IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තරුණ සේවා සභාවේ කෝටි ගණනක දූෂණ-වංචා එළියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජාතික තරුණසේවා සභාවේ  සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක් වටිනා  දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.

ජාතික තරුණ සේවා සභාව යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු පිරිවැයවූ රුපියල් කෝටි  35ක මුදල ඉක්මවා රුපියල් කෝටි අට  හමාරකට වැඩි මුදලක් වැය  කර   ඇතැයි එම පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කරනු ලැබීමට  නියමිත සිස්කෝ පරිගණක ජාලගත පාඨමාලාව සඳහා මූලික පහසුකම් සපුරා ගැනීමටත් පෙර උපකරණ මිලදී  ගැනීම සඳහා රුපියල් කෝටි එකහමාරකට වැඩි මුදලක්  පසුගිය   ජූලි මස  29  වැනිදා වැය කර ඇතැයි කියන සම්බන්ධයෙන්ද කාරක සභාව එම ආයතනයේ නිලධාරින්ගෙන්  පෙරේදා (16) දීර්ඝව ප්‍රශ්න කළේ‍ය.

පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පෙරේදා(16) පස්වරුවේ රැස්විය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා සහයෝගයෙන් කටයුතු කළ  යුතු බවත්  එසේ නොවුණහොත් එය රාජ්‍යයේ පැවැත්මට ප්‍රබල බාධාවක් බවත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පැවැසීය.

අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.

වගකීම් පැහැරහරින සහ විනය විරෝධීව හැසිරෙන නිලධාරින් සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කෝප් කමිටු සභාපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට මෙහිදී  දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2017 වසරේ සිට සං‍යුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව පැවසූ මහාචාර්ය චරිත හේරත් මහතා  ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම2015 වසරේ සිට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

එම සියලු වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් මාතර නිල්වලා යොවුන් උද්‍යානය ඉදිකිරීමට තීරණය කර තිබුණද ඒ සමබන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකිරීම සම්බන්ධයෙන්ද   කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය  අදාළ ඉඩම් හිමිකරුවන්ට වන්දි හා පොලිය වශයෙන් එකතුව රුපියල් දාහතර කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක්ද   ජාතික තරුණ සේවා සභාවේ උපදේශක ගාස්තු වශයෙන් රුපියල් 76 ලක්ෂයකට  වැඩි මුදලක්ද  2014 වර්ෂයේදී  ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය.

තවද 2019 වසරේ වැඩසටහනට අවශ්‍ය ගබඩා දෙකක්  කුලි පදනම මත ලබා ගැනීමේදී වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිබාහිරව ඇණවුම් කළ දින ප්‍රමාණය ඉක්මවා භාවිත කළ බව සඳහන් කරමින් එකතුව රුපියල් විසි දෙලක්ෂයකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි  කෝප්  කමිටුව පවසයි.

එමෙන්ම 2016 වර්ෂයේ පවත්වන ලද යොවුන්පුර ජාතික වැඩසටහනට සභභාගි වූ තරුණ තරුණියන්ට බෙදා හැරීම සඳහා තාක්ෂණික කමිටු නිර්දේශයකින් තොරව  ටී ෂර්ට් 1773 ක් සඳහා රුපියල් දහ නව ලක්ෂ තිස් දෙදහසක  මුදලක් ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.

මෙම  ටී ෂර්ට් බෙදා හැර ඇත්තේ වැඩසටහන පවත්වන ලද දිනට පසුව බවද
හෙළි වී ඇත.

සමික්ෂණ මණ්ඩල වාර්තාව අනුව 2017 වර්ෂය තුළ  රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් වැය කර මුද්‍රණය කළ  තොරතුරු පත්‍රිකා 268,000 ක් ඉවත් කිරීමට නිර්දේශ කර තිබූ බවටද මෙම කාරක සභා රැස්වීමේදී  තොරතුරු අනාවරණයවිය.

