ඉන්දික රාමනායක
සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් අද (15) කදාන ආනියාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි.
සැකකාර යුවළ තරුණියට පහර දෙන අන්දම සාමාජ මාධ්‍යවල හා විද්‍යුත් නාලිකාවල පෙරේදා (13) පළවු අතර, ඒ ඔස්සේ විමර්ශන සිදුකර සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදා හැරීමේ නිරත පුද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිඳ බවද පොලිසිය පවසයි.
කිසියම් රාජකාරි අතපසුවක් හේතුවෙන් සැකකරු හා සැකකාරිය එම ආයතනය තුළ ඉහත තරුණියට අතින් පයින් හා ප්ලාස්ටික් පුටුවලින් පහර දී ඇති අතර, එම සිදුවීමේ වීඩියෝ පට සාමාජ මාධ්‍ය වල ප්‍රචාරය විය.
සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ ද
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහ
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තරුණියට පහරදුන් යුවළ පොලිසියට මාට්ටු
Ruhunu Sunday, 15 October 2023 05:39 PM
අවජාතකයෝ
Senarath Monday, 16 October 2023 09:08 AM
ඒ තිරිසන් මිනිහා නම් එල්ලලා මරන්න ඕනේ, ගහපු ගැහිල්ලට... මේ වගේ තුච්ඡ ආයතන වැහෙන විදිහට කටයුතු කරන්න පාරිභෝගිකයින් වගබලාගත්තා නම් අඩුම තරමේ ආයතන තමන්ගේ සේවය ගැන සැලකිලිමත් වේවි.
dasun Monday, 16 October 2023 09:25 AM
නීතිපති විසින් මහාධිකරණයේ වහා අධි චෝදනා ගොනුකළ හැකි සිද්ධියකි...