(අංජුල මහික වීරරත්න)
පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
සුදු මැස්සා කහ වර්ණයට දැඩි ආකර්ශනයක් දක්වන හෙයින් සුදු මැස්සාගේ හානිය පොල් වගාවට වඩා තැඹිලි වගාවට වැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මෙම හානිය හේතුවෙන් තැඹිලි අපනයනයෙහි සියයට 36ක අඩු වීමක් සිදු වී ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්හ.
පසුගිය වර්ෂවල පැවැති දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වය සුදූමැස්සාගේ ව්‍යාප්තිය උග්‍ර කිරීමට හේතුවිය.
2023 වර්ෂයේ දී රුපියල් මිලියන 80ක වියදමින් සුදු මැස්සා මර්දනය සදහා කොහොඹ තෙල් නිස්සාරණය පොල් හා තැඹිලි වගාවට යෙදීමට පියවර ගැනීම නිසා සිදුවීමට ගිය විශාල වගා හානියක් වලක්වා ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
දැනට වසරකට තැඹිලි කන්ටේනර් 200ක් එනම් තැඹිලි ගෙඩි මිලියන 15ක් පමණ අපනයනය කරන අතර එක් ගෙඩියක් ඩොලර් ශත 80ක් එනම් රුපියල් 250ක ආදායමක් ලැබෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තැඹිලි අපනයනට ’’හෙනහුරෙක්’’
Lalla Monday, 17 June 2024 12:51 AM
පොල් පර්යේෂණ ආයතනය, වගාකිරීමේ මණ්ඩලය, සංවර්ධන මණ්ඩලය කියල පොල් කාලේ ජීවත්වෙන ආයතන තුනක ආචාර්ය මහාචාර්ය රොත්තක් කෝටි ගණන් වැටුප් දීමනා පර්යේෂණ අරමුදල් කමින් බොමින් මොනවද කරන්නේ. රෝග පලිබෝධ වලට ඔය අයට උත්තර හොයන්න බැරිනම් අර ඉස්සර අල මහත්තය කියන බොහොම සාමාන්‍ය පුද්ගලය අර්තාපල් වගාව ලංකාවේ ව්‍යාප්ත කලා වගේ පොල් වල ප්‍රශ්න සාමාන්‍ය ජනතාවට විසඳගන්න කියමුද? ඒ අතර අර සුදු අලි පිරුණ පොල් සම්බන්ධ ආයතන තුන එකක් කරල හොරු ගෙදර යවන්න.
සිරිමල් Monday, 17 June 2024 03:18 AM
ගොඩක් අය ආස රන් තැඹිලි වලට. මම නම් ආස ලොකුම ලොකු රසම රස ගොන් තැඹිලි වලට.
Naleen Monday, 17 June 2024 10:00 AM
ඔය පොල් සංවර්දන මණ්ඩලයේ දුරකථන ක්රියාකරුගෙන් එහාට යන්න මට දවස් තුනක් ගියා. අද මිස් නැහැ, මිස් පොඩ්ඩක් එලියට ගිහින්, පස්සේ කතා කරන්න. කිසිම දෙයක් නොකර බොලේ එහාට මෙහාට පාස් කරනවා. පස්සේ මම ඩිරෙක්ටර් ට කතා කරලා ඇහුව තමුන්ගේ යටතේ ඉන්නේ මිනිස්සු කිසිම වැඩක් නොකරන කාලකන්නි කියල දන්නවද කියල. මනුස්සය මට කියනවා මේක ලංකාවනේ ඉතින් මොනවා කරන්නද කියල. හැමදේටම දේශපාලකයන්ට බනින මිනිස්සු, තමන්ගේ රස්සාව මුලින් හරියට කරලා ඉන්න ඕනේ. නැත්නම් රජයේ සේවයට ගිහින් පින් පඩි අරන් එන ආත්මේ බල්ලෝ, පෙරේතයෝ වෙලා තමයි ණය ගෙවන්න වෙන්නේ.