ජාතික තරුණ සේවා සභාවේ සියයට 98 කට වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිතව ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 1981 වසරේදී ආරම්භ කර තිබුණද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොතිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.

ජාතික තරුණ සේවා සභාව  2018,2019 හා 2020 වර්ෂවල රුපියල් කෝටි හතළිස් එකකට වැඩි වටිනා කාර්‍යයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම මාර්ගයෙන් කරගෙන තිබූ බව කෝප් කමිටුව පවසයි.

ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා  අංශ ප්‍රධානීන්ට  2021 වසරේ ඔක්තොම්බර් මස 08 වැනි දින නිකුත් කර තිබූ අභ්‍යන්තර චක්‍රලේඛයක් මඟින් ආයතනය සම්බන්ධ තොරතුරු බාහිර පාර්ශ්වවලට   ලබා දීම නොකළ යුතු බවට උපදෙස් ලබාදී තිබු බවද කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

එම උපදෙස්  ජාතික විගණන කාර්‍යාලයේ සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට  බාධාවක්වූ බව ඒ ආයතනවල නිලධාරිහු කාරක  සභාවේදී පෙන්වා දුන්හ.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මධුර විතානගේ සහ  ප්‍රේම්නාත් සී.දොලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද   සහභාගීවූහ. 



අදහස් (6)

තරුණ සේවා සභාවේ කෝටි ගණනක දූෂණ-වංචා එළියට

Suba Wednesday, 17 November 2021 05:41 PM

වැරදිකරුවන්ට දඬුවම් දෙන්න බැරි නම් ඔය කෝප් කමිටුවෙන් ඇති වැඩේ මොකක්ද!!!! හැමදාම එක එක ආයතන ගෙනල්ලා වෙච්ච කෝටි ප්‍රකෝටි ගණන් දූෂණ, වංචා ගැන කතා කරනවා විතරයි. ඒවාට කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමක් නෑ. කෝප් කමිටු රැස්වීම් ඇවිල්ලත් නිකන් කසිකබල් ටෙලි නාට්‍යයක කොටස් වගේ.

:       0       1

Raveendra Wednesday, 17 November 2021 05:52 PM

අප රටේ දේශපාලුවන් මෙන්ම පුරවැසියන්ගෙන් බහුතරයක්ම හොරකමේ කෙල පැමිණි මිනිස්සු බවට මෙයත් තව එක් උදාහරණයකි.

:       0       0

විපරමා Wednesday, 17 November 2021 05:55 PM

රටේ ඉහළම තැනේ ඉන්දලා බැලුවොත් දූෂණ ? අද දුෂන නැති තැනක් හොයාගන්න එකත් ලෙහෙසි වෙන එකක් නැහැ.

:       0       0

Charitha Wednesday, 17 November 2021 06:33 PM

අනේ මන්දා, ආණ්ඩු කීයක් මේ කියන කාල සීමාව තුළ බලයේ හිටියාද. ඔය තරුණ සේවා සභාවේ මුලින්ම හිටි මහ ඇත්තා ගැනත් 1977-80 ගණන් කාලේ වෙන කතා තිබුණා. දැන් මේවා.

:       0       3

පැරකුම් Wednesday, 17 November 2021 08:00 PM

පොදු ජනතාවගෙන් අයකරන බදුමුදල් තවදුරටත් නාස්ති නොකර ඕක නවත්තල දාන්න. ඔය සොයාගැනීම් වලින් මෙච්චර කාලෙකට වෙච්ච දෙයක් ඇත්නම් කියමු බලන්න.

:       0       5

Milinda Thursday, 18 November 2021 06:52 AM

මිනිස්සු විරෝධතා පා ගමන් යන්ඩ ඕන අර පාලකයාව පත් කරන්ඩ මේ පාලකයව පත් කරන්ඩ කියලා නෙමේ. මේ විදිහට මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු උන් අල්ලන්ඩ, අයුතු විදිහට උපයගත්තු ධනය රාජසන්තක කරන්ඩ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 534 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1863 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1466 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1421 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 921 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 715 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25630 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site