IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ත්‍රිරෝද හොරුන්ට ගමෙන් ගුටි පුජාවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නත්තන්ඩිය නගරයෙන් කුලි ගමනක් යන මුවාවෙන්  ත්‍රිරෝද රථ රියදුරුකුගෙ ගෙලට ලණූවක් දමා සිරකර පිහියෙන් ඇණ රථය සොරා ගත් දෙදෙනකු  ගම්වාසින් අල්ලා බාර දුන්  බව ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි.

නාත්තන්ඩිය නගරයෙ ත්‍රිරෝද රථයකට නැගුන දෙදෙනකු නගරයෙ සිට කිලෝ මිටර් 4 කට ආසන්න දුරකින් වු පුද්ගලික කර්මාන්ත ශාලාවකට යන බව පවසා කර්මාන්ත ශාලාව පෙනෙන දුරකදි එකවර  ත්‍රීරෝද රථ රියදුරාගේ ගෙල සිරවෙන ආකාරයෙන් ලණුවකින් සිරකර ඇති බවත් අනෙක් සොරා ගෙල ප්‍රදේශයට පිහියකින් ඇණ තිබේ.

කෙසේ හෝ උපායශීලි ලෙස ත්‍රි රෝද රථ රියදුරා එකවර ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථය දමා පැන ඇත්තේ ගෙලට එල්ල වු පිහිපහරින් ලේ වහනය වෙමින් තිබියදී බව පොලිසිය කියයි.

ත්‍රිරෝද රථ රියදුරා රථය අතහැර පැන දුවද්දි සොරුන් ත්‍රිරෝද රථය සොරා ගෙන පලා යමින් සිටියදි ලේ ගලමින් මාර්ගයෙ දිව යමින් සිටි රියදුරු ඒ අසලින් ගමන් කල යතුරු පැදියක තරුණයින්ට මේ බව පවසා ඇති බව කියයි.

යතුරු පැදියෙ ගමන් කළ තරුණයන් සොරා ගෙන යමින් තිබු ත්‍රිරෝද රථය ලුහු බැද ඇති බව කියයි.

ඒ සමගම ත්‍රිරෝද රථයෙ ඉන්ධන අවසන් වීමත් සමග එය නවතා දැමු සොරුන් ඒ අසල වු නිවසක තිබු යතුරු පැදියක් පන ගන්වා එය සොරකම් කර යාමට උත්සහ කර ඇති බවත් එය දුටු මවක් දිව විත් යතුරු පැදියෙ එල්ලි ඇති බව කියයි.

කොල්ලකරුවන  මවට පහර දී ඇයටද පිහි පහරක් එල්ල කර ඇතත් එය නුලෙන් බේරි ඇති අතර මෙම සොරුන් ලුහු බදිමින් සිටි තරුණයන් එකවර එම ස්ථානයට කඩා වැදිමත් සමග එක් සොරුන් දිව යන්නට වු බවත් පසුව එක් කොල්ලකරුවකු අල්ලා ගෙන ඇති බව කියයි.

අසල නිවෙසේ සැගවි සිටි සොරා නිවැසියන් දැක පොලිසියට බාර දීමට කටයුතු කර තිබු බවද කියයි.

ගම්වැසියන්ගේ පහර කෑමට ලක්වු සොරා බරපතල තත්වයෙ පසුවිමත් සමග මාරවිල රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවිමට කටයුතු කර තිබුනී.



අදහස් (6)

ත්‍රිරෝද හොරුන්ට ගමෙන් ගුටි පුජාවක්

chandima Tuesday, 11 October 2022 09:55 PM

ගුටි කාපු අයනම් ආයෙත් හොරකම් කරන්න එන එකක් නැහැ.

:       0       5

Prabha Tuesday, 11 October 2022 09:57 PM

අන්න ඔය නිසයි ත්‍රිරෝද වලට ලීටර් පහක් විතරක් දෙන්නේ.

:       2       8

උපාසක Wednesday, 12 October 2022 12:43 AM

ඔන්න හොරකම් කරන අයට ලැබෙන දිට්ටධම්මවේදනීය කර්ම විපාක. හොරකම් කරන අය මේවා දැකගන්න. අපයේදී මේවගේ නෙමෙයි.

:       0       8

සුරලොව ඇල්මන්ගේ Wednesday, 12 October 2022 07:52 AM

හොරුන්ට හිතවත් පොලොස් කොට්ටෝරුවො හිටියොත් හොරුන්ට කියාවි මානව හිමිකම් එකට යන්න කියලා

:       0       7

sharm warn Wednesday, 12 October 2022 08:59 AM

පස්සේ ඇප මත නිදහස් කරයි.හොරා ආයෙමත් හොරකම් කරයි.ඒක තමයි චක්‍රය

:       0       11

මහේෂ් Wednesday, 12 October 2022 01:45 PM

මහබැංකුව කඩපු එකත් නිදහස් වෙච්චි එකේ මෙයා නිදහස්වෙන එක අහන්නත් දෙයක්ද? කන්‍යවියන් 200ක්‌ අවභාවිතා කරපු කෙනෙකුත් නිදහස් වුනේ... අපේ රටේ අධිකරණය හරිම මානුෂිකයි. නැත්නම් මේ අහිංසකයන්ගේ පවුල් අනාථයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 175 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2018 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2664 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6029 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 932 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24411 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18844 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1832 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site