(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
මව ඉදිරිපිටදී 26 හැවිරිදි ආබාධිත දියණිය නිරුවත් කර ඇයට ලිංගික අතවරයක් කර පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය පරීක්ෂණ පත්වා ගෙන යයි .
අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස් කොස්තාපල් කෙසෙල් වත්ත පොලිසියට අනුයුක්තව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන අයෙකි.
මෙම කොස්තාපල්වරයාගේ රෝගී මව රැක බලා ගනිමින් මෙම තරුණිය සහ ඇයගේ මව වසර දෙකක කාලයක් තිස්සේ සිට කොස්තාපල්වරයාගේ නිවසේ ගත කරන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද(21) පැවසීය .
මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බියේ තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වූ බව කියමින් මෙම මව හා දියණිය කාමරයකට කැඳවා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණියට විවාහ යෝජනාවක් අවස්ථාවේ ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද පොලිසිය පවසයි .
විවාහ යෝජනාව තරුණිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇයට පහර දී මව ඉදිරිපිටදීම නිරුවත් කර ලිංගික අතවරයක් සිදු කර ඇති බවට එම තරුණිය පෙරේදා කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කළේ යැයි උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම තරුණිය කළ පැමිණිල්ලේ මෙම තොරතුරු සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
තරුණිය මෙම පැමිණිල්ල කිරීමට කලින් දිනයේ පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බිය තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වී ඇති බවට කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන 26 හැවිරිදි ආබාධිත තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිසිය කියයි.
කොස්ගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තරුණියට කැත වැඩක් කළ පීසී සොයයි
Bunny Preena Monday, 22 May 2023 09:31 AM
පොලිස් නිලදාරියා සැලසුම් සහගතව මෙම ක්‍රියාව කරල තියෙනවා වගෙයි පෙනෙන්නෙ.