(ඉන්දිකා රාමනායක)
ත්‍රිවිධ හමුදාව විසින් මධ්‍යස්ථාන 18 ක් දී අද (5) දිනය පුරා ‘‘සයිනොෆාම්” එන්නත ලබාදීම සිදු කළහ.
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්යා මණ්ඩල ඒකව බස්නාහිර පළාතේ සහ පිටපළාත්වල වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීම සිදුකර තිබිණි.
යුද හමුදාව බස්නාහිර පළාත හා පිටපළාත් කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්ථාන 12 දී එන්නත් ලබා දී තිබු අතර ගුවන් හමුදාව සහ නාවික හමුදාව බස්නාහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් එන්නත් කරන වැඩපිළිවෙත කි‍්‍රයාත්මක කර තිබිණි.
නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ (බෝධිරාජාරාමය), බත්තරමුල්ල (දියත උයන,) වේරහැර (1 වන වෛද්‍ය බලකාය) ගාල්ල (විද්‍යාලෝක විද්‍යාලය) මාතර (මහින්ද රාජපක්ෂ විදුහල) බදුල්ල (දියතලාව ආරක්ෂක සේනා මුලස්ථානය), අනුරාධපුර (අනුරාධපුර යුද හමුදා රෝහල), පොලොන්නරුව (මින්නේරිය පාබල පුහුණු පාසල) ,කිලිනොච්චිය (කිලිනොච්චි යුද හමුදා රෝහල), මුලතිව් (පුදුකුඩිඉරුප්පු දෙමළ විදුහල), මන්නාරම (ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල) යන ස්ථාන වලදී එන්නත් කිරීම සිදු කළ බව යුද හමුදාව පවසයි.
ගුවන් හමුදාව ස්ථාන හතරක දී එන්නත් කිරීම සිදුකළ අතර ගුවන් හමුදාව පවසයි.
කටුනායක ගුවන් හමුදා කඳවුර (රාජ් ප්‍රනාන්දු කී‍්‍රඩාංගනය), ඒකල ශි‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, රත්මලාන ගුවන් හමුදා කඳවුර පරිශ්‍රය අසල, සහ කොළඹ 8 ගුවන් පුර කඳවුර, ( බොරැල්ල තානියාගම් දෙමළ විදුහල) යන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම මෙම වැඩසටහන ආරම්භ කළ බවත්,ද ගුවන් හමුදාව පවසයි.
නාවික හමුදාව විසින් ස්ථාන දෙකකදී එන්නත් කිරීම සිදුකළ බව නාවික හමුදාව පසසයි.
නාවික හමුදා මුලස්ථානය මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාරය පරිශ්‍රය අසල දී සහ වැලිසර නාවික හමුදා රෝහල මගින් වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේ දී එන්නත් කිරීම සිදුකළ බව නාවික හමුදාව පවසයි.
බස්නාහිර පළාත තුළ පිට පළාත් වල පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා ‘‘සයිනොෆාම්” එන්නතෙහි පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබා දීම මෙම ස්ථානවලදී සිදු කෙරිණි.
මෙම එන්නත්කරණ වැඩසටහන උදෑසන 08.30 පැයේ සිට සවස 04.30 පැය දක්වා කාලසීමාව තුළ දිනපතා පැවැත්වේ
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
(ඡායාරුප: අතුල බණ්ඩාර)
යුද හමුදාව මගින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම.
(ඡායාරූප: ප්‍රියන්ත ජයලත්)
පනාගොඩ යුදහමුදා පන්සලේදී වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් බොරැල්ල තනිනායගම් දෙමළ විද්‍යාලයේ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ත්‍රිවිද හමුදාව එන්නත් කරන කටයුතු සාර්ථකව සිදු කරයි