(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් බිමට වැටී පුද්ගලයකු අද (03) අලුයම මියගොස් ඇතැයි අඟුලාන පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පදිංචිව සිටි (24) රසික සම්පත් මාටින් නමැති ධීවරයෙකි.
ඔහුගේ බිරිඳගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම මරණකරු අලුයම 2ට පමණ සයවැනි මහලේ පවතින මළගෙදරකට යාමට පිටත් ව ඇතැයි පොලිසිය පැවසීය.
රාත්‍රියේ නිවසට පැමිණෙන අවස්ථාවන්වලදී නිවැසියන්ගේ නින්දට බාධාවක් නොවන පරිදි මෙම පුද්ගලයා කොරිඩෝව දිගේ පැමිණ තුන්වන මහලේ ජනේලයෙන් නිවසට ඇතුළු වීම පුරුද්දක් ලෙස සිදු කරන බව ඔහුගේ නිවැසියන්ගෙන් ලද කටඋත්තරයේ සඳහන් බව පොලීසිය පැවසී ය.
අනතුර සිදු වු දිනද සුපුරුදු ලෙස ජනේලයෙන් නිවසට පැමිණීමේ දී මොහුට යම් අනතුරක් සිදුවූයේ ද එසෙත් නොමැති නම් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න බව සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් අඟුලාන පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රංජිත් පොලිස් සැරයන් ප්‍රසන්න යන නිලධාරීහු සිදු කරති.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කෙරෙන කමිටුව සඳහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අගව
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තම
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත.
ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමට පටන් ගෙන ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) පැවසීය .
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයව
හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තුන්වැනි මහලෙන් බිමට වැටී ධීවරයා මරුට
Bunny Preena Monday, 03 April 2023 12:57 PM
පුදුම නිවැසියන් පිරිසක්නේ ඉඳලා තියෙන්නේ.එවැනි අනතුරුදායක දෙයක් කරන්න තරුණයාට ඉඩ දුන්නේ තරුණයාගේ ජීවිතයට වඩා තමන්ගේ නින්ද ලොකු නිසාද?හනේ මෙහෙමත් ආත්මාර්ථකාමී මිනිස්සු