(රංජන් කස්තුරි)
ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබන මා ර් තු මස 31 වැනි දින හෝ ඊට පෙර අදාල බැංකු වෙත ගොස් තමන්ට හිමි සහන පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
2024 වසරේ දෙසැම්බර් මස 15 වැනි දිනට පැවති ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය පදනම් කර ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කාණ්ඩ තුනක් යටතේ එම විශේෂ සහන ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
රුපියල් මිලියන 25 ට අඩු ණය සඳහා මාස 12ක සහන කාලයක් හිමිවන අතර රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ණය සඳහා මාස නමයකද රුපියල් මිලියන 50 ඉක්මවූ ණය සඳහා මාස හයකද සහන කාලයක් හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ගෙවීමට ඇති සමස්ත ප්‍රාග්ධන මුදල පදනම් කරගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නොගෙවූ පොලිය සියයට 65 40 ආදී වශයෙන් කපා දැමීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව එම ව්‍යවසායකයන් සඳහා ප්‍රාග්ධන ණය මුදලක් ලබාදීම අහිතකර ක්‍රිබ් ව ර් තා සදහා සහනයක් ලබාදීම ඇතුලු සහන රැසක් ඔවුන්ට හිමි වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය කොවිඩ් වසංගතය සහ ආ ර් ථිකය කඩා වැටීම ආදී හේතුන් මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක ව්‍යාපාර කඩා වැටුණු අතර ඹවුන්ට ණය ගෙවීමේ හැකියාවක් නොමැති වී තිබිණ.
රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට පනහකටත් වඩා වැඩි දායකත්වයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයෙන් ලබාදෙන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක්