IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඩොලමයිට් ලොරියක් දක්ෂිණ අධිවේගයේ බෑවුමකට පෙරැළෙයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

ටොන් 30 ක් පමණ බරුති ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට පෙරැළී අනතුරක් සිදුව ඇතැයි  දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.

ලොරිය බෑවුමට පෙරළීමේදී කිලෝ 50 ක බරින් යුත් කොට්ට 600 කින් යුත් ඩොලමයිට් තොගය සමඟ වට තුනක් පෙරළී ඇති බවත් එම අවස්ථාවේදී ලොරි රියදුරු දැඩි වෙහෙසක් දරා සුක්කානමේ  එල්ලි ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. රියදුරුට කිසිදු හානියක් වී නැතැයි පොලීසිය පවසයි.

මාතලේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය දක්වා මෙම ඩොලමයිට් තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර කහතුඩුව පිවිසුම ආසන්නයේ දි එකවරම ලොරි රථය වම්පස ආරක්ෂිත වැටේ අඩි 30 ක පමණ ප්‍රමාණයක් රූරාවිත් බෑවුමට පෙරළී ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.

තට්ටු ලොරියේ පටවා තිබූ ඩොලමයිට් තොගය ලොරිය අසලම සීසීකඩ වැටී තිබූ අතර ලොරිය ධාවනය වන ආකාරයෙන්ම බැවුමේ  පහළ කොටසේ රැඳී තිබූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසී.සිදු වූ අනතුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ අඩි 25 ක පමණ කොටසකට දැඩි අලහභාණී සිදුවී තිබිණි.

 



අදහස් (0)

ඩොලමයිට් ලොරියක් දක්ෂිණ අධිවේගයේ බෑවුමකට පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න

දියත

නත්තලට හැඩවුණු කොළඹ
2024 දෙසැම්බර් මස 25 200 0

උදාවූ නත්තල නිමිති කොට කොළඹ නගරයේ තැන තැන ඉතා අලංකාරවත්ව සරසා තිබූ අයුරුයි මේ


මිතුරා මිතුරට පිහියෙන් ඇණ මරලා
2024 දෙසැම්බර් මස 25 242 0

මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.


නත්තල් පාටිය අටක් රෝහලට යවයි
2024 දෙසැම්බර් මස 25 236 0

නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනත


තාත්තයි,පුතයි ඥාති පුතයි තොටුපොළේ සැඟවේ
2024 දෙසැම්බර් මස 25 218 0

අම්පාර තිරුක්කෝවිල් සංගමන්කන්ද උමරි තොටුපොල ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදහන්වි ඇති බව තිරුක්කෝවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් සදහන් කළේය.


නව දුම්රිය සාමාන්‍යාධිකාරී හෙට වැඩ භාරගනී
2024 දෙසැම්බර් මස 25 1185 0

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස හෙට (26) වැඩ භාරගනී.


බණ්ඩාරවෙල රිය අනතුරෙන් තුනක් රෝහලට
2024 දෙසැම්බර් මස 25 361 0

බණ්ඩාරවල නගරයේ දී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද (25) නත්තල් දා සවස සිදුවූ රිය අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 84 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 97 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 65 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site