IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


තනි රෝදයෙන් යතුරුපැදි පැදවූ තරුණයන් හයක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
                                 

දෑත් දෙපසට විහිදුවා තනි රෝදයෙන් යතුරුපැදි පැදවූ තරුණයන් 6 දෙනෙකු පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි. 
                             

මාර්ගයේ ගමන් ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අයුරින්  තරුණයන් පිරිසක් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාට  දුරකථනය හරහා ලද  ලද තොරතුරක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 
                            

එම වැටලීම සිදු කිරීමට පෙර පොලිස් උපාය දූතයකු එම ප්‍රදේශයට පිටත්කර යැවූ ස්ථානාධිපතිවරයා තරුණයන් පිරිස ඒ ආකාරයෙන් යතුරු පැදි පදවන අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කිරීමට ද  අමතක නොකළහ. 
                               

අනතුරුව එම ප්‍රදේශ ආවරණය වන පරිදි රථවාහන අංශයේ නිලධාරීන් යෙදූ ස්ථානාධිපතිවරයා එලෙස අනාරක්ෂිත අයුරින් යතුරු පැදි තරුණයන් පිරිස  යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය. 
                   

පොලිසිය භාරයට ගත් යතුරුපැදි පරික්ෂා කිරීමේදී  ඇතැම් යතුරුපැදිවල පිටුපස රෝදයේ ඉහළින් සවිකර තිබෙන මඩ් ගාඩ් ද  ගලවා තිබෙන අයුරු දැකගත හැකි වු බවත්  ඔවුන් එසේ කර ඇත්තේ තනි රෝදයෙන් ගමන් කිරීමේ පහසුව සඳහා බව එම තරුණයන් ගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය  .  
 

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් පොලිස් ඇප මත මුදාහැර ඇත. 



අදහස් (12)

තනි රෝදයෙන් යතුරුපැදි පැදවූ තරුණයන් හයක් අත්අඩංගුවට

hira Tuesday, 22 December 2020 08:53 AM

ජා-ඇළ පොලීසියට කියන්නේ, ඒකල නිවාසිපුර ඇතුළෙත් මේ වගේ පාර්ට් දාන කොල්ලෝ ගොඩක් ඉන්නවා හවසට... එකෙක් මැරෙන්න කළින් සෝදිසියෙන් හිටියා නම් හොඳයි නේද?

:       0       0

Kamal Koyrala Tuesday, 22 December 2020 08:56 AM

මේ අයට දක්ෂතා පෙන්වන්න ක්‍රීඩා ඇමැතිට කියලා කටුකුරුන්දේ වෙලාවක්, ස්ථානයක් හදලා දෙන්න.

:       0       0

kusal Tuesday, 22 December 2020 10:00 AM

මෙ සියලු දෙනාම අනිවාර්යයෙන්ම මත්පැන්... මත්ද්‍රව්‍ය පරීක්ෂණවලට යොමුකළ යුතුයි.

:       1       18

sharm warn Tuesday, 22 December 2020 10:04 AM

ඇප මත මුදා හරින්න නම් මොකටද අත්අඩංගුවට ගත්තේ? මුදා හැරියාම පාඩමක් ඉගෙන ගන්නවද මේ අය?

:       0       0

asanka Tuesday, 22 December 2020 12:33 PM

මෙවැනි දේ ඉදිරියට කරන්නට බලාපොරොත්තු වී සිටන උදවියට පාඩමක් ලෙසට, මේ අයට අවම වශයෙන් 6 මාසයක්වත් සිර දඬුවමක් දිය යුතුයි.

