(නිමල කොඩිතුවක්කු)
පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයකු විසින් එක්සත් ජාතික පක්ෂයේ රුපියල් 1000 සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිලිබඳ කනගාටුව පළ කරන බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙය එම සාමාජිකත්වය ලබාගත් සියලු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයක් බවත් සිය නිවේදනය මගින් ජයසූරිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද වේ.
හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ වර්තමාන විනාශයට වගකිවයුතු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ අපගේ අවධානයට ලක්ව තිබේ.
එබැවින් කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික පතෙහි පිටපතක් මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කරමු.
මේ අතර පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයෙකු විසින් එක්සත් ජාතික පක්ෂයේ 1000M සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව අප කණගාටු වන්නෙමු. එය 1000M වැඩසටහන පිළිබදව විශ්වාසය තබා පක්ෂ සාමාජිකත්වය ලබා ගත් සියළු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයකි.
2000 වසරෙන් පසු ඇරඹි 1000M සාමාජිකත්වය පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොකරන ලද නමුත්, යාවජීව සාමාජිකත්වයක් ලෙස පිළිගතයුතු බවට ඒ සඳහා පුරෝගාමී වූ සියලු පක්ෂ නිලධාරින් එකඟත්වයකට පැමිණියහ. පක්ෂයේ වාර්ෂික සාමාජික මුදල රුපියල් 20 ක් වන අතර එහි පනස් ගුණයක් වන රුපියල් 1000 ක සාමාජික මුදල් එකවර ගෙවීමෙන් ලැබෙන 1000M සාමාජිකත්වය (20 X 50) ලෙස සළකා වසර 50 ක් වලංගු සාමාජිකත්වයක් ලෙස සැළකිය යුතු බව සියලු නිලධාරීන් එකඟ වූ පදනමයි. එලෙස 1000M සාමාජිකත්වය ලබන සාමාජිකයෙකු එම වසර තුළ තවත් රුපියල් 11000 ක මුදලක් පක්ෂ අරමුදල වෙත පරිත්‍යාග කර 1000M යාවජීව සාමාජිකත්වය තහවුරු කගනු ලබයි.
හිටපු පක්ෂ සභාපතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 1000M සංකල්පය ක්‍රියාත්මක කරලීමෙහි ලා සක්‍රිය කාර්යභාරයක් ඉටුකළ අතර, වර්තමානයේදී ද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මැතිතුමා 1000M ව්‍යාපෘතියේ වගකීම් රැසක් උසුලන ලදි.
යාවජීව සාමාජිකත්වය පිළිබඳව වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා එම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇමතීම වඩාත් යෝග්‍ය වන අතර පක්ෂයේ ගමන් මග පිළිබඳව අවබෝධයෙන් තොර දේශපාලන ළදරුවන්ගේ අදහස් අදාල නොවනු ඇත.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරුණ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන හිටපු කතානායක කනගාටුව පළකරයි
banda Friday, 28 August 2020 09:59 AM
කරූව දේශපාලනයෙන් යවමු...
de silva Friday, 28 August 2020 10:38 AM
මිනිස්සු වයසට ගියාම විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ජීවිතයේ ඉතිරි දින කිහිපය විවේක සුවයෙන් ගතකරන්නේ නැතිව විකාර දොඩවනවා.
indika Friday, 28 August 2020 01:45 PM
කරු ජයසූරිය මහත්තයෝ, ඡන්ද පදනමක් නැතිවුණු එජාපය දැන් නමට සහ බෝඩ් කෑල්ලට පමණක් සීමා වී ඇත. ඔබතුමා ඔය ගිලෙන බෝට්ටුවට නගින්නේ නැතිව නව පක්ෂයක් හදාගෙන හෝ වෙනත් පක්ෂයක් සමග එකතු වී ආණ්ඩුවට විරුද්ධ ගමනක් යන්න පටන් ගන්න.
bandaFriday, 28 August 2020 03:45 PM
ඉන්දික මහත්තයෝ දැන් කරූගේ වයස එක්ක කනත්තට තමයි යන්න වෙන්නේ.
Rata PerataSaturday, 29 August 2020 07:40 AM
ඒක ඇත්ත.. කරූට 79යි. මහින්දට 75යි, චමල්ට 77යි. දැන්මම යන්න ලෑස්ති වුණා නම් හොඳයි.
Bandara Saturday, 29 August 2020 02:08 AM
සීයේ දැන් වයස හරි... බඳිමු කසාදේ...
Saththaya Saturday, 29 August 2020 03:32 AM
නායකත්වය මේ වයසේදී අරගෙන, ඡන්ද දිනන්න දූෂිතයන් එකතු කරගෙන, ඒ වැදගත්කමක්, ලැජ්ජාවක් නැති දේශපාලුවන්ට අනාගතයේදී නායකත්වයත් බාරදෙනවා කියන්නේ.... රටම බල්ලට යන එකයි. සිරිකොතේ තියෙන වටිනා දේවල් වලට මොනා වෙයිද? කාලය අරගෙන හොඳතරුණ වැදගත් නායකත්වයකට පක්ෂය යන එක හැමෝම අගය කරන්න ඕනෑ.