IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තරුෂි -කාලිංග කුමාර ස්පාඤ්ඤයේ සිට කටුනායකට

(ටී.කේ.ජී.කපිල )  

ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එයින් ශ්‍රී ලාංකික ධාවන ශූර තරුෂි කරුණාරත්න රිදී පදක්කමක් සහ කාලිංග කුමාර ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද(20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

 මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ  " බිල්බාවෝ " නුවර ඉකුත් 18 දින පවත්වා තිබුණි .

එහිදී මීටර් 600 ධාවන ඉසව්ව සදහා සහභාගී වූ තරුෂි කරුණාරත්න විනාඩි 01.24.84 ක කාළයකින් මෙම තරගය නිම කර රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .

 මෙම කාළය මෙතෙක් ආසියාවේ මෙම තරග ඉසව්ව සදහා වාර්තා වී ඇති හොදම කාළය වන අතර මෙම ජයග්‍රහණයත් සමග තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 45 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටී . 

ඔලිම්පික් තරග සහභාගී වීමට  ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 48 ස්ථානය දක්වා අවස්ථාව හිමි වන අතර තරුෂි කරුණාරත්න ඒ අනුව ඔලිම්පික් පරිසාදන මට්ටම පසු කර ඇති බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

 එසේම මෙම තරගාවලියේ දී මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සදහා සහභාගී වූ කාලිංග කුමාර එම ඉසව්ව තත්පර 45.91 කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම ජයග්‍රහණයත් සමග කාලිංග කුමාර ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 53 වන ස්ථානය කරා ලගා වී තිබේ .



අදහස් (7)

තරුෂි -කාලිංග කුමාර ස්පාඤ්ඤයේ සිට කටුනායකට

රංබොඩ Thursday, 20 June 2024 02:50 PM

බෝන් අගේන් ඇමැති දන්නෙත් නැතිව ඇති මේ ගැන...

:       6       18

Anura P Thursday, 20 June 2024 03:09 PM

කන්න බොන්නත් හරියට නැතිව උද්දමනයෙන් පිරි අපේ රටේ අහිංසක දූදරුවන් දක්ෂතා ගැන අප ආඩම්බර විය යුතුයි.

:       1       27

SUNIL MILANO Thursday, 20 June 2024 03:13 PM

දුවේ පුතේ නුඹලාට ලෝකය ජය ගැනීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරන අතර... බුදු සරණද ලැබේවා කියාද පතමි...!

:       1       27

de silva Thursday, 20 June 2024 03:28 PM

බෝන් අගෙන් ඇමැතිට බම්බු ගහගන්න කියන්න.. ජය පරාජය කුමක් වුණත් සාදරයෙන් පිළිගන්නවා. ලක්මාතාව ජාත්‍යන්තරයේ බබලවපු අවංක දූපුතුන්.., ගුවන්තොටුපලේ ඉදිරි දොරෙන් පිටවෙලා STF ගාර්ඩ් නැතුව කොන්ද කෙලින් තියාගෙන ගෙදර යන්නේ නියම වීරයෝ, ගාර්ඩ් දමාගෙන ගුවන්තොටුපලේ හොර පාරෙන් පස්සේ දොරින් පැනලා යන්නේ පගාකාරයෝ, හොර දේශපාලකයෝ වැනි පුද්ගලයෝ...

:       4       21

duminda Thursday, 20 June 2024 03:28 PM

සුබපැතුම් හදවතින්ම... අර හැමදාම පැරැදිලා පම්පෝරි ගහන අය මේ දිහා බලලාවත් හැදියව්...

:       2       21

Lalla Thursday, 20 June 2024 09:14 PM

ජයවේවා..... තරුණ ජවය... හික්මීම ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයපැන් බොති. වීරත්වය ප්‍රදර්ශනය කර මව්බිමට පැමිණෙති. ..

:       1       10

Samanthika Friday, 21 June 2024 10:05 PM

සුබ පැතුම් දෙන්නාටම ඉදිරියටම යන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 0 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 143 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 162 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 257 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 889 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 570 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site