(සනත් ගමගේ )
හම්බන්තොට පොලිස් බල ප්‍රදේශයේ බූන්දල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට රුහුණු රිදියගම විලියම් මාවත පදිංචි අශේන් කාවින්ද ගුනසේකර (31) විවාහක පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා වෙනත් ප්‍රදේශයක සිට බුන්දල කැලෑබද ප්‍රදේශයේ මාර්ගයක් අසලට රැගෙන විත් එම ස්ථානයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධව හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාසීසීටීවී කැමරා සවි කරන පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පරීක්ෂණ පවත්වන හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතා කීය.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තියුණු ආයුධයකින් ගෙල කපලා
Udhuli Tuesday, 28 March 2023 01:11 PM
බල්ලෝ බළල්ලු ගානට දැන් මිනිස්සු මරන්නේ. මිනිස්සු සත්තුන්ටත් එහා ගිහින්.මේවට මුලිකම හේතුව මිනිස්සු ආගමෙන් ධහමෙන් ඇත් වීමයි. අනික ගුණ ධහමින් තොර අධ්‍යාපන ක්‍රමය. මියගිය සොයුර ඔබට නිවන් දක්නා තුරු මෙවන් රුධුරු මටනයක් ඇත් නොවේවා... නිවන්සුව ලැබේවා ඔබට.!
Hafeel Tuesday, 28 March 2023 01:16 PM
රටේ නීතිය වල් වෙලා. දිනපතා නරක ආරංචි වැඩි වෙනවා මිස අඩුවීමක් දැක්නට නැහැ. ගිය සතියේ එක් පුද්ගලයකුගේ අත් දෙකම වෙන් වෙන්නට කපා, නැවත බද්ධ කරන්න බැරි විදියට අරගන ගිහින්. ඒ තරමට රටේ අපරාධය වෙඩි වෙලා. රටේ නීතිය හා සාමය ඇමතිට තියන චෝදනාවට ඔහු කිසිසේත්ම මේ තනතුරට සුදුසු නැහැ. පොලීස් සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා රටේ අපරාධ වැඩි වෙලා. නීතිපති දෙපාර්තුමේන්තුව පිල්ලයාන් ඇතුළු බොහෝ අපරාධකරුවන්ගේ විභාග වූ නඩු ගණනාවක් දේශපාලන උවමනා මත ඉල්ලා අස්කරගන තියන්නේ. ඩයනා ගමගේ රටේ ආගමන නීතිය කඩ කළා කියල ප්‍රමාණවත් සාක්ෂි තියද්දෙත්, ඔහුව අත්අඩංගුවට ගන්න බැරි කොන්දක් නැති පොලීසිය මේ රටේ තියන්නේ.
kamal Tuesday, 28 March 2023 04:06 PM
ඔය ඉතින් දකුණේ උදවියගේ හැටි තමා.