුණත් නම හරියටම දාලා තියෙනවා. "ව්‍යාපාරයක්"

:       4       19

C.K.Lankaputhra Sunday, 31 July 2022 06:02 PM

පුද්ගලයන් නොව හරි ජනතාවාදි ප්‍රතිපත්තියයි අවශ්‍ය. අරගලය දුක්වේදනා මැදින් අවස්ථාව අපට අරන් දී තිබෙනවා. සත්‍යය එයයි...

:       3       12

Bandara Sunday, 31 July 2022 09:11 PM

වීරවංශ, ගම්මන්පිල ඩලස්ගේ සන්ධානේ ඉන්නවා කියන්නේ බඩුම තමයි.

:       4       15

sg Sunday, 31 July 2022 11:47 PM

විමල් වීරවංශ...?

:       0       1

de silva Monday, 01 August 2022 07:49 AM

මේ ඔක්කොම හොරු මල්ලි. මේ ඔක්කොම යාලුවො මල්ලි...!

:       0       1

BamunuarachchiMonday, 01 August 2022 05:05 PM

අන්න සිල්වා යථාර්ථය තේරුම් අරගෙන. මේ ඔක්කොම හොරු. හොරු අතරින් රටට වැඩක් කළ හොරු තමයි රාජපක්ෂලා. රාජපක්ෂලා නොසිටින්න මේ වෙනකොට රට පාලනය කරන්නේ ප්‍රභාකරන්.

:       1       2

M.vijitha Monday, 01 August 2022 09:53 AM

ඇමරිකාවේ හිටපු ඩලස් අලහප්පෙරුම කියන්න ඇමරිකන් ඩොලර් කොලයේ ලියලා තියෙන්නේ "ට්‍රස්ට් ඔප් ගෝඩ්" (දෙවියන් විශ්වාසයි) කියලාද? නැද්ද? ඇමරිකන් ජනපති දිවුරුම් දෙන්නේ බයිබලයේ අත තියලද? නැද්ද? සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටලු ඇමරිකාව. එහෙනම් ලංකාවේ "නමෝ බුද්ධාය" බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා සල්ලිකොල වල තිබුණොත් ඔබ විරුද්ධද? ලංකාවේ බෞද්ධ පාසල්වලට විරුද්ධවෙලා සහිරා, හින්දු විද්‍යාලය, පල්ලි විද්‍යාලවලට විරුද්ධ නොවන්නේ ඇයි ඔබ ඩලස්..?

:       0       0

Amara Monday, 01 August 2022 02:32 PM

ආයේ නම් මොන නමින්වත් පාර්ලිමේන්තු එන්න අවශ්‍ය නෑ. අලුත් අයට ඉඩදී විශ්‍රාම යන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 580 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3319 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4093 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 10773 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4018 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 543 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 269 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site