(කේ බුද්ධික කුමාරසිරි)
ඩේසි ෆොරස්ට් නමැත්තියට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද තමන් එවැනි විදෙස් තහනමක් ඩේසි ෆොරස්ට් නමැත්තිය සඳහා නිකුත් නොකළ බව කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (14) දින විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය
හිටපු ජනාධිපති දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ හවුල් බැංකු ගිණුමක රුපියල් මිලියන පනස් නවයක් හමුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කඩුවෙල අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට අදාලව නීතිඥ ප්‍රේමනාත් දොළවත්ව මහතා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් යලි විභාගයට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ පිළිබඳව කරුණු අධිකරණයෙහි පැවසුවාය
අදාළ නඩුව විභාගයට ගැනීමට පෙර එම තැනැත්තියට විදෙස් ගමන් තහනමක් පැනවූ බවට මාධ්‍ය හමුවක් කැඳවීමෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් වන බවද නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය
මේ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවා නඩු දෙකක් පැවරීමට කටයුතු කරන බවත් එක් තැනැත්තියකට විදෙස් ගමන් තහනමක් ලබාගත් බවත් ප්‍රසිද්ධියේ පැවසීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකරු කඳාන වීදි මාවතේ නිවසකට වෙඩි තබා පලායාමේ සිද්ධියේ වෙඩි
ත්‍රී රෝද රථයක රියදුරුට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දුන්නැයි උරනව පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පිටකොටු
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා
වසර පහළොවක් තිස්සේ නොගෙවා පැහැර හැරී රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදලක් මාසයකින් ගෙවා නිම කරන්නැයි පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වූ පුතකුට හා ම
මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
’’ඩේසි ෆොරස්ට්ට විදෙස් තහනමක් පනවා නෑ’’
අරුණි Friday, 14 February 2025 07:00 PM
සැප් 21 සිට මාස 5ක් තිස්සේ නාමල්, යෝශිත, ඩේසිආච්චි, වාහන එකලස් කතා, වඳුරු කතා, මෝඩ කතා දැන් හොඳටම ඇති. පොල් ගෙඩියක් රුපියල් 80ට, හාල් සේරුව රුපියල් 160ට අරගත්තා. සැප්තැම්බර් 21ට පෙර තිබූ අපේ ජීවන මට්ටම ආයෙත් අපිට ලබා දෙන්න. නැත්තන් ආණ්ඩුවට එලොව පොල් පෙනෙන්න වැඩි දවසක් නැතිවෙයි...
Weerasinghe Friday, 14 February 2025 08:09 PM
ඇයි ජනාධිපතිටයි ඇමැති මන්ඩලේටයි විතරද අවබෝධෙන් බොරු කියන්න පුළුවන්? පොලිසිය බොරු කිව්වාම හෙන ගහනවයෑ, විකාර...
Chathuri Saturday, 15 February 2025 06:11 AM
මරු උපාසක අම්මා. වයසෙ හැටියටද වැඩ. වෙන ආච්චි කෙනෙක් නම්. මේවගෙ රටේ දේපල හොරා ක්නවානම් තමන්ගෙ. පව්ල වටවෙලා. සාපදෙනවා ඕවා නතර කරපන් කියලා. නාකිච්චි. එහෙම කියන්නෙ නැතිව. බැන්කුවටත් ගිහින් ගිනුම් ඇරලා සල්ලිත් දාලා. මෝඩ නුගත්. මුනුපුරා. කියනවා තත්තා මැරෙන්න කලින්. මේ හොර වැඩවලින් නිදහස් කරනවා කියලා දිවයිනට කියනවා
Kazi Shajahan Saturday, 15 February 2025 07:49 AM
ඩේසිත් අන්තිම කාලේ පිනක් දහමක් කරගන්නේ නැතුව පව් දෙනවා මැණික් මල්ලක් නිසා
පොඩිඑකා Saturday, 15 February 2025 09:45 AM
මෙයාට දාන්න ඕනෑ විදේශ ගමන් තහනමක් නෙවෙයි, එලොව ගමන් තහනමක්…! කොයි වෙලේ වීසා එක ඒවිද මන්දා…!
de silva Saturday, 15 February 2025 10:12 AM
අන්තිමට වෙන්නේ ඩේසි ෆොරෙස්ට් රට පනිවි, නඩුවේ ප්‍රධාන සාක්ෂි කාරියක් හෝ සැක කාරියක් නොමැති නිසා ඔක්කෝම වැරැදි ඩේසි මත, යෝෂිත නිදහස් වේවි. ලංකාවේ වන අනෙක් අපරාද වල මහා මොලකරු සහ ඒවා පිටරට සිට ක්‍රියාත්මක කරන්නේ ඩේසි කියලා පොලිසිය විසින් සොයා ගනීවි...!