(යොහාන් භාසුර)
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ආනයනය කළ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක් ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවසීය.
මදුරේහි ලියාපදිංචි නොකළ සමාගමකින් ආනයනය කර ඇති මෙම බහලුම් තුන ප්‍රශ්න සහගත බවත් ආනයන කරන අවස්ථාවේදී බාරදී ඇති ලිපි ලේඛණවල සඳහන් ආනයනකරුගේ ලිපිනය ද සැක සහිත බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියකු පැවසීය.
මෙම බහලුම් තුනේ පොහොර කිලෝ 77881.41 ක ප්‍රමාණය කොළඹ 12 ප්‍රදේශයේ සමාගමකින් ආනයනය කර ඇති බවත් එම බහලුම් ඔරුගොඩවත්ත ග්‍රේලයින් බහලුම් පර්යන්ථයේ ගබඩා කර තිබේ.
මෙම කාබනික පොහොර තොගය ආනයන කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු බලපත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවත් ශාඛ නිරෝධායන නීතියට අනුව මෙම පොහොර තොගයෙන් සාම්පල් ලබාගෙන පරීක්‍ෂා කර නොමැති බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියා පවසයි.
ශ්‍රී ලංකාවට ක්ෂුද්‍ර ජීවින් සහ විවිධ දිලීර වර්ග ඇතුල්වීම වැලැක්වීම සඳහා 1999 ශාඛ ආරක්‍ෂණ පනත යටතේ කාබනික පොහොර ආනයනය තහනම් කර තිබේ.
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තමිල්නාඩුවෙන් ගෙනා කාබනික පොහොර රේගුවේ හිරවෙයි
Nuwan Monday, 21 June 2021 03:01 PM
අනික් රටවල ජරාව ගෙනැල්ලා දාලා කාපල්ලා අපේ රටේ පොළවත්.... බොන්න තිබුණු වතුරත් ඉවරයි...
siripala Monday, 21 June 2021 04:30 PM
වෙනත් රටවල තිබෙන්නා වූ විෂ සහිත කාබනික ද්‍රව්‍ය සහ විලෝපිතයන් රටට ගෙන්වාගෙන මේ කරන්න යන්නේ කුමක්ද? ඉන්දියාවට කාබනික නිපදවීමට හැකිනම් ලංකාවට නොහැකි මන්ද? රජයේ කතාව දෝලාවෙන්... ගමන පයින්..
ලලිත් එම් Monday, 21 June 2021 07:06 PM
මම රතුපස්වල... 2013 දී හොඳම වතුර තිබූ අපේ පළාතේ ළිං වතුර විනාශ කළා හිතවත් සමාගම් මගින් පවත්වාගෙන ගිය කම්හලක් නිසා... මේ කාබනික මේනියාවෙන් මොනවා වෙයිද මේ ජරාව ගෙනාවොත්?
Don Monday, 21 June 2021 03:23 PM
සර්ගේ සංකල්ප හින්දා රට වලපල්ලට යනවෝ... මරු රටෙන් ගෙනැල්ලා තියෙන්නේ...
තිලක් Monday, 21 June 2021 03:24 PM
කාබනික කසල කමුද?
Malika Monday, 21 June 2021 04:09 PM
ඉන්දියාවෙන් කොරොනා එන්න පුලුවන් අවදානමක් නැතිද මේකෙන්..? වගකිවයුතු අය මේ ගැන හොයා බැලුවොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ...
aseMonday, 21 June 2021 04:50 PM
දැනුමක් තියන, කාසි කෑදර නැති කෙනෙකුට කියන්න, මගේ අදහස " නන්දේ වන්දේ ගෝ.. ගෝ... "
සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 June 2021 04:21 PM
අපේ රටේ කුණු කඳු ගණන් තිබියදී ඒවායින් කොම්පෝස්ට් හැදීම පසෙක තබා, තමිල්නාඩු වෛරස්, විෂබීජ හා දහජරාව අඩංගු කොම්පෝස්ට් පොහොර අප රටට ගෙන්වීම ගැන සැබැවින්ම ලැජ්ජා විය යුතුයි. පිටරටවල දහජරාව ගෙන්වාගන්න පුළුවන් නම්, මේ දේශපාලකයන් තවතව විෂබීජ හා වෛරස් ගෙන්වා රට වනසා දමාවි. බොහෝම කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්...!!!
කිරිපුතා Monday, 21 June 2021 04:22 PM
ඉතාම ප්‍රවේශමෙන් නීතිමය කටයුතු කරගෙන යාවි යැයි විශ්වාස කරමු. මාධ්‍ය ඒ පසුපස හිදීවි. රටටම මහාවිපතක් විය හැකියි...
fairoosMonday, 21 June 2021 05:39 PM
කිරිපුතා බලාගෙනම ඉන්න. නීතිය ක්‍රියාත්මක වෙයි.
සාරාMonday, 21 June 2021 06:17 PM
කිරිපුතාගේ විමසිලිමත් බව අගය කරමි...
ගැමුණු Monday, 21 June 2021 04:57 PM
කිසිම බලපත්‍රයක් නැතුව, ලියාපදිංචි නොකළ සමාගමකින් ගෙන ආ පොහොර රඳවා ගෙන ඇත.'ලිපියේ එසේ පවසා ඇතත්, අදහස් දක්වා ඇති බුද්ධිමතුන්ට එය කියවා අවබෝධ කරගන්නේ වත් නැත.. නිරතුරුවම ලිවීමට උත්සාහ ගන්නේ මැක්කාගේ රචනය ලිවීමටයි.
Prase Monday, 21 June 2021 06:32 PM
නියමෙට රට හදනවා...
ලලිත් එම් Monday, 21 June 2021 06:59 PM
දකුණු ඉන්දියාවේ තියෙන තරම් බැරලෝහ සහිත වස මෙහෙ දමන්න ආණ්ඩුව ගහපු ගැටේද කාබනික වගාව කියන්නේ? වගකිව යුතු සේරම අය නොපනත්කම් කරලා සල්ලි හම්බ කරන්න එපා. කැතයි.
Kirthi Tuesday, 22 June 2021 05:14 AM
ඉන්දියාවේ දහජරාව ලංකාවට ගෙනැල්ලා කරන්න හදන අපරාදේ මොකද්ද? ලංකාවේ කුණු මදිවටද ඉන්දියාවෙන් ගේන්නේ? ඔය කුණු අතරේ කොරෝනාවේ අලුත් ප්‍රභේදත් තියෙන්න පුළුවන්...!
Bamunuarachchi Tuesday, 22 June 2021 08:34 AM
රට ඇතුලට ගන්න දෙන්න එපා. අනුමාන කරනවා ඕවා ගෙන්වන්නේ රටක්, ජාතියක් නැති අහවල්ලු කියලා..
Withanaarachchige chandrasiri Tuesday, 22 June 2021 11:01 AM
තමිල්නාඩුවෙන් කාබනික පොහොර ගෙනාවේ කව්ද? ඊට අවශ්‍ය නීතී රීති සපුරා තිබේද? ඊට රජයේ අනුමැතිය ලැබුණාද? ඇත්තටම මේ ගෙනත් තිබෙන්නේ කාබනික පොහොරද?
sampath Thursday, 24 June 2021 07:42 PM
රසායනික පෝර ගේනවා නම් මොකද වෙන්නේ? විදේශ විනිමය දීලා කුණු ගොඩවල් ගේන්නේ මේවා කාගේ උගුල්ද? අස්වැන්නත් අඩුයි. පොළවත් ඉවරයි. විදේශ විනිමයත් ඉවරයි. මොකද තියෙන වාසිය...?