IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, ප්‍රදේශයේ  පදිංචි අවුරුදු 47 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී සැකකරු විවිධ ස්ථානවලට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවත් එක් බෙදාහැරීමක් සදහා රුපියල් 50,000 ක මුදලක් ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු  සැකකරුට ගෙවා ඇති බවත් අනාවරණය වී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (14) ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍ර දේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් පාර්සලයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු නිවෙසේ සගවා තිබූ තවත් හෙරොයින් පාර්සල් 2 ක් පොලිසිය සොයාගෙන ඇත.

පොලිසිය සොයාගත් පාර්සල් තුනේම හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් තිබී ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. කොළඹ අපරාධ කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (0)

ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති
2024 ඔක්තෝබර් මස 15 73 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි


සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
2024 ඔක්තෝබර් මස 15 144 0

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්


සොහොයුරියෝ තිදෙනා සතියක් ඇතුළත මෙලොව හැර යති
2024 ඔක්තෝබර් මස 15 414 0

මදුරන්කුලිය කන්දතොඩුවාව ගම්මානයෙ පදිංචිව සිටි එකම පවුලේ සොහොයුරීයන් තිදෙනකු හදිසියෙ සතියක් වැනි කෙටි කාලයකින් මරණයට පත්විමත් සමග දරුවන් හා ඥාතින්


නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන ඉස්සූ දෙදෙනාට ඇප
2024 ඔක්තෝබර් මස 15 457 0

නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපත


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 15 1350 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ.


ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 511 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 480 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 464 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1457 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site