:       0       0

විජිත් Tuesday, 22 December 2020 01:11 PM

සමාජයෙන් කොන්වීම යන මානසික ව්‍යාධිය නිසා ඇතිවන හීනමානය නිසා ඇතිවන තත්වයක් මේ. තමන්වෙත අනුන්ගේ අවධානය යොමුකර ගැනීමට ඔවුන්ගේ යටිසිත විසින් ඇතිකරන පෙළඹවීමක් ලෙස මෙය මනෝවිද්‍යාඥයින් විග්‍රහ කරනවා. මොවුන් නිසා සමාජයේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අවස්ථා තිබෙනවා. අහිංසක ජිවිත කීයක් මෙවැනි මානසික රෝගීන් නිසා අකාලයේ මියගොස් තිබෙනවාද..? පොලිසියටත්, අධිකරණයටත් විශේෂ වගකීමක් තිබෙනවා මෙවැනි හීනොන්මදයෙන් පෙලෙන මානසික රෝගීන් සුදුසු ප්‍රතිකාර සඳහා මානසික රෝහල්වලට යොමුකිරීමට. ඒ වගේම මෝටර්බයික් එක අනිවාර්යයෙන්ම රාජසන්තක කලයුතුමයි. නැතිනම් ඔහු හෙටත් මහපාරේ මේ සෙල්ලම් දමනු ඇත. මානසික රෝගීන් රැසක් විසින් පාලනය කරන රටක මිනිසුන් මානසික රෝගින්විම නැවැත්විය හැකිද...?

:       0       3

de silva Tuesday, 22 December 2020 02:10 PM

කරුණාකර මොවුන්ගේ රියදුරු බලපත්‍ර අවම වශයෙන් වසරක කාලයක් වත් අත්හිටුවන්න. මෙම වරද දෙවැනි වරටත් කළොත් යතුරු පැදිය රාජසන්තක කර, රියදුරු බලපත්‍ර අහෝසි කර මොවුන් හිරෙ දමන්න.

:       0       14

Thasanka Tuesday, 22 December 2020 08:07 PM

මේක මහපාරේ කිරීම වරදක්.. එ්කට හැමදාම උසාවි දාලා හිරිහැර කිර්මට වඩා, ක්‍රීඩාවක් වශයෙන් මේක දියුණු කරන්න පුළුවන් නම් නාමල් රාජපක්ෂ තරුණ ඇමතිතුමාට හිත්පහළ වේවා..!!! අපේ රටේ මේවා කරන්නේ රස්තියාදුකාරයින්, කුඩ්ඩන්, කියලනේ පිළිගැනීම. ඊට පස්සේ පාරේ පදින අය අල්ලලා හම ගහන්න ඕනේ.

:       0       0

කමල් Wednesday, 23 December 2020 01:54 AM

අපේ ගමේ ඔහොම ගියා එක අයියා කෙනෙක් සහ මල්ලි කෙනෙක්... අයියා කකුල දණහිස ළඟින් දෙපොලක් කඩා ගත්තා අවුරුද්දකට විතර කලින්, මල්ලි කකුල සහ අත කඩාගෙන ඇන්ටනා කූරු දාගෙන ඉන්නවා දැන් මාස 06ක ඉඳලා. ඒ ගොල්ලන්ගේ සෙල්ලම් නම් එතැනින් නතර වුණා.

:       0       0

chandima Wednesday, 23 December 2020 02:02 AM

පොලිස් ඇප මත මුදාහැර ඇත කියන්නේ ප්‍රභූවරුන්ගේ පුත්තු වෙන්න ඇති....

:       0       0

Bamunuarachchi Wednesday, 23 December 2020 02:03 AM

තනි කකුලෙන් යන්න කකුලක් කඩන්න. මොකද මොවුන්ට වැරදුණොත් පාරේ යන මිනිසුන්ගේ අත පය කැඩෙන නිසා..

:       0       0

Asanka Wednesday, 23 December 2020 05:15 AM

මීට මාසයකට කළිනුත් තනිරෝදෙන් පැදපු හින්දා අහිංසක දරුවෝ 03 දෙනෙක්ම නැතිවුණා. කාලකණ්ණි තමයි මේ වගේ වැඩ කරන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1508 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 276 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 538 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3674 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 543 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2790 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site