IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


ඩෙංගු මාරාන්තික කරවන ‘NSAID‘

මේ දිනවල විවිධාකාර වයිරස් උණ,කොවිඩ් මෙන්ම ඩෙංගු රෝගීන්ද වාර් තා වීම ඉහළ ගොස් ඇත. එබැවින්  උණ රෝගීන් නිසි මාත්‍රාවට අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් ලබා ගත යුතු වුවත් ඇතමෙකු හිතුමනාපයට විවිධාකාර ඖෂධ ලබා ගැනීමත් එහි අනිටු පල විපාක ගැනත් පුවත් අසන්නට ලැබේ.

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වයේදී  , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් ලෙස සමහරු පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කරති. මෙය ඉතාමත් බරපතළ  කාරණාවකි.   

දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතයෙන් පසු සිදුවූ පුද්ගල මරණ කිහිපයක්ද වාර්තා වේ. එවැනි ව්‍යාකුල තත්ත්වයකදී NSAID කාණ්ඩයට අයත් ඖෂධ ගැන නියමාකාරව දැන්ම්වත් වීම අගනේය.

ඒ අනුව NSAID කාණ්ඩයට අයත් බෙහෙත් වර් ග මොනවා ද ? ඒවා ගත් විට මොනවද වෙන්නේ? වෙනත් රෝගී තත්ත්ව සදහා මෙම ඖෂධ ඊට වඩා අඩු මාත්‍රාවලින්    ගන්න පුද්ගලයින්ට මෙයින් බලපෑමක් තියෙනව ද? කියන කරුණු ගැන අද කතා කරමු..

‘ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ  විවිධ  වෙළඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිත වේ.  මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයේදී  මේවා භාවිත කිරීම රෝගය මාරාන්තික වීමට හේතුවකි. මේ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනෙ පුද්ගලයන් මේවා භාවිත කිරීමෙන්  දැඩි සංකූලතා මෙන්ම මරණය වුවද සිදු වීමේ වැඩි නුඹුරුවක් ඇත. 

මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර  පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය  පමණක් භාවිත  කිරීමයි. 
උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදු කළ යුතුයි.  

ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර් තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු වෙත යොමු කොට අවැසි උපදෙස් ලබා ගැනීමද සිදු විය යුතුය. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස්ලන් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු නොවේ.

ඒ අනුව ඉහත උපදෙස් පිළිපැදීම සහ දැනුම්වත්ව ක්‍රියාකිරීමෙන් රෝගී තත්ත්වය මාරාන්තික වීමෙන් වළක්වා ගත හැකිය.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර් මරත්න



අදහස් (0)

ඩෙංගු මාරාන්තික කරවන ‘NSAID‘

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ආයුර්වේද ඖෂධ - රූපලාවණ්‍ය ද්‍රව්‍ය නියාමනය කිරීම අනිවාර්යයි
2025 පෙබරවාරි මස 03 42 0

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකර නියාමනය කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අම


සම්බාහන මධ්‍යස්ථානයකට පැන ලක්ෂ 10ක් කොල්ල කාලා
2025 පෙබරවාරි මස 03 366 0

’මන්නා පිහි’, ’කිනිසි’ අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබ


කල්පිටියේ සුළං කණුවක තටුවක් වහළයකට කඩා වැටිලා
2025 පෙබරවාරි මස 03 223 0

කල්පිටිය කුරුඥම් පිටිය ආසන්නයේ පිහිටි සුළං කණුවක එක් තටුවක් කැඩී අසළ පිහිටි ගබඩාවක වහළය මතට කඩා වැටීමෙන් එම වහලයේ සෙවිලි තහඩු කිහිපයකට අලාභ හානී සිද


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 784 0

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


හිනිදුම ත්‍රිත්ව ඝාතනයට හිටපු ප්‍රා.ස. සභිකයෙක් අල්ලයි
2025 පෙබරවාරි මස 03 556 0

හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකු අද (03) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්


නිධන් සෙවි සිවිල් ආරක්ෂක ඇතුළු දෙකක් මාට්ටු
2025 පෙබරවාරි මස 03 61 0

වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ තම ගෙවත්තේ නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු, සහ ඔහුගේ සොයුරෙකු, කැනීම් කිරීමට යොදාගත් උපකර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 75 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 733 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 729 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site