IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තංගල්ල හිටපු සභාපති ඇතුළු සිව්දෙනාගේ අභියාචනය ඉල්ලා අස් කරගනී

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )
 
 තංගල්ල ද නේචර්  හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප‍්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් දෙක  අද ( 13) ඔවුන් විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී.
  
මෙම පෙත්සම් දෙක දෙපාර්ශවයේම එකඟත්වයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගැනු ලැබිණි.
 
පෙත්සම් ඉල්ලා අස්කර ගනු ලැබු වරදකරුවන් වනුයේ  තංගල්ල ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ , ඝහිරු කැලූම් සහ ප‍්‍රගීත් චතුරංග නැමැති නැමැත්තන්ය.
 
 දෙවැනි පෙත්සම්කාර විත්තිකරු වන උඩුවනගෙදර සම්පත් දේශප‍්‍රිය නැමැත්තාගේ අභියාචන පෙත්සම ලබන ජූලි 24 වන දින විභාගයට ගැනීමට දින නියම කෙරිණි.
 
මෙම අභියාචන පෙත්සම් ශිරාන් ගුණරත්න සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා  බැලූණි.

තංගල්ල ප‍්‍රාදේශීය සබාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ , උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය , ප‍්‍රගීත් චතුරංග සහ ළහිරු කැලූම් නැමැත්තන් විසින් තමන්ට පැනවූ සිර දඬුවම ලිහිල්කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද , විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් මරණ දඬුවම දක්වා වැඩි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින්  අනෙක් අභියාචන පෙත්සම ද ගොනු කරනු ලැබීය.

2011 වසරේ දෙසැම්බර් 25 වැනදා තංගල්ල නේචර් පාක් හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය ¥ෂණය කරන ලදැයි අතුළු චෝදනා 17 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කරන ලදී.
 
නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම ,අයුතු ජනරාශිය ,මිනීමැරීම ,ස්ත‍්‍රී ¥ෂණය ඇතුළු චෝදනා එම අධි චෝදනා වලට අයත් විය.මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු විනසුරු රෝහිනී වල්ගම මහත්මිය 2014ජූලි 17 වැනිදා සිය තීන්දුව ප‍්‍රකාශ කරමින් විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කෙරිණි.
 
 මෙම තීන්දුවෙන් සම්බන්ධයෙන් අතෘප්තියට පත් දෙපාර්ශවය විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් යොමු කෙරිණි.
 
 අයුතු ජනරාශියක් වී ඇති බවට මහාධිකරණය විසින් නිගමනය කර තිබියදී නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම චෝදනාවට එක් විත්තිකරුවෙකු පමණක් වරදකරු කිරීම වැරදි බව කියා සිටින නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට නියම කළ දඬුවම් ප‍්‍රමාණවත් නැතැයි සඳහන් කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හෝ මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිය අභියාචන පෙත්සම ඉදිරිපත් කළේය.

සාක්කි දුර්වලතා මෙන්ම සිද්ධිමය කාරනා පිළිබඳව වන සිද්ධාන්තමය දුර්වලතා නොසලකා හැරීමෙන් මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇති නිසා එම තීන්දුව බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටින විත්තිකරුවන් තමන්ට නියම කළ දඬුවම ඉවත් කර නිදහස් කරන ලෙසද ඉල්ලා මෙම ඇපෑල ඉදිරිපත් කළේය.

 පළමු විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ දර්ශන කුරුප්පු මහතාද දෙවැනි විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ මංජුල මාකුඹූර මහතාද , තුන්වැනි විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ද පෙනී සිටියහ.

 නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

 



අදහස් (6)

තංගල්ල හිටපු සභාපති ඇතුළු සිව්දෙනාගේ අභියාචනය ඉල්ලා අස් කරගනී

පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 01:47 PM

මෙතරම් බරපතල ම්ලේච අහස පොලොව නුහුලන අපරාධයක් කරපු අපරාධකරුවන් උසාවියෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස. හරි පුදුම සහගත් ඉල්ලීමක්නේ මේක? මට තිබෙන බරපතලම ප්‍රශ්නය නම් මෙවන් අපරාධයකට මරණීය දණ්ඩනය නොලැබුණේ කෙසේද යන්නයි? කාලයක් මෙයාට සුදු ඩිෆෙන්ඩරයකින් බත් ඇද්දලු. දැන් ඒවා නැතුව ඇති.

:       0       641

Hafeel Wednesday, 13 March 2019 04:29 PM

ඒ පමණක් නොවේ. විත්තිකරුවන්ට ගැලපෙන නීතිපති දෙපාර්තුමේන්තුව. මෙතන නීතිපති දෙපාර්තුමෙන්තුවටත් විත්තිකරුවන්ටත් අතර තියන වෙනස මොකද්ද?

:       0       244

de silva berlin Wednesday, 13 March 2019 04:22 PM

මේ දඩුවම හොඳටම ප්‍රමාණවත් මදි, අවුරුදු 20 කට සාමාන්‍ය මනුෂ්‍යයෙක් හිරේ ගියොත්, එක එක සමාවල් යටතේ ඇත්ත වශයෙන්ම හිරේ ඉන්නේ අවරුදු 14-15 විතර, දැන් තියෙන දේශපාලන වාතාවරණය යටතේ සමහරවිට මොහුට ලැබෙන විශේෂ පොදු සමා වැනි දේවල් නිසා මොහු හිරේ ඉන්නේ ඇත්ත වශයෙන්ම අවුරුදු 10 වෙන්න පුළුවන්. එම අවරුදු 10 න ඔහු කලින් රිමාන්ඩ් එකේ හිටපු කාලේ සහ හිරේ හිටපු කාලේ එකතු කලහම දැනට ඔහු අවුරුදු 6 විතර හිරේ ඉඳලා තව අවුරුදු 4 -5 කින් මොහු අනිවාර්යයෙන්ම එලියට එනවා, එහෙම ආවහම පළාතම ඉවරයි.

:       1       452

Nihal Wednesday, 13 March 2019 04:31 PM

ඔහෙම ඉන්න. ගම්වලට ඇවිල්ලා නම් ඉන්න ලේසි නැ.

:       0       31

Jehaan Wednesday, 13 March 2019 06:41 PM

පුදුම ඉල්ලීම් !

:       0       6

KANDEPOLA Thursday, 14 March 2019 09:17 AM

'කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්...'

:       0       23

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 776 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 338 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1161 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4453 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2121 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1148 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site