IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඩීල් කාරයෝ සිරිසේනට මොනව කරයිද දන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

තම හදවතේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  හැර දමා වෙනත් කිසිදු පක්ෂයකට නොයන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කිරීම සහ එම තීරණය වලක්වමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නොමඟ යවන ඩීල්කාරයන් පිරිසක් දැන් එතුමා වටා ඉන්න බව කී අමාත්‍යවරයා එම ඩීල්කාරයන් සිරිසේන මහතාට විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරන බව කීය.

"ඔබතුමා තමයි ජාත්‍යන්තරය ඉල්ලන නායකයා, ඔබතුමා රටේ ජනප්‍රියම නායකයා, ඔබට නැවත ජනාධිපති වෙන්න පුළුවන් වැනි අසත්‍ය තොරතුරු සිරිසේන මහතාට ලබාදෙන කණ්ඩායමක් සිටින බව කී අමාත්‍යවරයා මෙම ඩීල්කාරයන්  ඉදිරියේදී එතුමාට මොනවා කරයි ද කියන සැකය තමාට තිබෙන බව කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා සමඟ ඉදිරි මැතිවරණ ජය ගත හැකි යැයි සිතනවාදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ විට  ඊට පිළිතුරු නොදුන් අමාත්‍යවරයා සිනාසුණේය.



අදහස් (8)

ඩීල් කාරයෝ සිරිසේනට මොනව කරයිද දන්නේ නෑ

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 02:40 PM

සිරිසේන පයින් ගහලා එලියට දැම්මෙත් රජ ඩීල් කාරයෝ තුන් දෙනෙක් තමයි.

:       2       34

නන්දන Tuesday, 02 April 2024 02:42 PM

වෙන පක්ෂයකට මේ අයව අරගෙන මොනවා කරන්නද?

:       2       22

Shashika519 Tuesday, 02 April 2024 02:48 PM

කොයි ආණ්ඩුව ආවත් ඇමති කට්ට ලෙවකන දෙපත් නයෙක් පඹයාට විරුද්ධව ඔබ අමතයි.

:       2       20

Buddika Tuesday, 02 April 2024 03:06 PM

මේ වගේ ඩීල්කාරයෝ එලවලා දාපු එකමයි හොද. පක්ශයක් උනාම එක මතයක නොසිට වෙන තැන්වලට හේත්තු වෙන්නෙ ගනුදෙනු සහ පුද්ගලික වාසි වෙනුවෙන්. කියන්නෙ නන් රට වෙනුවෙන් කියල. මෙහෙම එවුන් කිසිම තැනකට වැද්දගන්න හොද නෑ.

:       2       23

ranjith Tuesday, 02 April 2024 03:29 PM

හරි ශෝක් UNP එකට හේත්තුවෙලා SLFP කාරයෙක් වගේ රඟපානවා ඊළඟ චන්දෙන් මේ වගේ අවස්තාවාදියෝ ගෙදර යවන්න ඕනේ

:       2       23

ranjith Tuesday, 02 April 2024 07:08 PM

හැමදාම ඇමති කට්ටක් හොයාගෙන ප්‍රතිපත්ති පාවාදෙන අවස්ථාවාදීන්...!

:       0       0

විජේ Wednesday, 03 April 2024 08:17 AM

දැන් එල්ලෙන්න වැලේවල් නැතිව යනකොට තමයි පක්ෂේ මතක් වෙලා තියෙන්නේ. මේපාර ගෙදර නවතින එක්කෙනෙක් මෙයා.

:       0       7

ගමේ එකාලා Wednesday, 03 April 2024 12:00 PM

පක්ෂය හැරදාලා නොගියාට ඉන්නේ අලියාගේ වලිගේ එල්ලිලා... ඇමැතිකම් අරගෙන... මෙයත් හරියට ජෝකර් කෙනෙක් වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 601 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 171 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 490 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1719 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site