IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


තාප්පයක් කඩා වැටී දස හැවිරිදි සිසුවෙක් රෝහලේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විජේරාම හන්දියේ පිහිටි මහරගම   ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය  අසළ  අනාරක්ෂිත මායිම් තාප්පයක්  (16) දා  දහවල් 12 .30 ට පමණ කඩා වැටීමෙන් එම පාසැලේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවකු  තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .

අනතුරින් තුවාල ලැබූ එම පාසැලේ 4 වසරේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවාගේ පාදයකට දෙ අත් වලට හා සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව ඇති බවත් ඔහුගේ තත්ත්වය  සාමාන්‍ය බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.

මහරගම විජේරාම හන්දිය  ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ ගායකයකුට අයත් නිවසක අඩි හතළිහක් පමණ දිගින් යුත් අනාරක්ෂිත තාප්පයක් මෙසේ කඩා වැටි ඇති බව එම පාසැලේ මාපියෝ කියති.

එම තාප්පය අඩි හතළිහක් පමණ දිගින් යුක්ත වන අතර  අඩි පහළොවක් පමණ උසින් යුත් මෙම තාප්පයට කොන්ක්‍රීට් බීම් හෝ ලින්ටල් නොයොදා ඉදිකිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවත් වසර හතළිහක් පමණ පැරණි මෙම තාප්පය අනතුරුදායක බැවින් එය ඉවත් කරන ලෙසට  අවස්ථා කිහිපයකදී නිවසියන් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම අනතුර වූ බවත් පාසලේ දෙමාපියන් චෝදනා කරති.

අනතුරින් සිසුන් භාවිතා කරන කැසිකිළි පද්ධතිය හා ආචාර්ය මණ්ඩලය භාවිතා කරන වැසිකිලි වැසිකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අනතුර වන අවස්ථාවේ දී සිසුන් තිදෙනෙකු කැසිකිලිය භාවිතා කරමින් සිට ඇති අතර එක්වරම අඩි පහළොවක් පමණ උසින් යුත් තාප්පය සිසුවාගේ ඇග මතට වැටී මෙම අනතුර වී තිබුණි.

අනතුරත් සමග ආචාර්ය මණ්ඩලය හා මාපියන් එක්ව දරුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පැවසේ.

යම් හෙයකින් මෙම අනතුර විවේක කාලය තුළදී සිදු වූයේ නම් මීට වඩා විශාල අනතුරක් සිදු වන්නට ඉඩ තිබූ බව මහරගම ජනාධිපති  විද්‍යාලයේ  විදුහල්පති  සරත් අධිකාරී මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් දැනුවත් කොට ඇති අතර ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි.

සිද්ධියෙන් පසුව  මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ස්ථානීය පරීක්ෂණයක් සඳහා පාසලට පැමිණ සිටිනු දක්නට ලැබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය ඉදිරි  පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තාප්පයක් කඩා වැටී දස හැවිරිදි සිසුවෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිසතෙල් ගෑමේ නැකත අද
2025 අප්‍රේල් මස 16 55 0

සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ ද


පළාත් කීපයකට අදත් තද වැසි
2025 අප්‍රේල් මස 16 26 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහ


දියේ ගිලී දෙදෙනෙක් මරුට
2025 අප්‍රේල් මස 16 71 0

පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ
2025 අප්‍රේල් මස 16 560 0

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.


ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම
2025 අප්‍රේල් මස 15 1594 0

ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.


සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග මෙන්න
2025 අප්‍රේල් මස 15 852 0

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 141 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 933 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site