IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


ඩේසි ෆොරස්ට ඇප

(කේ බුද්ධික කුමාරසිරි)

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ පවතින නඩුවක සැකකාරියක ලෙස අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කල ඩේසි ෆොරස්ට් නැමැත්තිය රුපියල් ලක්ෂ පණහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සභාපතිත්වය දැරූ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පෞද්ගලික සමාගමට ඒරෙහිව මුදල් විශුද්ධිකරන චෝදනාව යටතේ  2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කල විමර්ශනයකට අදාලව එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි

අදාල විමර්ශනයේදී රපියල් මිලියන 59කට අධික මුදලක් තිබූ ස්තීර තැන්පතු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් අණාවරණය වූ බවත් අදාල ගිණුම යෝෂිත රාජපක්ෂ නැමැත්තා සමග හවුල් ගිණුමක් ලෙස සැකකාරිය විසින් පවත්වාගෙන ගොස් තිබු බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් අධිකරනය හමුවේ කරුණු දැක්වීය



අදහස් (10)

ඩේසි ෆොරස්ට ඇප

swene Wednesday, 05 March 2025 08:13 PM

අති දක්ෂ විමර්ශකයෝ! අනු වයසැති ඩේසි ආච්චි පොලිසියට ආවහම අත් අඩංගුවට ගන්නවා. සතියක් තිස්සේ දේශබන්දු හැංගී මුත්තන් කෙලිනවා

:       5       25

කව්ද බෝයි Wednesday, 05 March 2025 08:58 PM

ඩේසි ආච්චිගෙ පිං පඩියයි, සමෘධි සහනාධාරයි එකතු වෙච්චි බැංකු ගිණුම. වයසත් එක්ක හදීසියකයට කීයක් හරි වියදමට ගන්න තමයි, මුණුබුරාගේ නම ඇතුළත්කරලා තියෙන්නේ. යහ පාලනේ එකටත් නඩු දාල නෙව...

:       10       1

නන්දන පනා-මිලානෝ Wednesday, 05 March 2025 09:37 PM

තාරුණ්‍යයට හෙටක් සැට් එක දුප්පත් වයසක ආච්චිව ඉස්සර කරගෙන හොරකමේ ගිහිල්ලා තියෙන්නේ…

:       17       11

යෝගා Wednesday, 05 March 2025 09:39 PM

ඉෂාරා සෙව්වන්දි වෙනුවටද අවුරුදු 97ක ආච්චිව අරන් ආවේ? දැන්වත් ඔය ගොන්පාට් නවත්තලා කරන්න පුළුවන් එකෙකුට පොලිසිය බාර දියල්ලා

:       2       23

පිටිගල මිලානෝ Wednesday, 05 March 2025 10:35 PM

නිල් බලකායේ ඉදිරියෙන්ම යන නායිකාව…..!

:       11       4

සුසන්ති Wednesday, 05 March 2025 10:37 PM

ඩේසි ආච්චිට පොලිස් ආරක්ෂාව දෙන්න… රාජපක්ෂලා විශ්වාස නැහැ… සාක්කි නැති කරන්න වැඩක් දෙයි.

:       18       25

Siri Thursday, 06 March 2025 04:36 AM

"කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" අනුන්ගේ පව් වලට කර ගහල කරගත්තු දෙයක්. පව් අප්පා

:       17       9

maalaka Thursday, 06 March 2025 05:59 AM

අම්මෝ මෙන්න පලි ගන්නවා

:       17       3

de silva berlin Thursday, 06 March 2025 11:46 AM

දුප්පත් මිනිහෙක් පොල් ගෙඩි කිහිපයක් හොරකම් කලත් දවස් 14 රිමාන්ඩ් ,මිලියන 97 වංචා සහගතව හොරකම් කළ එකට සම්බන්ධ ගැනිට ඇප දෙනවා , ශ්‍රී ලන්කන් එයාර්බස් ගනු දෙනුවට ඩොලර් මිලියන 2 පගාව ගහපු කපිල චන්ද්‍රසේන කිසිම ප්‍රශ්නයක් නැතුව යහතින් ජිවත් වෙනවා. ඔහුගේ නඩුවට දැන් වසර 5 පමණ ගතවෙලා. ඊට වැඩියෙන් හොරකම් කළ අර්ජුන මහේන්ද්‍රන් එක දවසකවත් රිමාන්ඩ් එකේ හිටියේ නැහැ. හොරකම් කරනවා නම් හොරකම් කරන්න ඕනේ ජනතා මුදල් , වැඩි වැඩියෙන් හොරකම් කරන තරමට දඩුවම අඩුයි.

:       12       2

මාලිමාවා Thursday, 06 March 2025 02:28 PM

බැංකු හොරා අල්ලනු. උගන් ඩා සල්ලි ගෙනෙනූ. පොරොන් දු වූ ලෙස වියදම් අඩු කර භාණ්ඩාගාරය පුරවනු. ජනතාවට සහන දෙනූ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

පත්තර කඩදාසි - තීන්ත මිල අඩු කරන්න
2025 මාර්තු මස 06 214 0

පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 172 1

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


බොරු කියන වෙබ් අඩවි නියාමනයකට
2025 මාර්තු මස 06 566 6

අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්


අධිකරණයට නාවොත් දේශබන්දු අත්අඩංගුවට ගන්නවා
2025 මාර්තු මස 06 740 2

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණ නියෝගයට අනුගත නොවුණ හොත් සැකකරුවන් නීතිය හමුවට රැගෙන එන ක්‍රමවේදවලට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු ක


ජනපති - අධ්‍යාපන අමාත්‍යාංශ සාකච්ඡාවක්
2025 මාර්තු මස 06 447 2

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසා


ජල භීතිකාව එන්නත්වල හිඟයක්
2025 මාර්තු මස 06 219 2

රජයේ රෝහල්වල ජල භීතිකාව සඳහා දෙන එන්නත් වල හිඟයක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20079 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 145 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 480 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 547 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site