(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය අනුමත වීම ගැන ආණ්ඩුවේ සමහර අය පුරසාරම් දොඩන බව කී හේරත් මහතා හම්බන්තොට වරාය විකිණූ වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ මහතා චෙක් පත අරගෙන පෙන්වා උදම් ඇනූ බව සඳහන් කළේය.
ඒ වගේම මූල්‍ය අරමුදලේ ණය ගැනත් උදම් අනන බව කී හේරත් මහතා රට බංකොලොත් කර අසීමාන්තිකව ණය ගන්න සිදුවීම ගැන ආර්ථිකය බාර වී සිටි අය ලැජ්ජා විය යුතු යැයි කීය.
බදු බර වැඩි කර රාජ්‍ය ආයතන විකුණා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කරුවෙක් වී තිබෙන බවද මෙය තාවකාලික පැලැස්තරයක් වුණත් තවත් ණය උගුලට හිරවීමක් පමණක් බව කීය.
නිෂ්පාදන ආර්ථිකයේ ඉහළ යාමක් වී නැතැයි ද ඇත්තටම විය යුත්තේ ආඩම්බර වීමක් නොව ලැජ්ජා වීමක් බව විජිත හේරත් මහතා සඳහන් කළේය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ණය ගැනීම ලැජ්ජාවක්
nimal rathnayaka Tuesday, 21 March 2023 02:44 PM
ලැජ්ජයි බොල මෙහෙම දේවල් දැක්කම, ජේ.වී.පී යේ බැංකු සල්ලි දීපල්ලකෝ. කෝටි ගාණක් තියනවලු නේද? බයිලා ගහන්නේ නැතුව.
වර්ණකුලසූරිය Tuesday, 21 March 2023 10:23 PM
ජ.වි.පෙරමුණේ බැංකු සල්ලි ගැන කතා කරනකොට මහදවල් බැංකු කඩපුවා, සුනාමි සහනාධාර ගැන, අශුචි නැව් ගැන, 10% කොමිස් ගැන,මල්වානේ ගෙවල්, බේබිලාගේ කෙරුවාවල් වගේ ඒවත් සදහන් කළා නම් නේද හරි මිත්‍රයා. නැතිනම් ටිකක් ලැජ්ජයි වගේ නේද?
BamunuarachchiWednesday, 22 March 2023 06:55 PM
කවුද කවදද බැංකු කැඩුවේ? බැංකු මංකොල්ල කෑවා කියන එක ජෙප්පෝ කියන සටන්පාඨයක් මිස සිද්ද උන දෙයක් නොවෙයි. සැපයුම් හා සේවා කොන්ත්‍රාත් සඳහා ලන්සු තබන කවුරුත් අර්ජුන මහේන්ද්‍ර කරපු උප්පරවට්ටි කරනවා. ඒ වගේම ස්ර්පයින් මරාගෙන කන මිනිස්සු අසුචිවලින් පොහොර හදෙක ගැන කලබල වෙන්න එපා. කව්ද හලෝ කොමිස නැතුව වැඩකරන්නේ? මෙරටේ කොමිස් නැතුව වැඩකලේ 1977 කලින්. මහවැලිය කරපු කාලේ අපල්වතු ගත්තේ කොමිස් වලින් නොවෙයිද? හලෝ ඔය ජෙප්පන්ගේ සටන්පාඨ වලට රැවටෙන පන්තියක් රටේ ඉන්නවා ඔබ ඒ පන්තියේද?.
කිරිපුතා Tuesday, 21 March 2023 02:48 PM
මෙයාලට නම් ඕනම දේකට එරෙහිව කතාවක් තියෙනවා. ඒක තමයි එයාලගෙ රස්සාව . ඊට අමතරව කළා නම් කළේ 89 කාලෙ රටේ සම්පත් විනාශ කරපු එක.
samTuesday, 21 March 2023 06:44 PM
රජයේ හෝ වෙනත් පක්ෂ පිළිබද විවේචනය නවත්වා JVP සැලසුමක් ඉදිරිපත් කරන්න. මේ JVP නායකයොත් පසුගිය දසක 4ක් තුල රජයක් පිහිටුවීමට හෝ රටේ රාජ්‍ය නායකයා පත් කිරිමට ඍජුව හෝ වක්‍රව සහ යෝගය ලබාදී ඇත.
සෞදි-සිංහ Tuesday, 21 March 2023 02:50 PM
සහතික ඇත්ත.
