(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී පැහැරගත් 23 හැවිරිදි තරුණියක ටිපර් රථයක දමාගෙන යමින්වේ සිටියදි එය පාලනය කරගැනීමට නොහැකිව ඇලකට පෙරලීම හේතුවෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ධර්මපුරම් පොලීසිය පවසයි.
ටිපර් රථයකින් ආ පරිසක් තරුණිය බලහත්කාරයෙන් පැහරගෙන යද්දී ඇගේ පෙම්වත බව කියන තරුණයකු ටිපර් රථය ලුහුබැඳීම හේතුවෙන් ටිපර් රථය අධික වේගයකින් ධාවනය කර ඇත. එහි රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව වට්ටකච්චි නව පාලම අසලදී ටිපර් රථය ඇලට පෙරලී ඇත.
ටිපර් රථය පෙරලීම නිසා පැහැගැනීමට ලක් වූ තරුණිය සහ තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් අයකු මිය ගොස් ඇති අතර බරපතල තත්වයේ සිටි තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.
අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩිලක්ෂණ් නැමති තරුණයකු වන අතර මළසිරුර කිලිනොච්චිය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමුකොට ඇත.
කෙසේ වෙතත් අනතුරින් පසුව ටිපර් රථයේ සිටි රියදුරු පලා ගොස් ඇති අතරම ටිපර් රථය පොලිස් බාරයට ගෙන ඇත.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරුණිය පැහැරගත් ට්‍රිපර් රිය ඇළට පෙරළෙයි:තරුණයෙක් මරුට දෙකකට තුවාල