IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ත්‍රිරෝද රියකට සතියකට ලීටර් 30ක් අවශ්‍යයි

 

(යොහාන් භාසුර)

පොදු ප්‍රවාහනයේ නියැලෙන ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 30 ක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

පොදු ප්‍රවාහන ජීවිකාව ලෙස කටයුතු කරන ත්‍රීරෝද රථ රියදුරන්ට සතියකට පෙට්‍රල් ලීටර 5 ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී ධර්මසේකර මහතා පොදු ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද හදුනාගැනීම සඳහා පොලිසියේ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන බව ද සදඟන් කළේය.

ත්‍රීරෝද රථ රියදුරන් දුෂ්කරතාවට පත්ව සිටින මේ අවස්ථාවේදී ගාස්තු මීටර අනිවාර්ය කරන ලෙස ඉල්ලා සිටීම සාධාරණ නොවන බව කී ධර්මසේකර මහතා සඳහන් කළේ පළමු කිලෝමීටරයට රුපියල් 100 යි සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 90 ලෙස හොඳින් පාරිභෝගිකයාට හොඳින් ප්‍රදර්ශනය වන සේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතු බවත්ය.

සෙසු පොදු ප්‍රවාහන සේවා නියාමනය කරන ආකාරයටම ජාතික ප්‍රවාහන කොමිසම බලය පවරලා ත්‍රීරෝද රථ ද මේ සුවිශේෂී අවස්ථාවේ සිට නියාමනය ආරම්භ කළ යුතු බවත් එසේ නොවුණ හොත් ත්‍රීරෝද රථ රැකියාවේ නියුතු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් පාරට වැටෙන බවත්ය.

පෞද්ගලිකව පාවිච්චි කරන ත්‍රිරෝද රථවලට සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ සතියකට ලීටර 5 ලබාදීම කළ හැකි බව ද ධර්මසේකර මහතා වැඩි දුරටත් පැවසීය.

ත්‍රීරෝද රථ සත්‍ය වශයෙන්ම ප්‍රවාහනයේ යෙදෙන්නේ ද යන්න නිරීක්‍ෂණය පහසුවෙන් කිරීමේ තාක්‍ෂණය ඇති බව ද පැවැසීය.

 



අදහස් (21)

ත්‍රිරෝද රියකට සතියකට ලීටර් 30ක් අවශ්‍යයි

Pradeep Sunday, 31 July 2022 02:56 PM

ලීටර 5 ගහලත් ඒකත් විකුණන මේ අය, ලීටර 30 ගහලා මොනවා කරයිද?

:       0       3

ruwan Sunday, 31 July 2022 02:59 PM

ඇයි ගහගෙන ගෙදර ඇවිල්ලා වැඩි ගාණට විකුණන්නද?

:       0       3

අමා Sunday, 31 July 2022 03:31 PM

එහෙම දුන්න නම් හරි, ඊට පස්සේ ආදායම් බදුත් ගණනය කරලා දෙන්න ඕනෑ. සතියට ලීටර් 30 හොඳ ආදායමක්....

:       0       1

G.HDharmasena Sunday, 31 July 2022 04:18 PM

අනිවාර්යයෙන්ම දෛනික කුලී ධාවනයෙන් තම ජීවිතය ගෙන යන දහස් සංඛ්‍යාත මිනිසුන් පිළිබඳ අවධානය යොමුකර තීරණ ගන්න..

:       56       1

ලලිත් Sunday, 31 July 2022 04:20 PM

සාමාන්‍යයෙන් සතියකට ලීටර් 30 ක් කියන්නේ මාසෙකට ලීටර් 120ක්. ලීටරයට කි.මී. 25ක් කළොත් කි.මි.3000ක් දුවනවා. කි. මී. රු.100/=ක් අය කළොත් ආදායම රු.300,000.00යි. පෙට්‍රල් වියදම රු.54,000.00යි. බැලුවාම නරක නෑ. රජයේ බදු ආදායම වැඩි කරගන්න හොඳ මාර්ගයක්...!

:       0       52

චින්තක Sunday, 31 July 2022 07:31 PM

මාසෙකට ලක්ෂ එකහමාරක් පමණ ලාභයක් ලබන නිසා ඔවුන්ගේ ආදායම් බදුත් අය කරන්න ඕන. ඉන්ධන එලෙසින් දෙනවා නම් වාහනයේ ධාවනය වන මීටර් ගණන පෙන්වන මීටරය නිසි ක්‍රියාකාරීත්වය ඇතිවිය යුතුයි. මීටරය බලා ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවට නීති සැකසීම කළ යුතුයි.

:       0       34

කිරිපුතා Sunday, 31 July 2022 04:26 PM

ඔව් ඔව්. V6 ඇන්ජිමක්නේ තියෙන්නේ. සෑහෙන්න තෙල් ඕනෑ...

:       2       61

ත්‍රී වීල් වසංගතය රටට බරක් !!! Sunday, 31 July 2022 05:03 PM

කරුණාකර ලංකාවේ තියෙන ත්‍රි වීල් සංඛ්‍යාව 200000 ට වත් අඩු කරන්න කටයුතු කරන්න. ලංකාවේ ශ්‍රම බලකාය නිකන් පුටු රත්කරගෙන ඉඳලා, අහිංසක ගාමන්ට් කෙල්ලෝ මහන්සි වෙලා හොයන ඩොලර් ටිකෙන් තෙල් ටික ගහගෙන රටට බරක් වෙන්න තියන්න එපා. ලංකාවේ, දැනටත් පිටරටින් ඇවිත් තරුණ ශ්‍රමිකයින් වැඩ කරනවා. ඒවාට රටෙන් ඩොලර් එළියට යනවා. ලංකාවේ ඇතුළේ ඉන්න ලක්ෂ 10 ක් විතර තරුණ ශ්‍රමය රටට බරක් වෙලා ත්‍රීවිල් පුටු රත් කරනවා. කරුණාකර ත්‍රිවිල් රියදුරන්ට ඡන්ද තුරුම්පුව ගහන්න දෙන්න එපා. පාර්ලිමේන්තුවක් විදියට රටට බරක් වුණු මේ වසංගතයට ඉක්මන් තීරණයක් ගන්න...

