(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පල්ලෙමළල ප්‍රදේශයේම පදිංචි 23 වැනි වියේ පසුවූ මාලබදිනගේ මදුෂිකා ප්‍රසංගී නම් ගැබිණි මවයි.
මියගිය ගැබිණි මව ඇයගේ වයස අවුරුදු දෙක හමාරක් පමණ වන පිරිමි දරුවකු සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද පෙරවරු 10.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
හම්බන්තොට දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගැබිණි කතගේ හා කුඩා දරුවාගේ ගැටී ඇති බව පොලිසිය කියයි.
තුවාල ලැබූ කාන්තාව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද ඇය ඒ වන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය කාන්තාවට සිසේරියන් සැත්කමක් කලද කුසේ සිටි දරුවා බේරා ගැනීමට නොහැකි වී තිබේ. කාන්තාව සමග ගමන් කළ කුඩා දරුවාද තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
අනතුර සම්බන්ධයෙන් ත්‍රී රෝද රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලිසිය විසින් සිදු කරනු ලබයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ත්‍රීරෝද රථයක ගැටුණු ගැබිනි මව මියයයි
Lakmal Thursday, 12 September 2024 03:04 PM
සරලව ත්‍රී වීල් මෙරටට නොගැලපෙන වාහනයක් නිසා තහනම් කල යුතුමය .මේකට අකමැති සෙට් එකට පුළුවන් ත්‍රී වීල් රියදුරන්ට රැකියා හොයලා දෙන්න
රංබොඩ Thursday, 12 September 2024 06:15 PM
ඔය පැත්තේ පාරවල් හරි කෙලින් තියෙන්නේ... යන්න ඇති පාලනය කරගත නොහැකි වේගයකින්... කොහොමත් ත්‍රිවීල් තියෙන්නේ දකුණු ආසියානු රටවල විතරයි...
Some guyThursday, 12 September 2024 07:15 PM
දකුණු, මධ්‍යම ඇමෙරිකානු රටවල, අප්‍රිකාවේ ත්‍රී වීල් තියෙනවා. ඕක සරල ලාභදායී ප්‍රවාහන මාධ්‍යයයි, හරකෙක් ඒ වාහනය පදවා අනතුරු කළා කියලා වාහනයට දොස් පැවරිය යුතු නැහැ...!
නිමල් Friday, 13 September 2024 06:17 AM
නේපාලයේ ත්‍රී රෝද රථ නැහැ. කුලී ගමන් සඳහා ඇත්තේ ඉන්දියානු මරුටි 800 රථ...
Nuwan Friday, 13 September 2024 11:02 AM
කොහොමත් වැඩිපුර නූගත් හරක් තමා ත්‍රී වීල් එලවන්නේ