(අනීෂා මානගේ)
තංගල්ල නගරය ආශ්‍රිතව අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සඳහා පුද්ගලයන් 43කගේ සාම්පල ලබා ගැනීම අද (27) සිදුකෙරිණි.
තංගල්ල ධීවර වරාය සහ තංගල්ල බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරිණි. තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාධිත බවට හඳුනාගැනීම හේතුවෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.
තංගල්ල ධීවර වරායේ ආරක්ෂක අංශයෙන් 2ක්, ධිවරයන් 3ක්, වෙළදුන් 3ක්, මාළු බෑමේ අත්උදව්කරුවන් 3ක්, පාරිභෝගිකයන් 3ක් සහ තවත් අයකුගේ සාම්පල ලබා ගැනිණි.
තංගල්ල බස් නැවතුම්පොළේ වෙළෙද ව්‍යාපාරිකයන් 2ක්, ත්‍රි රෝද රථ රියැදුරන් 4ක්, නගරසභා සේවකයන් 3ක්, බස් රථ රියැදුරෙක්, ඖෂධ වෙළෙදසැලකින් 1ක්, තංගල්ල ඩිපෝවේ දුරගමන් සේවා කාර්යය මණ්ඩලයේ 5 ක්, සැලුන්වලින් 2ක්, සිල්ලර සහ තොග වෙළෙදසැල්වලින් 1ක් ඇතුළු ඉලක්කගත සේවාවලින් 43දෙනකුගේ සාම්පල ඊයේ මෙලෙස ලබා ගැනිණි.
හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසිංහ සහ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තංගල්ලේ අහඹු පීසීආර් පරීක්ෂණ 43ක්