IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ත්‍රිවීලර් ජාවාරමුන්ට වැඩ වරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

සොරකම් කරන ලද ත්‍රිරෝද රථවල  චැසි හා එන්ජින් අංක වෙනස් කර මෙන්ම පාට හා හැඩතල වෙනස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 80 පමණ වටිනා තීරෝද රථ 8 ක් චැසි හා එන්ජින් අංක කෙටීමට භාවිතා කරන උපකරණ කට්ටල ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් අතර ගරාජ්  හිමියෙක්, වාහන අලෙවි කරන ව්‍යාපාරිකයෙක් සහ 19 හැවිරිදි තරුණයෙක් වන බව පොලිසිය කියයි.

කැස්බෑව පොලිස් බල ප්‍රදේශයේ නැති වූ ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී පොලිස් සැරයන් 75769 ජයතුංග නිලධාරියාට ලද තොරතුරකට අනුව   පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ සිදුකළ සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින 19 හැවිරිදි තරුණයෙකු  ලිසින් ගෙවීමට අපහසු පුද්ගලයන් මුහුණු පොත හරහා හඳුනාගෙන ඔවුන් හමුවට ගොස් ලීසිං වාරික නියමිත පරිදි ගෙවා ගෙන යන බවට පොරොන්දු වී අඩු මුදලක් ඔවුන් වෙත ලබා දී  ත්‍රීරෝද රථ ලබාගෙන ගරාජ් හිමියා වෙත ලබා දී  මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකාර දහනව හැවිරිදි තරුණයා  ත්‍රීරෝද රථ ලබා දෙන පුද්ගලයන් හමුවට ගොස් තමන් කාලයක් පැවිදිව සිටි බවත් එම අවස්ථාවේදී සකසාගත් බැංකු පොත පමණක් තමන් සන්තකයේ තිබෙන බව පවසා හිමිනමකගේ  බැංකු  පාස්පොතේ ඡායා පිටපතක් ඉදිරිපත් කර හා තවත් වරෙක වෙනත් පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකයක පිටපතක්  එම තීරෝද රථ හිමිකරුවන් වෙත ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

සැකකරු මොරගහහේන ගරාජ් හිමියා වෙත ලබාදෙන තිරෝද රථ වල එන්ජින් හා චැසි අංක මෙන්ම පාට සහ අනෙකුත් හැඩතල වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සාදා  පිළියන්දල ප්‍රදේශයේ වාහන අලෙවි ව්‍යාපාරිකයා වෙත ලබා දී  අලෙවි කිරීමේ කටයුතු සිදු කර ඇතැයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මොරගහහේන  ගෝනපොල හංදිය ඇටබ හේන පාරේ ගරාජයක  සඟවා තිබූ තිරෝද රථ 4 ක් සහ පිළියන්දල ප්‍රදේශයේ වාහන අලෙවිසැලක තිබූ ත්‍රීරෝද රථ හතරක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ ආකාරයට කූට ලෙස සකසන ලද තීරෝද රථ නවයක් මෙම සංවිධානාත්මක කණ්ඩායම විසින් විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය

ලිසිං ආයතන වල ධාවනයෙන් ඉවත් කරන ලද තීරෝද රථ මිලදී ගෙන ඒවායේ ලිපි ලේඛන ජාවාරම සඳහා යොදා ගන්නා තීරෝද රථ වලට ගැනුම් කරුවන් වෙත ලබාදී ඇතැයි පොලිසිය කියයි

පොලිස් භාරයට ගත් සියලුම තීරෝද රථ රජයේ රස පරීක්ෂක වෙත සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් අද (06)කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



අදහස් (0)

ත්‍රිවීලර් ජාවාරමුන්ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මෝදි ජනපති කාර්යාලයට එයි
2025 අප්‍රේල් මස 05 158 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට ප


ලංකා මාතාව මෝදි පිළි ගනී
2025 අප්‍රේල් මස 05 756 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළි


මෝදිගෙන් එක්ස් සටහනක්
2025 අප්‍රේල් මස 05 1458 0

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.


මෝදි පිළිගන්න සියල්ල සූදානම්
2025 අප්‍රේල් මස 05 397 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.


ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 04 1524 2

ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මෝදි ලංකාවට පැමිණෙයි
2025 අප්‍රේල් මස 04 3059 3

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 192 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 388 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 913 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site