Kumara Tuesday, 21 March 2023 03:12 PM
රට බංකොලොත් කලේ JVP - වෘතිය සමිති සහ සංගම්
උඩුගම්පොල Wednesday, 22 March 2023 02:10 PM
මුන් තමයි රට කෑවේ නරියෝ. කිසිම දේක හොඳක් දකින්නේ නැති කුහක මිනිස්සු. රට ණය නොගෙන කොහොහොමද කරන්නේ කියලා දන්නෙත් නෑ. මුන්ට කිසිම වැඩපිළිවෙලක් ඇත්තෙත්නෑ අඩුම මාසයක් රට දුවන්න. ඉතිං රට කොහොම සංවර්ධනය කරයි ද. කට ඇරලා කියන්න බැරි ඇයි අපේ වැඩපිළිවෙල මේකයි කියලා. එහෙම එකක් නෑ නේ..
සුදත් Tuesday, 21 March 2023 03:21 PM
ලංකාව ණය උගුලක හිරකළේ චීනය.රාජපක්ෂල චීනෙන් ගිණි පොළියට ණය ගන්න කොට මේ ගොල්ලො මීක් නෑ.මෙයාලට චීනෙට බණින්න බෑ.ඇමරිකාව ජපානෙ යුරෝපෙ ලංකාවට ණය දෙනකොට තමයි අමාරුව හැදෙන්නෙ.අයිඑම්එෆ් එක ණය දෙන්නෙ ගෙවන ක්‍රමේ පෙන්නුවට පස්සෙ.ඒක වැරදිද.චීනෙ වගේ රටවල් හිර කරන්න අයිඑම්එෆ් එක ණය දෙන්නෙ නෑ.විමල් ගම්මන්පිල ජවිපෙ ඔක්කොම කරන්නෙ චීනෙට කඩේ යනඑක. චීනෙ ණය දෙන්නෙ මෙහෙමයි.ගිණි පොළිය එක්ක ණය නායකයාට කොමිස් ඡන්දෙට සල්ලි. මේව තමයි අපි ගෙවාගන්න බැරුව හිරවෙලා ඉන්නෙ.
wedageTuesday, 21 March 2023 04:15 PM
මීට කලින් 16 වතාවක් ණය අරගෙන තියෙනවද? ඉපදෙන්න ඉන්න ළමයින්වත් උකස් කරලා නේද මේ ණය ගන්නේ.
BamunuarachchiWednesday, 22 March 2023 07:13 PM
ඔහෙ ඉපදුනාම ඔබේ අම්ම තාත්තා ඔබව කුණු බක්කියකට නොදා හදා ගත්තේ රටට ලැබුන ණය වලින් මිනිස්සු ජීවත් කල නිසා. හොඳට හැදීගෙන ආපු රට 1971, 1989 ජෙප්පෝ විනාස කලේ නැතිනම් මෙරට අද දියුණුයි. ජෙප්පෝ රට කෑවා කියන එක පිළිගන්න.
යෝගා Tuesday, 21 March 2023 03:23 PM
එතකොට ගෙවල් ගිනි තියන්න, ගෝනිබිල්ලෙක් වෙන්න ලැජ්ජාවක් නැද්ද.?
prasanna Tuesday, 21 March 2023 03:24 PM
මාර බක පන්ටතයො ටිකක් තමයි ඔය මාලිමාවෙ ඉන්නෙ. ළජ්ජ වෙන්න ඔන ගෙවල් ගිනිතියන්න ,දේපල විනාශ කරන්න, මිනිසුන්ට හිරි හැර කරන පොලබවන උන්.
ANURA ROME Tuesday, 21 March 2023 03:27 PM
තොපි 71,88-89, 2022 රටේ දේපොළ ගිනි තියලා විනාස කරලා අමු අමුවේ අහිංසක මිනිස්සු ඝාතනය කරලා NGO කරයින්ගෙන් කොටින්ගෙන් ලැබෙන සල්ලි වලින්සැපවත් ජීවිත ගත කරමින් කියනව ණය ගන්න එක ලැජ්ජාවක් ලු. මේ හාල්පාරු අපතයෝ දන්නේ නැද්ද ඇමෙරිකාවත් චීනයෙන් ණය අගෙන තියෙන බව.
