IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තාත්තාගේ අඩි පාරේ යන දහම්

(ක.ග කරුණාරත්න)

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඒකච්ජන්දයෙන් තේරිපත්විය.

පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව නවනගරයේ පිහිටි බෞද්ධ සංගම් ශාලාවේදී ඉකුත් දා පැවැත්විණි. 

ඒ අවස්ථාවේදී තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දහම් සිරිසේන මහතාගේ නම යෝජනාවී ඇත. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන සංවිධානයක තනතුරක් සඳහා දහම් සිරිසේන මහතා තේරීපත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

හිටුපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරය දක්වා පැමිණි දීර්ඝ ගමන ආරම්භකර ඇත්තේ ප‍්‍රථමයෙන් පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීමෙනි.ඒ 1969 වසරේදී පමණය.



අදහස් (17)

තාත්තාගේ අඩි පාරේ යන දහම්

රයන් ගොමස් Monday, 18 October 2021 04:56 PM

පුතා දහම්, තාත්තා ගිය විදියටම යන්න එපා. තව ටිකක් ඇදේට යන්න.

:       0       16

thushara Monday, 18 October 2021 04:57 PM

තාත්තලාට පුතාලට රැවටෙන මිනිස්සු තවත් ලංකාවේ නෑ

:       0       14

ගමේ එකාලා Monday, 18 October 2021 05:01 PM

මැදමූලනේ උදවියගේ පුත්තු ටිකත් අපරාදෙ කියන්ඩ බැහැ තාත්තා ගේ අඩිපාරේ හරි අපූරුවට යනවා.

:       0       13

sharm warn Monday, 18 October 2021 05:03 PM

මෙයාගේ සහයට මර්වින්ගේ පුතාවත් ගන්න කියන්නකෝ.

:       0       13

චන්දන Monday, 18 October 2021 05:07 PM

පුතාගෙ පාර තාත්තා අහුරලා තියෙන්නේ.

:       0       7

Lalith M Monday, 18 October 2021 05:19 PM

මෙයා නේද අර බීච් එකේ පාට් දමපු වීරයා.

:       0       13

ravin Monday, 18 October 2021 05:30 PM

මේ පාර ඔක්කොම එනවා. එනපොට හොඳ නැහැ.

:       0       6

chandima Monday, 18 October 2021 05:41 PM

මේක හොඳ ඉල්ලමක් පුතේ... ඔය කරන රස්සා අතහැරලා මේකට එන්න කිව්වද?

:       0       29

nimalMonday, 18 October 2021 10:28 PM

ලබන මැතිවරණයේදී පිය පුතු දෙපලම ගෙදර. ජනතාව යලිත් පත්කරනු ලබන්නේ පවුල් දේශපාලනය සම්බන්ධ නොමැති කණ්ඩායමකි.

:       0       10

සරත් රඹුක්වැල්ල - නිව්යෝර්ක් Monday, 18 October 2021 06:18 PM

සිය පියා මෙන් කාරුණික පුද්ගලයෙක් විය යුතුයි. අවැසි වූ විට පමණක් දෙවරක් සිතා දැඩි තීරණ ගත යුතු අතර තම නමට ගැලපෙන පරිදි ජනහිතකාමී නායකයෙකු විය යුතුයි.. ඵ් සඳහා පිළිගත් උගතුන්ගේ අදහස් අනුශාසනා ගැනීම ඉතාම වැදගත්ය. පුතුනි, ඔබට ජය!

:       19       1

RaveendraTuesday, 19 October 2021 06:40 AM

මහජන මුදලින් දෙමාපියන් පිං බත් ගිලිමින් සැපසම්පත් විදිනකොට ඒ ඒ දෙමාපියන්ගේ දුදරුවනුත් නිරායාසයෙන්ම මහජන මුදලින් පිං බත් ගිලීම හා සියලු සැපසම්පත් පිනට ලබාගැනීමට පුරුදුවිම සක්කරයාටවත් වැලැක්විය නොහැක. ."මෙම අදහස් අප රටේ තිබෙන සියලුම දේශපාලන පක්ෂවලට අදාලය"... දෙමාපියන් ලොක්කන්වූ පමණින් දරුවන්ට ලොක්කන් විය හැකිද.... දෙමාපියන් ඉහලටම ඉගෙනගත් පමණින් දරුවන්ට එසේ ඉහලට ඉගෙනගත හැකිද...? දෙමාපියන් දක්ෂ ක්‍රීඩකයන්වූ පමණින් දරුවන්ට එසේ විය හැකිද ??? ස්වභාවධර්මය අනුව නම් එසේ විය නොහැකි බවය...

:       0       3

gagana Monday, 18 October 2021 06:20 PM

තාත්තාගේ පාරේ පුතාට යන්න ජනතාව පාර කපලා දෙන එකනේ පුදුමේ කියන්නේ...

:       0       14

සකලබුජංTuesday, 19 October 2021 06:54 AM

තාත්තාගේ පාරෙ යනවා නම් මෙයත් ග්‍රාම සේවක වෙලා ඉන්න ඕනි සමුපකාරයේ සැපයීම කරන්න ඕනි ඒවා දන්නවාද. තුශාර කිව්වට තාත්තලා පුතාලට රැවටුනු අය නැහැ කියලා පරම්පරා තුනක් තාත්තලාට පුතාලට පුතාලගෙ පුතාලට රැවටුනු ලක්ෂ හැට නවයක් ලංකාවෙ සිටිද්දී එහෙම පවුල් කීපයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ වතුකරයේ සිටින බව කියන්න වෙනවා

:       0       0

Ruhunu Monday, 18 October 2021 07:41 PM

හිටන් හරි කමක් නැහැ... පුතාත් 10 වෙනකොට නිදාගන්න.

:       0       22

Rama Monday, 18 October 2021 07:43 PM

පරණ ජොබ් එකට දැන් ඉල්ලුමක් නැතුවද, මේ අලුත් එකක් කරන්න ලෑස්ති වෙන්නේ...?

:       0       15

shirly Tuesday, 19 October 2021 02:13 AM

පම්පරාවෙන් පරම්පරාවට යන රැකියාවක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තියෙන්නේ?

:       0       0

sam Tuesday, 19 October 2021 05:58 AM

තාත්තගේ මුහුණමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1781 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 582 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3769 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 526 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1015 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2935 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site