(එස්. ඩි.කොඩිකාර )
තියුණු ආයුධයකින් ගෙළට පහර දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (26) මොරවක අලපලාදෙණිය ප්‍රදේශයේ ඔහු ජීවත්වන නිවස ඉදිරිපිට තිබියදී සොයාගත් බව මොරවක පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ (41) හැවිරිදි කොටපොළගේ සුසන්ත ප්‍රේමරංජන් නැමති ඊදඬුකිත ජනපදය , අලපාලාදෙනිය ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් පෙදරේරුවකු බව පොලිසිය කියයි .
ඝාතනයට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
මරණකරු විවාහක බිරිඳගෙන් මීට වසරකට පහකට පමණ ඉහත දී වෙන්න ඔහුට අයිති නොවන වෙනත් පුද්ගලයකුට අයත් නිවසක වාසය කරන බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත .
මරණකරු අද (26) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන දික්කසාද නඩුවකට පෙනී සිටීමට නියමිතව තිබූ බව පොලිසිය පවසයි .
මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනආරච්චි මෙනවිය සිද්ධිය වූ තැනට පැමිණ ස්ථාන පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහල වෙත යවන ලෙස නියෝග කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් .එල්. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති අශෝක අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටි
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරම
උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය
ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ අයකුගේ සිරුරක් හමුවෙයි