තොරොට්ටි මීහරකා Tuesday, 21 March 2023 03:28 PM
මේ දේශපාලන තොරොට්ටි මීහරකා කතාකරන්නෙ සලුපිලි ඉවත්කරගෙනද? දිගට හරහට ඇගේ මස් වැඩෙනව විතරයි, මොලේ වැඩෙන්නේ නෑ. ධම්ම පදය - 152 ගාථාව - මූ අයත් වෙන්නෙ ජරා වග්ගෙ ට.
ruwan Tuesday, 21 March 2023 03:35 PM
IMF එකෙන් ගන්නේ නැතුව ඔබ තුමාගේ අයද දැන් ණය දෙන්නේ එතකොට.
පිටරැටියා Tuesday, 21 March 2023 04:12 PM
ලන්කාව කාටවත්ම ණයවිය ජාතියක් නෙවෙයි .දූෂිත පවුල් පාලනේ උන් ,උන්ගේ උන්,දූෂිත දේසපාලුවෝ කරපු මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය නිසා මුලු රටම බන්කොලොත් උනා..නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා .වැඩි පොලියට ණය අරන් වැඩකට නැති දේවලට වැය කෙරුවා.
සුජිත් පල්ලෙවත්ත Tuesday, 21 March 2023 04:37 PM
"I M F යෑම හැර වෙනා විකල්පයක් තිබේද? එසේ නම් එන්න ඇවිත් මා හට පවසන්න" යයි මෙයාලට විවෘතව ආරාධනා කරන ලදි.
indika Tuesday, 21 March 2023 04:53 PM
හරි හරි ඔයාලා ඇවිත් ණය ඉල්ලන් නැතුව නිෂ්පාදනය වැඩි කරලා පෙන්නන්නකෝ. ඒ කාලේ ගිනිතියපුවත් එක්කම.
aravinda Monarawila Tuesday, 21 March 2023 05:09 PM
රාජපක්ෂ වික්‍රමසිංහගේ ප්‍රවේනි දාසයෝ කලබලවෙලා. තමන්ගේ ස්වාමිවරු රැකගන්න පෙරට එනවා. අවුරුදු හැත්තෑ පහක් රටට කළ විනාශය ගැන වචනයක් කතා නොකරන්න මේ අපූරු සත්තු අද රටෙ බංකොළොත් වෙලා තියෙද්දි තවමත් උන්ට කඩේ යනඅපූරුව දැක්ම මේ මනුෂ්යෙයා්ද කියලා හිතෙනවා.
වර්ණකුලසූරිය Tuesday, 21 March 2023 09:57 PM
දාසයෝ නොවේ කාලකන්නි. වරාය විකුණලා චෙක්පත පෙන්නලා බාල් නැටුවෙත් මුන්ම තමයි කියලා ඔය ගවයන්ට අමතකයි. 16 වතාවක් වෙච්ච දේ නැවතත් නොවෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නේ නැති එක තමයි රටේ කරුමය. රට මංකොල්ලකාලා නන්නත්තාර කරපු හොරු රැළ ඒ රට ගොඩ ගන්නවා කියලා පිළිගන්න තරම් ලංකාදීප පාඨකයන් සිටීම කණගාටුට කරුණක්.
විජේබීර Thursday, 23 March 2023 09:01 AM
මේ තවත් ගොන් ජෙප්පෙක්. උන් කරපු වැඩ අනුමත කරනවා නෙමෙයි නමුත් ණය ගන්නේ නැතිව කොහොමද මේ වෙලාවේ රට ගෙනියන්නේ. තෙල්, ගෑස් පෝලිම් -- ඒවත් එපාලු. නයට ගන්නත් එපාලු. කොහෙන්ද සල්ලි එතකොට. ඇයි කියන්නේ නැත්තේ ණය නොගෙන අපිනම් මෙහෙමයි කරන්නේ කියලා. ජෙප්පොන්ට පුළුවන් කතාව විතරයි. ජෙප්පෝ මෙච්චර කාලෙකට රටට දැනෙන වැඩකට කරලා තියෙන්නේ 89 -ජාතික දේපොළ ගිනිතියල විනාශ කරපු එකයි. වෙන්නම් නෑ.
SUNIL MILANO Tuesday, 21 March 2023 05:23 PM
එලොවටත් නැති මෙලොවටත් නැති මේ කාලකන්නි අදත් කලේ බොරුන් මහ ජනතාව අන්දමින් මුන්ගේ මඩි තර කර ගැනීමයි. කට ඇරියෝත් කියන්නේ බොරු.
