IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දියානුවා අල්ලන්න පොලිසි යයි

(යොහාන් භාසුර)

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් මහනුවරට ගොස් ඇති බව වාර්තාවේ.

තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර ඇති බව ද දැනගන්නට තිබේ.

චෝදනාව එල්ල වී ඇති ඉන්දීය ජාතිකයා මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායමක අයිතිකරුවකු බවත් ඔහු විසින්ම අදාළ ක්‍රීඩකයාට තරග පාවාදීමට යෝජනා කර ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ.

මහනුවර බලා පිටත්ව ගොස් ඇති පොලිස් කණ්ඩායමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ඉහලතම නිලධාරීන් ද එක්ව සිටින බවත් ඊට අමතරව තවත් නිලධාරීන් කණ්ඩායමක් අද (11) රාත්‍රියේ මහනුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ බවත් වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයට විදේශ ක්‍රීඩකයෝ 30 ක් පමණ ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන 'ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා දක්වා පැවැත්වේ.

Reply Forward Add reaction



අදහස් (1)

තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දියානුවා අල්ලන්න පොලිසි යයි

B Amarasinghe Thursday, 12 December 2024 06:31 AM

තරඟ ඇල් මැරිලා වගේ. අපේ ක්ලබ් මැච්වලටත් ප්‍රචාරය දෙන espn වත් මේකට ප්‍රචාරය දෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හානියක් නැති බස් අලංකරණයට ඉඩ දිය යුතුයි
2025 ජනවාරි මස 07 34 0

යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොද


වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට
2025 ජනවාරි මස 07 101 0

ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ’’ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’’ උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ ’’එම්පයර


අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව සුව ඇමති තහවුරු කරයි
2025 ජනවාරි මස 07 206 0

ඖෂධ ක්ෂේත්‍රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය


විශ්‍රාමිකයන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් අමාත්‍යංශයට යෝජනාවක්
2025 ජනවාරි මස 07 773 0

ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සකසන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා ම


දඹුල්ල ත්‍රිරෝද සංගමය පාරට බසිති
2025 ජනවාරි මස 07 1354 0

දඹුල්ල ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් හය දෙනෙකු බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය ක්‍රියාකිරීම සහ කුලී රථ ධාවනය කිරීම නිසා තම රැකියාවට හානි සිදුවී යැයි


වන්නියේ දරුවන්ට චිත්‍ර පෙපරේ සමඟ උත්තර පත්‍රයත් දීලා
2025 ජනවාරි මස 07 413 0

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද ස


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 468 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 243 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 229 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site