IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ණයට අනුමැතියත් ලබන වසරට කල්යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.

එම මුදල සොයාගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් දේශපාලන අර්බුදයකට ගමන් කරනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා  විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වූ දෙසැම්බර් කාල සීමාව ශ්‍රී ලංකාවට  මඟ හැරීමට ඉඩ තිබෙන බවත් අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ මාර්තු මස තෙක් බොහෝ දුරට බලා සිටීමට සිදුවනු ඇති බවත් වොෂින්ටනයේ මුල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා චීනය තවමත් සාර්ථකව ආරම්භ කර නොමැති වීම හේතුවෙන් මෙම කාල සීමාව මඟ හැරෙනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියෙක් වන චීනය තම ‘කොමියුනිස්ට්’ පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ඵලදායි සංවාදයක් තවමත් ගොඩ නගා ගෙන නැතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙසැම්බර් මස විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය ලබා ගැනීමට නොහැකි වුවහොත් මීළඟ විධායක කමිටු රැස්වීම පැවැත්වෙන්නේ එළඹෙන වසරේ මාර්තු මස බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

මේ අතර, විදේශ විනිමය අවප්‍රමාණය වීම, ආර්ථික අවපාතය සහ වර්ධනය වෙමින් පවතින මූල්‍ය හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් ඉහළ ගොස් ඇත.2021 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් බවත් ඉන් සියයට 20 ක ප්‍රමාණයක් එසේත් නැතිනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 චීනය ලබා දුන් ණය බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

2021 දෙසැම්බර් අවසානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 115.3ක් වූ සමස්ත රාජ්‍ය ණය මෙම වසරේ ජූනි මස අවසන් වන විට සියයට 143.7 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.



අදහස් (4)

ණයට අනුමැතියත් ලබන වසරට කල්යයි

කිරි පුතා Friday, 04 November 2022 11:51 AM

බාලගිරි දෝෂය..!! පුළුවන් තරම් තනියෙන්ම නැගිටින්න උත්සාහ කරන්න ඕනෑ. වැඩ වර්ජන, කැරලි ගැසීම් වැනි ක්‍රියාකරන මිනිසුන් කරන්න ඕනෑ රට නැගිට්ටවන වැඩ. ඒවා ඔවුන්ට හුරු දේවල් නෙවෙයි...

:       86       13

ravin Friday, 04 November 2022 12:05 PM

නාලා සෙන්ට්, පවුඩර් දාගෙන බලාගෙන උන්නේ ණය ලැබෙනකන්... දෙන්නම ඇට්ටි හැලෙන්න ආයේ පරම්පරා සීයකටවත් ඔලු උස්සන්න බැරිවෙන්න කියලා. කොහේද පස්ස ගහන්න වෙනවනේ. කොල්ලන් කෙල්ලන් ටික නෝ හෙල්ලුම් වෙන්න ගැටයක් ගහන එක තමයි ඉතුරු වෙන්නේ...

:       2       27

Hafeel Friday, 04 November 2022 12:15 PM

ඊළඟට මේ ජනාධිපති මොන බොරුවක්ද කියන්න යන්නේ? තවදුරටත් රනිල්ට ජාත්‍යන්තර සහයෝගය සහ පිළිගැනීම් තියනවයි කියලා කවුරු හරි කියනවා නම්..., එක හීනයක්. රනිල්ට රටතුළත් ජනවරමක් නැහැ... ජාත්‍යන්තරයවත් පිළිගැනීමක් නැහැ. ඒක ඔප්පු වුණා. ගිය මාසයේ ඔහුගේ ජපානයේ කළ සංචාරයේදී ඒ රට බලධාරීන් හමුවූ පසු දින පැවැති ජනීවා මානව හිමිකම් ඡන්ද විමසීමේදී ජපානය අපිට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එක..!.

:       5       169

sharm warn Friday, 04 November 2022 05:02 PM

ඔව්, මේ කතාව අපි කිව්වාම පිළිගත්තේ නැහැනේ... දැන් හරිද? තවත් උඩබලාගෙන ඉන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 982 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1708 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 603 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1672 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 878 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3667 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1892 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site