IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන්ට, හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව ,හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකටද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ .

ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී පරාජයට පත්වූ මෙම මැති ඇමැතිවරුන් පිරිසට ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා බැගින් ලබා දී ඇති අතර, එම පිරිස ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අය බවද දැනගන්නට ඇත .

මේ අතර, නගර සභාවක හිටපු සභාපතිවරයකුටද වසර කිහිපයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති අතර, ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ඉවත් කර ඇත්තේ පසුගිය සතියේ බවද දැනගන්නට තිබේ .

හිටපු මැති ඇමතිවරුන්ට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය පළවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

පසුපෙළ නියෝජනය කරන, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එම උපදේශක කාර්ය සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර, හිටපු මැති ඇමතිවරුන්ට මේ ආකාරයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කුමන පදනමකින්ද යන්න ඔහු විමසා ඇතැයි දැනගන්නට ඇත .

හිටපු ආරක්ෂක ඇමතිවරුන් , පොලීසිය භාර ඇමති වරුන් ආදි විශේෂිත පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නමුත්, එසේ නොමැති පුද්ගලයන්ට ආරක්ෂාව ලබා දීම ගැටලුවක් බව ඔහු සඳහන් කර ඇත .

හිටපු ඇතැම් මැති ඇමතිවරුන් උද්ඝෝෂණ ආදියට ද, සිය ව්‍යාපාරික කටයුතු සදහාද, මෙම ප්‍රභූ ආරක්ෂකයින් රැගෙන යන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ .

එහිදී අදහස් දක්වා ඇති මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ, අදාළ කාරණය සම්බන්ධයෙන් තමා වහා සොයා බලන බවය

 



අදහස් (17)

තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Sunday, 14 November 2021 05:39 AM

ඉතිං අපිට මොකද කියන්නෙ. නීතියට වැඩ කල හැකි අයට පුලුවනි දඩුවම් කරන්න. හැමදාම රසවත් කතාන්දර කිය කිය ජනතාව මෝඩයට අන්දනවා. මේ රටේ කාටවත් මේ ආරක්ෂාව අවශ්‍ය නැහැ. එහෙම තත්වයක් දැන් රටේ නැහැ. බොරැ බිල්ලෙක් මවන තරමට තමයි වාසිය. මේවට වියදම් කරන මහජන මුදල් කෝටි ප්‍රකොට් ගනන්. අවශ්‍යම නම් අගමැතිටත් ජනාධිපතිටත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දුන්නහම ඇති. රනිල්ට, චන්දිකා සහ මෛතිට කිසිසේත්ම කිසිම ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. කවුරැවත් ඒ අය මරන්න සැලසුම් කරන්නෙ නැහැ. ඒ නිසා මෙලෙස විනාශ කරන මහජන මුදල් වලට මේ රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මේව අපට කියල වැඩක් නැහැ. අන්තිමට මේ අයත් පැරදුනහම මෙහෙම කරල අපට කියාවි අරගොල්ලොත් එහෙම කලා කියල. ඒ නිසා හොද බබාල වගේ දැන් කීතිය කියාත්මක කරන්න.

:       0       10

lamaya Sunday, 14 November 2021 05:49 AM

ඔය පල් හොරුන්ට මොන ආරක්ෂාවද.?

:       0       11

ප්‍රේමසිරි Sunday, 14 November 2021 06:23 AM

මුදල් ඇමතිවරයා කියනවා රාජ්‍ය සේවය රටට බරක් කියලා පොලිස් නිළධාරින් 85000 සිටිද්දී එයින් 40000 ක් යොදාගෙන තියෙන්නෙ දේශපාලුවො ආරක්ෂා කරන්න මෙයිනුත් එය තවත් පැහැදිලි වෙනවා ඒ අතර රජයට සම්බන්ධ සංස්ථා හා මණ්ඩල වලට වැටුප් ගෙවීමට රජයේ මුදල් යොදා ඒවායේ ලොකු ලොක්කො අතිවිශාල වැටුප් ලබනවා. රටට වැඩදායක දෙයක් නොකරන ක්ෂෙත්‍ර නිළධාරින් විශාල පිරිසක් රජයේ සේවකයින් වෙද්දී සංස්ථා හා මණ්ඩල වල වැටුප් ගැනීමට පමණක් සිටින පිරිසක් ඉන්න බව සමහරු කියනවා මේවා බරක් නැද්ද.?

:       0       22

Raveendra Sunday, 14 November 2021 06:38 AM

දියවනාව පට්ටියේ 226 පොදුවූ බිය වර්ග කීපයක් ඇත. එහි එක් ප්‍රධානතම බියක් වන්නේ ගුටිකන්නට ඇති බිය. තමන් අවංකව පක්ෂබෙදයෙන් තොරව උපන් රටේ මහජනතාව වෙනුවෙන් වැඩ කලේ නම් වැඩ කරන්නේ නම් තමන්ව මහජනතාව මෙන්ම ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරනු ඇත.

:       1       17

ගජමිතුරු Sunday, 14 November 2021 06:33 PM

රවීන්ද්‍රගේ අදහස නිවැරදියි. දවසක් මම එක් කුඩා නගරයකට ගියා අතුරු පාරකින් ඇවිත් ප්‍රධාන පාරට එනවිට ලොකු කාරයක් පාර අයිනේ නතර කර තිබුණා.. එතැනින් යන ගමන් කාරය දෙස බැලුවාම දැක්කා හිටපු කතානායක ලොකු බණ්ඩාර මැතිතුමා... හොඳ නින්දක සිටිනවා. කිසිවකු අසල සිටියේ නැහැ. එහෙනම් දේශපාලුවන් රකින්නට ආරක්ෂකයින් ඕනෑද කියලා හිතන්න කාලය හරි නේද?

