(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින කිහිපයකට පෙර හිතවත් වු තරුණිය හමුවීම සඳහා පැමිණෙන ලෙස දන්වා අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙක් සූක්ෂම ලෙස මිල්ලනිය ප්‍රදේශයට ගෙන්වාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් ඔහු පාළු නිවසකට රැගෙන ගොස් ගෙල බැඳි රන් මාලය ඇතුළු දේපල රැසක් කොල්ල කා ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
කොල්ල කෑ දේපල අතර පවුම් දෙකක් පමණ බර ගෙල බැඳි රන් මාලය , ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය යතුරුපැදිය හා මුදල් පසුම්බිය වන බව පොලිසිය කියයි.
සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා කුරුණෑගල දඹුල්ල පාර අලකොලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට මාසයකට පමණ ඉහතදී හොරණ ප්‍රදේශයේ ආයතනයක අළෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය සඳහා පැමිණ ඇතැයි පොලිසිය කියයි
ඉකුත් 21 හොරණ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනට සමගාමීව වෙළෙඳ කුටියක් අරඹා එම වෙළඳ කුටියේ ප්‍රදර්ශනය කටයුතු වල නිරත වන අවස්ථාවේදී අසළ වෙළඳ කුටියේ සිටි තරුණියක් සමග හිතවත්කමක් ඇතිකරගෙන ඇය හමුවට ගිය අවස්ථාවේදී මෙය සිදුව තිබේ.
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහ
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය ප
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තරුණිය හමුවීමට ගිය තරුණයා මහමගදී කොල්ලකාලා
PAKEER Thursday, 26 October 2023 10:32 AM
මූ කැලේ නේ ගිහින් තියෙන්නේ කෙල්ල මීට් වෙන්න ...මුලින්ම නගරේ තැනකට ...ජනාකීර්ණ තැනකට යන්න එපැයි .අනික මාල දාගෙන .මූ නම් ගෑනියෙක්
jayarathna Thursday, 26 October 2023 01:11 PM
කෙල්ල නියමෙට ප්‍රවර්ධනය කරලා.