IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව පෙබරවාරි 19 වැනිදා

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  අද(20 ) නියම කළේය.
 
කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සදහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබිණි.
 
කොරෝනා වසංගත තත්වය හේතූවෙන් පසුගිය කාලයේ කැදවීමට නොහැකිව තිබු මෙම නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවන බව නඩුවේ විත්තිකරුවන් ඇතුළු පාර්ශවකරුවන්ට දැනුම් දෙන ලෙස විනිසුරු මඩුල්ල අධිකරණයේ ලේඛාධිකාරීවරයාට නියම කළේය.
 
මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකී රාජරත්න සභාපති අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කරන ලදී.
 
කප්පම් ලබාගැනීම සදහා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.
 
මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 :2 වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 4 වගන්තිය යටතේ නීතීපතිල ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්ල රජීව් නාගනාදන්ල ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්,  අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීමල ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ,  සංජිත් නිලංග සේනාරත්න, නලීන් ප‍්‍රසන්න වික‍්‍රමසුරිය,  ඇන්ටන් ප‍්‍රනාන්දු,  හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක, රාජපක්‍ෂ පතිරැහැන්ලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්ල කේ. ගාමිණිල චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චමින්දල නන්දප‍්‍රිය හෙට්ටි, සම්පත් ජානක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහත්වරුන්ය.
 



අදහස් (7)

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව පෙබරවාරි 19 වැනිදා

De Wednesday, 20 January 2021 11:22 AM

නඩුව ඉවරයි...!!!

:       0       1

Jay Wednesday, 20 January 2021 02:35 PM

හිටපු නාවික හමුදාපතිට තියෙන චෝදනාව මොකක්ද?

:       0       1

anjanan devi Wednesday, 20 January 2021 03:13 PM

නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට සාධක, කරුණු කාරණා නොමැති නිසා මේවා වෙනවා කියලා සාත්තර අහනකොට අංජනම් දේවිගෙන් කියවුණාලු..!!! 

:       0       1

chandana Wednesday, 20 January 2021 04:59 PM

සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස්...

:       0       1

විජිත් Wednesday, 20 January 2021 06:24 PM

මේ වගකීමෙන් කියන්නේ. මේක බොරු ශෝබනයක්...!!! ඔය චූදිත මිනීමරුවන් අතරින් කෙනෙක් මීළඟ නාවික හමුදාපති ලෙස පත්කරන්නත් ලැහැස්තියිලු... මේවා නිකම් සෝභන නිසා ඔයගොල්ලෝ ඕනෑවට වඩා සංවේදී වෙන්න එපා.

:       0       2

සදිස් Thursday, 21 January 2021 01:23 AM

ලංකාවේ නඩු බලද්දී කැකිල්ලේ යුගය මතක් වෙනවා.

:       0       1

fairoos Thursday, 21 January 2021 07:21 AM

ඔන්න ඔහේ නිදහස් කරලා නඩුව ඉවරයක් කරන්න. සර්ගේ නීතියනේ දැන් තියෙන්නේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 7 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 306 0

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 147 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 183 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 544 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1517 2

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 76 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1410 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site