මැක්ස් Tuesday, 21 March 2023 05:25 PM
රට වැට්ටුවේ වෙනින් කවුරැත් නොව ජෙප්පන් හා එල්ටීටීඊ කාරයින් බව කල්පනා කිරීමට හැකියාව ඇති අයට වැටහෙනු ඇත. එසේම ණයට කෑමය. එහෙයියන් දන්නේ හඳට ගල් ගැසීමට පමණි.
RATHNE VARESE Tuesday, 21 March 2023 05:41 PM
අපේ මවුබිම අගාධයට යනහැටි බලා ... සතුටුවෙන එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්ණි ජෙප්පො මුන් රටින් තුරන් කරයුතු ජාතියක්.
සෙනෙවිරත්න Tuesday, 21 March 2023 07:00 PM
මෙතන විරුද්ධ කතා කරනඅයට පෙනේවි තව ටික දවසකින් මේකෙ රසය, ණය අරගෙන හිර වෙලා ඒක ගොඩදාන්න තවත් ණය ගැනීම හපන්කමක් නම් ගිනි පොලී කාරයො ගොඩදාපු ණය කාරයොත් මේ රටේ ඉඳීවි. රට බංකලොත් කලේ පාලනය කල අමන පාලකයො තමන්ගෙ නෑයො ගෝල බාලයො ආයතන පිරවීම සහ තම තමන්ගේ නම පුම්බා ගැනීමට ආරම්භ කල ව්‍යාපෘති නිසා බව මේ දුර නොපෙනෙන කමන්ට් දාපු අයට නොවැටහීම මෙවන් පාලකයන්ට ආශිර්වාදයකි. 89/71 කතා දැනුත් වලංගු නම් 818 කැරැල්ලත් ඕකට හේතුවක් වෙන්න ඇති, වසර හතලිහකට කලින් දේවල් මතක් කර කරන අයට කියන්න තියෙන්නෙ මේ පාලකය සහ ඔහුගේ මාමන්ඩිය ඒ සියලුම විනාසෙට මුල බවත් ඒ සාපය රනිල් මත නුදුරේම පල දෙන බවත්ය.
බද්රානි Tuesday, 21 March 2023 10:42 PM
බල්ලෝ විජිත හේරත්ට බිරුවට, විජිත හේරත් බල්ලන්ට බුරන එකක් නම් නැහැ මගේ හිතේ..කටුකන කුක්කෝ මහපාරට ඇදලා දැම්මේ විජිත හේරත්ලා කියලනේ මේ හොරිකඩ බල්ලෝ හිතාගෙන ඉන්නේ. මොනා උනත් සුනඛයින් තම ස්වාමින්ට කොන්දේසි විරහිතව ආලේ කරන එක නම් අපට අමුතු දෙයක් නොවෙයි..ඒ තමයි සුනඛන්ගේ ස්වභාවය.. IMF ණයෙන් බල්ලන්ට කටු වැඩිපුර ලැබේවා!!
ජීවරාණි Thursday, 23 March 2023 01:29 PM
විජිත හේරත් කියන්නේ මහජන නියෝජිතයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. එයාට බල්ලා, බල්ලෝ කියන්න වටින්නේ නෑ. ඔයාගේ අදහස් කියන්න. මිනිස්සුන්ට අගෞරව නොකර. එයාල කරපු වැඩ වලට මිනිස්සුන්ට කේන්ති එනවා ඒක සාධාරණයි. නමුත්....
vipula Tuesday, 21 March 2023 11:51 PM
ජිවිත කාලෙම දේශපලනයේ හිටියට අද රටේ තත්වය ගෑන මෙලො දෑනුමක් නෑ.
mewan Wednesday, 22 March 2023 04:29 AM
කොමෙන්ට් කියවනකොට තේරෙන එකම දේ නම් මේ ගෝත්‍රිකයන්ට තව අවුරුදු 500 කින් වත් ගොඩයාමක් නැත.
සුමනසිරි Thursday, 23 March 2023 01:34 PM
කාටද විජිත හේරත්ලටද ඔව් ඒක ඇත්ත ජෙප්පෝ බොරුවට කෑ ගැහුවට උන්ට පුලුවන්ද රටක් පාලනය කරන්න. කතාව විතරයි දැන් අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ බත් කනවද. කෝ 3% විතරයි.
Bamunuarachchi Wednesday, 22 March 2023 07:05 PM
නයට ගනීම ලැජ්ජාවක්ලු? එහෙනම් අපි බැංකු වහල දාමු. මේක කොහේ ඉගෙනගත්ත එකෙක්ද?