:       1       81

චමින්ද Sunday, 31 July 2022 07:23 PM

ත්‍රීවීලර් අඩුකිරීමට හෝ නැති කිරීම යන දෙකින් එකක් කළ යුතුයි. රටට වැඩක් කළහැකි තරුණ ශ්‍රමය නාස්ති වෙනවා

:       0       48

Prase Sunday, 31 July 2022 05:38 PM

ලීටර් 30 කියන්නේ කිලෝමීටර 1000ට වැඩියෙන් දුවන්න පුළුවන්... එතකොට කිලෝමීටර 1 රුපියල් 100, සතියකට 100000ක් හම්බ කරනවා. ලීටර 30 වියදම යන්නේ 13500... කොහොමද ගේම...?

:       0       27

fairoos Sunday, 31 July 2022 05:44 PM

කළු කඩේ විකුණන්න ලීටර් කීයක් ඕන වෙයිද?

:       0       53

Bamnuarachchi Sunday, 31 July 2022 05:48 PM

ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ගත යුතුය. ඉන්ධන අර්බුදය මතුවිමට පෙර ත්‍රිරෝද රථ රියැදුරන් ඉන්ධන ලබා ගත් ආකාරය පිළිබඳ මගීන් ලෙස අපි දනිමු.

:       2       33

ddd Sunday, 31 July 2022 06:29 PM

මෙම ත්‍රීවීල් කියන්නේ ලංකාවට මහ වසංගතයක්... තරුණ ජවය සම්පූර්ණයෙන්ම ත්‍රිවීල් පාර්ක්වල. ඉතින් කොහොමද රට නිෂ්පාදිත වෙන්නේ. රටේ ගොඩක්ම නීතිවිරෝධී වැඩ වෙන්නේ ත්‍රීවීල් හරහා. වහාම මෙම ත්‍රීවීල් වසංගතයෙන් තරුණ පරපුර බේරගන්න වැඩකරන්න.

:       0       45

ruwanSunday, 31 July 2022 10:23 PM

සහතික ඇත්ත. මෙව්වා පොලිසිය නොදන්නවා නෙවෙයි. උඩ ඉඳන් යටටම තියෙන්නේ දූෂණය.. ඒකයි අවුල..

:       0       0

Lelwala Sunday, 31 July 2022 06:29 PM

පහුගිය කාලයේ ත්‍රිවීල් දුවන අය කළේ හයර් නොගිහින් කළේ, හැමදාම පෙට්‍රල් ගහගෙන තෙල් වෙළෙඳාමයි. QR හොඳ නැහැ කියන්නේ තෙල් හොරු...

:       0       42

Nuwan Sunday, 31 July 2022 09:01 PM

සතියකට ලීටර් 5කට වැඩිය දෙන්න එපා. වැඩිපුර තෙල් ඕනේ කියන්නේ වැඩිගාණකට විකුණගන්න. සතියකට දෙන තෙල් මදිනම් වෙන ජෝබ් එකක් කරලා ජීවත් වෙන්න කියන්න

:       0       34

Indumal Sunday, 31 July 2022 09:17 PM

පොදු ප්‍රවාහනයේ යෙදෙන තුන් රෝද රථ සොයා ගැනීමට නොහැකිය. දැන් ඔවුන් කරන්නේ තෙල් පෝලිමෙන් පෝලිමට ගොස් තෙල් රැස් කිරීමයි.

:       0       32

aruna Sunday, 31 July 2022 10:18 PM

ඔබලා ඕක වැඩි ගාණකට අරගෙන විකුණන්නනේ ඔය නටන්නේ... කළින් කළේත් ඕකමයි. රටට මෙච්චර දේවල් වෙලා තියෙනකොටත් ඔබලාම තමයි මේ වගේ වැඩ කරන්නේ...

:       0       0

madura Sunday, 31 July 2022 10:20 PM

වැඩි ගාණකට විකුණන්න හදන ඔය හොරුන්ට තෙල් දෙන්න එපා. අපි දැක්කා කළිනුත් වුණේ මොකක්ද කියලා...!

:       0       0

kalum Sunday, 31 July 2022 10:21 PM

ඔයා ඉල්ලන්නේ වැඩි ගාණට විකුණන්න.. ඉගෙනීමක් නැති බහුතරයක් ඉන්නේ ඔය රස්සාවේ. මුළු රටම විනාශ කරනවා.

:       0       0

de silva Monday, 01 August 2022 07:54 AM

දැන් ඔහොම කරගෙන යමු. ඉදිරියේදී ත්‍රි රෝද රථවලට ඩිජිටල් ටැක්සි මීටර සවිකර, ඒවා දුවන දුර ප්‍රමාණය අනුව වැඩිපුර පෙට්‍රල් ලබාදෙන ක්‍රමවේදයකට යන එක හොඳ බව මගේ අදහසය. එවිට ගමන් බිමන් සඳහා මිල පාලනයක් ඉබේම ඇතිවෙනවා. හිතු හිතූ මිල ගණන් අයකරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 743 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3723 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4778 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12526 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4421 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 580 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site