පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුටම මේ වන විට කොවිඞ් -19 වයිරසය අසාදනය වී තිබෙන බැවින් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් තම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නොවන මට්ටමින් උපදෙස් දී ඇතැයි ඬේලි මිරර් පුවත් පත වාර්තා කරයි. තමන්ට කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් විමසිලිමත්වන ලෙසත් හැකි ඉක්මනින් තමන්ගේ වෛද්‍ය නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
මෙම උපදෙස්වලට අමතරව, මේ සතියේදී කිසිම මහජන උත්සවයකට සහභාගි නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පළමුවෙන්ම කොවිඞ් -19 ආසාදිත මන්ත්‍රීවරයා වූ අතර පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාටත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටත් කොවිඞ් වයිරසය අසාදනය වී ඇති බව තහවුරු විය. මේ අතර තවත් මන්ත්‍රීවරු 32 දෙනකුට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලැබී ඇතැයිද ඬේලි මිරර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
පාර්ලිමේන්තු සේවකයන් කොටසක්ද මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අතර පාර්ලිමේන්තු සභා ගර්භය ඊයේ සවස විෂබීරහරණය කරන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනකුට නිරෝධායනය වන ලෙස උපදෙස් ලැබී ඇති නමුත් ඉදිරියේදී එය තවත් ඉහළ යා හැක්කේ වාසුදේව නානායක්කාර මහතා පසුගිය සතියේ පැවැති සියලුම පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වූ හෙයිනි.
ආසාදිත මන්ත්‍රීවරුන්ගේ පළමු පෙළ සම්බන්ධිතයන් සියලු දෙනාම පාහේ මේ වන විටත් හඳුනාගෙන තිබෙන නමුත් ඔවුන්ගේ දෙවැනි පෙළ සහ තුන්වැනි පෙළ සම්බන්ධිතයන් සියලු දෙනාටම පී.සී.ආර්. හෝ ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂාව කරගන්නා ලෙසත් උපදෙස් දී තිබේ. ඔවුන් සියලු දෙනාටම මහජනයා අතර ගැවසීම නොකරන ලෙස තදින්ම උපදෙස් දී තිබෙන අතර තවත් දින 7 කින් පසුව නැවත වරක් පරීක්‍ෂණ වලට මුහුණ දෙන ලෙසත් උපදෙස් දී තිබේ.
පළමු පෙළ සම්බන්ධිතයන් ලෙස තෝරාගනු ලැබ ඇත්තේ රවුෆ් හකීම් සහ වාසුදේව නානායක්කාර මහතා සමග පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ ගමන් කළ අය සහ ආහාර ගැනීමට වාඩි වූ අයයි. එසේම මන්ත්‍රීවරුන්ට අතට අත දුන් අය සහ පාර්ලිමේන්තු රැස්වීම් වලදී ඔවුන් සමග අසළින් අසුන් ගත් අයයි.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තම තමන් ගැන බලාගන්නා ලෙස මන්ත්‍රීවරුන්ට උපදෙස්