IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර

(ගයාන් සූරියආරච්චි,  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, අකුරැස්ස ප්‍රියන්ත දසනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා, මාලිම්බඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 4 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා 2020 වසරේ මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් අනෙක් නිලධාරීන් තිදෙනා ඔහු යටතේ මාලිම්බඩ පොලිසියේ එවකට රාජකාරී කර තිබූ බව මනතුංග මහතා කීය.

2020 වසරේදී මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් සිවු දෙනකු අනීතිකව පුද්ගලයකු රදවාගෙන පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කර මාතර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් සිවුදෙනාට මහාධිකරණ විනිසුරුවරයා විසින් මුදල් සහ ශරීර ඇප ලබාදීමට නියෝග කර තිබුණි.

සැකකාර නිලධාරීන් විසින් සිදුකළ එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.



අදහස් (4)

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර

සමන්ත Wednesday, 05 February 2025 05:49 PM

වැඩ තහනම් කියන්නේ තාවකාලිකව වැඩට නෑවිත් ඉන්න එකද නැත්නම් රස්සාවෙන් අස් කරන එකද? ගොඩක් වෙලාවට වෙන්නේ ජනතා විරෝධය යටපත් කරන්න වැඩ තහනම් කියන වචනය අවභාවිතා වෙන එකයි.

:       1       19

දිසානායක Wednesday, 05 February 2025 09:15 PM

කේක් කෑල්ලක් එක්ක තේ ටිකක් බොන්න දීලා කරපු වැරදි ටික කියන්න මහත්තයෝ. කිව්වම වැරදි කරන අය කරපු වැරදි කියනවා නම් ගහන්න බනින්න උවමනාවක් නෑ ඉතින්. වැඩේ කියන්නේ වැරදිකාරයෝ එහෙම කරන්නේ නෑ නේ.

:       12       1

sakra Thursday, 06 February 2025 01:04 AM

දිසානායක ඔයා ඔය ම්ලේච්ඡ නිලධාරීන්ට කඩේ යන බව පැහැදිලිලියි. වද දිදී තොරතුරු සෙවීමට වඩා ශිෂ්ඨසම්පන්න ක්‍රම ඕනතරම් මේ දොයුනු ලෝකයේ තියෙනවා . මේවගේ තිරිසනුන්ට හැරු උසාවියෙන් නිසි දඬුවම් ලැබේවි . ඒ වගේම නව පොලිස්පති තුමා මේ වගේ උන්ට නිසි විනය පියවර ගනීවි . නැතිව කිසිදා අපේ පොලිසිය හදන්න බැහැ . පොලිසිය නොහදා සමාජය හදන්නත් බැහැ . නව රජය එය නිසිලෙස කළමනාකරණය කරාවි .

:       0       5

kahawita Thursday, 06 February 2025 06:27 AM

ඔයාකියන එවුන්ට කියන්න ඔනේ, හොරු අල්ලන්න කියලා කටින් කියන්න ලේසියි, කරන්නයි බැරි. හොරු අල්ලගන්න බැරි උනාමත් කියන්නේ පොලිසිය දුර්වලයි කියලා. හැම පැත්තෙන්ම තැලෙන්නේ මිනිස්සු

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site