(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආර්ථිකය මුදල්වලට වියදම් කරන ප්‍රමාණය සියයට 1.5 ක් වුවත් ඩිජිටල්කරණ හරහා සියලු ගෙවීම් කරන තත්වයට දියුණු කළ හොත් මුදල්වලට කරන විදයම අඩු කරගතහැකි බවත් එම ඩිජිටල්කරණය ඔස්සේම සියලුම ගණුදෙනුවල විගණනයක් කිරීමේ හැකියාව ද ලැබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසීය.
කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඉන්දික ද සොයිසා මහතා එසේ පැවසීය.
කිව්.ආර්. කේතයක් හරහා සියලුම ගෙවීම් කිරීම මේ වන විට සංචාරක කළාපවල ආරම්භ කර ඇති බව කී ඉන්දික ද සොයිසා මහතා ගාලු කොටුව හෝ පින්නවල වැනි ප්‍රදේශක සංචාරය කළ හොත් ඒ ආකාරයට ගෙවීම් කළ හැකි බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය පැත්තෙන් මීට වසර කීපයකට පෙර සිටි තත්වයට වඩා විශාල ගමනක් මේ වන විට පැමිණ ඇති බවත් ඩිජිටල් ක්‍රමයට වන ගණුදෙනු පිළිබඳව බැංකු කළමණාකරුට හොඳ අවබෝදයක් ගත හැකි බවත් ඒ මහතා කීය.
මෙරට ඩිජිටල්කරණ දැනට පවතින ස්ථානයේ සිට රටපුරා ව්‍යාප්ත කිරීම කරන ආකාරය පිළිබඳව මේ වන විට සැළසුම් සකස්කරමින් සිටින බව කී ඉන්දික ද සොයිසා පැවසුවේ හැකි ඉක්මණින් ඩිජිටල් ගෙවීම් රටපුරා ව්‍යාපෘත කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය කර්මාන්තයක් හැටියට සියලුම දෙනා බදු ගෙවියයුතු යැයි මතයේ සිටින බවත් කෙසේ වෙතත් එම ගෙවන බදුවලින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට ප්‍රතිලාභයක් ලැබිය යුතු බවත් ඒ මහතා පැවසීය.
එම බදු මුදල්වලින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට හොඳ පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කරන බවත් එවැනි පරිසරයක් නිර්මාණය වුවහොත් රටහැර යන පිරිස ද අඩුවනු ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා කීය.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි
මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පළාත් භාර අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, විධායක ඉංජිනේරු, ව්‍යාපෘති, ප්‍රාදේශීය සැළසුම
කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා
රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350,000ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා සිය වරද ප
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ඩිජිටල්කරණයෙන් සියලුම ගණුදෙනු විගණනය කළ හැකියි
Lalla Friday, 21 March 2025 02:43 PM
හැබෑව... පරිඝණක දැනුම යොදාගෙන මුදල් ගනුදෙනු නියාමනය ඉගෙන ගන්න තියන හොඳම තැන අසල්වැසියා. ඉන්දියාව... පාර අයිනේ පලතුරු කරත්තකරුවා සහ ත්‍රී රෝද ටැක්සි ඉල්ලන්නේත් ඇප් එක හරහා ගනුදෙනුව... සල්ලි ගන්න කැමැති නෑ. රට පුරාම තත්ත්වය එයයි. ඒත් අපේ රටේ ලොකුම කඩත් කාඩ් ගනුදෙනුවලට 3-6% දක්වා වැඩිපුර ගන්නවා. මේක තහනමට ලක්විය යුතුයි.
බකල ජයා Friday, 21 March 2025 02:45 PM
මම දැනටත් මැරීන් ඩ්‍රයිව් එකේ විවේකානන්ද කාර් වොෂ් එක ළඟින් තැඹිලි බොන්නේ බය ක්‍රමේට ගෙවලා. තැඹිලිත් රසයි.
රම්බොඩ Friday, 21 March 2025 03:45 PM
ඩිජිටල්කරණය වරදක් නොවෙයි. නමුත් වශාල ණයක් අරගෙන මේ අවස්ථාවේ එවැනි දේ කිරීමෙන් රට තව තවත් හිර වෙන්න පුලුවන් .දන්න දේ කරන්න යන එකට වඩා අවශ්‍ය දේ අවශ්‍ය කාලය කුළ කළ යුතුයි. එක එක ආණ්ඩුව ඔය වගේ දේවල් පයලවා ගත්තා. යටිතල පහසුකම් හදපු එක විතරයි සාර්ථක වුණේ. ඒකෙනුත් අනිත් ආණ්ඩු ප්‍රයෝජන ගත්තෙ නෑ.
කෞෂිFriday, 21 March 2025 04:46 PM
ඔයා අපරාදේ මෙතැන කොට කොටා ඉන්නේ, ඉල්ලන්නකෝ ඡන්දේ, ඕව ඔක්කෝම ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ, කෙහෙල්බොඩ!
lal Friday, 21 March 2025 10:58 PM
ඉන්දියාවේ කෝවිල් වල පඬුරු දාන්න භාවිතා කරන්නෙත් PAYtm QR කෝඩ් එක...
Deshabandu Saturday, 22 March 2025 10:24 AM
ඩිජිටල් ගණුදෙනු කොහොමටත් බොහොම රසවත් සහ හරවත්...