(ඩයනා උදයංගනී)
රට පුරා පාසල්වල තුන්වන වාරය දැනට තීරණය කර ඇති පරිදි ලබන 23 වැනිදා ආරම්භ කරන්නේද යන්න ගැන අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව යැයි අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මෙම තීරණය ගනු ලබන්නේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්‍ෂිතභාවය මෙන්ම ඔවුන්ගේ අනාගතය පිළිබඳවත් සිතා යැයි ද අධ්‍යාපන අමාත්‍යන්‍රයා සඳහන් කළේය.
තුන්වන වාරය ආරම්භ කිරීමට තිබුණේ නොවැම්බර් 9 වැනිදා වුවත් රටේ පවතින කොවිඞ් 19 තත්ත්වය නිසා සති දෙකකින් කල්දැමීමට රජය තීරණය කළ බැවින් දැනට නියමිත දිනය වන්නේ නොවැම්බර් 23 වැනිදා බව ද ඇමතිවරයා කීවේය.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් හා පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පාර්ශවයන්ගේ ද අදහස් ලබාගෙන ඒ සියල්ල සැලකිල්ලට ගෙන තුන් වන වාරය 23 වැනි සඳුදා ආරම්භ කරන්නේ ද යන්න තීරණය කරන බව ඇමතිවරයා පැවසීය.
දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්‍ෂිතභාවය මෙහිදී ඉතා වැදගත්. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගත යුතුයි. එමෙන්ම දරුවන්ගේ අනාගතයත් වැදගත් යැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි