IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ත්‍රීවීල් කාක්කෙක්ට අසුවූ සුදු යුවළට වනෝද්‍යානය නොමිලේ නරඹන්න අවස්ථාව

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ මුදලින් ගාස්තු ගෙවීමේ ගැටළුවකට මුහුණ දුන් රුසියානු ජාතික යුවලකට සිදුවූ අපහසු තාවය මග හරවා වනෝද්‍යානය නැරඹීමේ අවස්ථාව උදා කර දීමට හොරගොල්ල වන ජීවී නිළධාරීන් පියවර ගැනීමේ සිදුවීමක්  අද (26) පෙරවරුවේ වාර්තා විය.

රුසියානු ජාතික  යුවල  ඹවුන්ගේ කුඩා දරුවාද සමග වේයන්ගොඩ දුම්රියපොළට  පැමිණ හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පිටත්ව ගොස් ඇත. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 03 ක් පමණ දුරින් පිහිටි හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ඹවුන් ගමන් කළ කුලී ත්‍රී රෝද  රිය රුපියල් 3000.00ක මුදලක් අය කර ඇත.

දිවයිනේ විවිධ ස්ථාන වල සංචාරය කිරීමෙන් අනතුරුව ආපසු යාමට පෙර මෙම යුවලගේ ගමනාන්තය වී ඇත්තේ හොරගොල්ල ජාතික වනෝද්‍යානයයි. මෙසේ රට වටේ යාමෙන් ඔවුන් අත තිබූ මුදල් අවසන් වී ඇති අතර  ත්‍රීරෝදයේ කුලිය ගෙවීමෙන් පසුව ඔවුන් අත ඉතිරිව ඇත්තේ රුපියල් 2000.00 ක මුදලක් පමණි. 

හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට ඔවුන් අත ප්‍රමාණවත් මුදලක් නොතිබීම හේතුවෙන් ඔවුන් බැංකු කාඩ් පතෙන් මුදල් ගෙවීමට  කටයුතු කර ඇතත් ඒ සදහා පහසුකම් එහි නොවීමෙන් විදේශික යුවළ මෙන්ම වන නිලධාරීන්ද  මහත් අපහසුතාවයකට පත්ව ඇත.

පස්වරුවේම ඔවුන් ගුවන් ගමනේ යෙදීමට නියමිතව තිබිණි. අවශ්‍ය තරම් මුදල් අත නොතිබිම නිසා වන උද්‍යානය නැරඹිමේ අවස්ථාව ගිලිහි යාමට තිබියදි වන නිළධාරීන් සිදු වී ඇති දෙය පිළිබදව හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ ස්ථන භාර නිළධාරී ඒ. විජේසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කර ඇත. 

විදේශික යුවල පත්ව  ඇති තත්ත්වය පිළිබදව වටහා ගත් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් උසස් නිළධාරීන්ගේ උපදෙස් පතා ඇත්තේ   කිසියම් සහනයක් යුවලට ලබා දීමේ අදහස ඇතිවය.  අනතුරුව විශේෂ අවසරයක් මත විදේශිය යුවළට වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දිමට වනෝද්‍යානය භාර නිලධාරී පියවර ගෙන තිබිණ. 

වන ජීවි නිළධාරීන්ට අනේක වාරයක්  ස්තූති කරමින් විදේශීය යුවල ඔවුන්ගේ දරුවා සමග ඉතාම සතුටින් වනෝද්‍යානය නරඹා ආපසු පිටත්ව ගියේ ශ්‍රී ලාංකිකයන්ගේ සත්කාරය හා ශ්‍රී ලංකා නාමය හදවතේ රදවා ගැනීමෙන් පසුවය. 



අදහස් (14)

ත්‍රීවීල් කාක්කෙක්ට අසුවූ සුදු යුවළට වනෝද්‍යානය නොමිලේ නරඹන්න අවස්ථාව

අරවින්ද මොනරවිල Wednesday, 26 July 2023 06:32 PM

කිලෝ මීටර් තුනක් යන්න රුපියල් තුන්දාහක් ගත්ත කෙනාගේ දෙමාපියන්වත් සතුටින් මතක් කරන්න ඇති....!

:       1       123

පැරකුම්Thursday, 27 July 2023 08:17 AM

ලංකාවේ කොතන හිටියත් ත්‍රීවීල් කාරයා පාදඩ ගති අත් නොහරින බව මම අත් දැකීමෙන් දනිමි.

:       2       16

hemantha Wednesday, 26 July 2023 06:52 PM

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 03 ක් පමණ දුරින් පිහිටි හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ඹවුන් ගමන් කළ කුලී ත්‍රිරෝද රිය රුපියල් 3000.00ක මුදලක් අය කර ඇත.

:       1       0

R M I RATHNAYAKE Wednesday, 26 July 2023 07:27 PM

ත්‍රිවිල් කාක්කන් ගැනත් විස්තර ප්‍රසිද්ධ කළා නම් හොඳයි. ආයේ නොකරන්නම...

:       0       4

ලක්මාල් Wednesday, 26 July 2023 08:06 PM

කුලී රථයක් නම් මීටරය අනිවාර්යෙන් තිබිය යුතු බව මේ දූපතේ වහල් මන්ද බුද්ධිකයින්ට වැටහේවා. පණ්ඩිත කතා එමටයි. මූලික නීති රීති ටිකවත් නෑ. මොන හදිස්සිය තිබ්බත් මීටරය නැති කුලී රථයකට ගොඩ වෙන්න එපා...

:       0       3

sampath Wednesday, 26 July 2023 08:17 PM

ත්‍රිරෝද රථ දැඩි නියාමනයකට යටත් කළ යුතුයි. සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට නම් අනෙක් අතට කාඩ් එකකින් සල්ලි ගෙවන්න බැරි ආයතන මොකටද?

:       0       2

සමන් Wednesday, 26 July 2023 08:33 PM

ත්‍රීවීල් මහත්වරුනි, සාධාරණ මුදලක් අයකර තම සේවාව සපයන්න. එය ඔබේ ආත්ම සියල්ලටම ඵල දෙනු ඇත. එසේම විනයක් ඇතිව ධාවනය කරන්න. නැතහොත් ඔබ සදාකාලික ත්‍රීවීල් රියැදුරෙක්ම වනු ඇත.

:       0       10

nalin Thursday, 27 July 2023 06:12 AM

හිතූ හිතූ ගනන් අය කරන ත්‍රීවීල් රියදුරන්ව පාලනය කරන්න මොකක් හරි පියවරක් රජය ගන්න වෙනව නැතිනම් ලන්කාවට කලු පැල්ලමක් එකතුවෙන එක නිසැකයි.

:       0       13

චමින්ද Thursday, 27 July 2023 08:49 AM

ත්‍රිරෝද රථ රියදුරන්ට මේ ආකාරයට විදේශිකයන් කොල්ල කෑමට නොහැකි වන නීති සකස් කර යුතුයි.රටේ ගෞරවය ආරක්ෂා කළ බුද්ධිමත් නිලධාරීන් අගය කළ යුතුයි.

:       1       15

Senarath Thursday, 27 July 2023 09:07 AM

මෙ වගෙ වැඩකරන ත්‍රීවීලර කාරයො තමා පාරෙ යන වාහන වල හප්පල චුත වෙන්නෙ.

:       0       6

Dextor Thursday, 27 July 2023 10:35 AM

ලංකාවෙ අයටත් ඔහොම දෙයිද දන්නෑ

:       2       9

Lalla Thursday, 27 July 2023 11:26 AM

ත්‍රී රෝද නොබෝ කලකින්ම අතුගෑවෙන දෙයක්... ටැක්සි සේවා ඊට වැඩිය බොහෝ අඩුමිලට සේවය දෙනව. ගම්පහ ඉඹුල්ගොඩ හන්දිය රියදුරන් කිලෝමීටරයකට 160-200 අයකරනව. එක මිලක් නෑ.ඒත් ටැක්සි රු සීයට ඒ දුරම දුවනව...

:       0       9

Magiyek Thursday, 27 July 2023 12:20 PM

ත්‍රීවිල් කාරයෝ තමන් විසින් නැහෙනවා. මේක ළඟදීම නවත්වයි . යන දුරයි, ත්‍රීවීල් ඒකේ නොම්බරයයි තියෙන ටිකට් එකක් නිකුත් කරන්න අනිවාර්ය කෙරුවනම් ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.

:       1       8

Deepal silva Thursday, 27 July 2023 07:12 PM

හැම ත්‍රිවිල් රියදුරෙක් ම එහෙම නෑ, හොඳ මහත් මා ගුණ ඇති එවුන් ඉදහිට හමුවෙනවා සියයට හත්අට දෙනෙක් තමයි නැත වැඩ කරන්නේ

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 44 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


පාසල් හෙට සිට යළි විවෘතයි
2024 ඔක්තෝබර් මස 15 43 0

මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් තිදෙනාට නඩු
2024 ඔක්තෝබර් මස 15 189 0

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ


රිය අනතුරකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 65 0

මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති
2024 ඔක්තෝබර් මස 15 411 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි


සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
2024 ඔක්තෝබර් මස 15 909 1

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 485 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1459 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site