:       0       11

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 14 November 2021 07:32 AM

කෝවීඩ් වසංගත කාලයේ රජයේ සේවකයන් නිවෙස්වල සිටියදී වැටුප් ගෙවන්නට රජයට සිදුවුණා. වාසි පමණක් බලාගෙන විපක්ෂය මොනවා කිව්වත් බුද්ධිමතුන් පැවැති හා පවතින යථාර්ථය වටහා ගැනීම වැදගත්. ඒත්, රජයේ සේවය බරක් නම්, පාර්ලිමේන්තුවේ පිළිවෙලක් නැති මහා වියදම් රටට බරක් නෙමෙයිද ? රටේ බොහෝ මිනිසුන් අනන්ත දුක්පීඩා විඳිනා වෙලාවක, බලයේ නැති, තනතුරු නැති දේශපාලකයන්ට කරනා මේ අනවශ්‍ය වියදම් මොන තරම් අපරාධයක් ද .. ? ජනතාව නොදන්නා මෙවන් මුදල් නාස්තිවීම් තව කොපමණක් ඇතිද ? මෙවන් රටක් නොවැටී තිබේද ? මේවා හෙළිකිරීමට කටයුතු කළ පසුපෙළ මන්ත්‍රීවරුනි, ඔබතුමන්ලාගේ අවධානය මෙවැනි මුදල් නාස්තීවීම් ගැන තව තවත් යොමුවේවා ... !!!

:       0       16

RaveendraSunday, 14 November 2021 01:24 PM

ඔබගේ අදහස් " 200%ක්" නිවැරැදිය... අවාසනාව නම් අප රටේ පුරවැසියන් වැඩිමවැඩි පිරිසක් (දේශපාලුවන්ද ඇතුළත්ව) තම පුද්ගලික වාසිය ගැන පමණක්ම හිතමින් වැඩකිරීමයි...

:       0       8

Robosinngo . Beliaththa. Sunday, 14 November 2021 08:40 AM

මේවා කොහොමවුනත්, නම් ටිකත් කිව්වානම් හොඳයි නේද.?

:       0       13

පැරකුම් Sunday, 14 November 2021 09:13 AM

ජනතා සේවය සදහා කැපවීමෙන් කටයුතු කල මෙවන් දේශ ප්‍රේමීන්ට දිවි ඇනි තෙක් මහජන වියදමෙන් ප්‍රභූ ආරක්ෂාව සැපයීමේ ඇති වරද කිම?

:       4       7

kamal Sunday, 14 November 2021 10:06 AM

තනතුරු නැති වුනත් මේ උතුමන්ලාගේ ප්‍රභූ කම නැති වෙලා නැහැනේ.

:       1       8

යෝගා Sunday, 14 November 2021 10:24 AM

නියම දේශපාලුවෝ. කිසිම ලැජ්ජාවක් නෑ.

:       0       11

nimelen Sunday, 14 November 2021 12:10 PM

ලැජ්ජා නැත්තෙ ආරක්ශාව ගත්තු අයටම නෙමෙයි. මේ රටේ බලය ඉන්න අයයි. එයාලයි මෙව්වාට වග කියන්න ඕන.. මහජන ආරක්ශක ඇමති අවුරුදු දෙකක්ම බුදියන් ඉඳලා.

:       0       4

Asanga Sunday, 14 November 2021 02:26 PM

මෙවන්නන් මුලු රටටම බරක්... මහජනතාවගේ බදුබරින් යැපෙන මොවුන්ගෙන් අයකරගත යුතුයි.

:       0       7

ගමේ එකාලා Sunday, 14 November 2021 03:35 PM

ජනතාව ගසකන දූෂිත දේශපාලුවන්ට මොන ආරක්ෂාවක්ද? ප්‍රභූවරු කියලා හිතාගෙන හිටපු කාලේ දැන් ඉවරයි...

:       0       10

සමරේ Sunday, 14 November 2021 07:53 PM

මේ අයගේ නම් දමන්න. ඔයින් කී දෙනෙක් එන අඟහරුවාදා සජබ උද්ඝෝෂණය සඳහා එනවද කියලා දැනගන්න අපිට අයිතියක් තියනවා කියලා මම හිතනවා. මොකද ඔය ආරක්ෂකයින්ගේ වැටුප් ගෙවීම සඳහා මහජන මුදල් යොදාගන්නා නිසා....

:       2       5

sharm warn Monday, 15 November 2021 08:50 AM

කොහොමත් රටේ මහජන මුදල් කාබාසිනියා කරන්නේ නැත්තේ, වෙන්නෙත් දියවන්නාව හරහා තමයි.. බත්කන හරකුන්ට නම් ඕවා තේරෙන්නෙත් නෑ.. තේරුණත් පිළිගන්නෙත් නැහැ.. ඒ නිසා රට දවසින් දවස විනාශ වෙන එක නවත්තගන්නත් අමාරු වෙලා තියෙන්නේ...

:       0       2

Siri Tuesday, 16 November 2021 08:17 AM

බැසිල්ට පුළුවන්නේ ඕවට යන වියදම් දාලා අය වැය පියවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 890 2

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 407 1

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 461 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 488 1

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 4067 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 679 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 744 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 363 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 513 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site