(රෝෂන් තුෂාර)
විදෙස් ත්‍රස්ත සංවිධාන වල අවශ්‍යතාවය මත විදෙස් සංචාරකයින් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කළේ යැයි සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු (ආරක්ෂක ඇමති) ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි දින 90ක් රඳවා ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන සිදු කරන බව බව රහස් පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (29) සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්,ඉදිරියේ විමර්ශන කටයුතු කරගෙන යෑම සඳහා අවසර ලබාදෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විශේෂ මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය.
විදෙස් සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටියේ යැයි කියන සංචාරක කලාපයක් ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන යන්ට අදාළ නඩුවට විශේෂ මෝෂමක් ගොනු කරමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත් අඩංගුවට ගත් සැරකරුවන් දෙදෙනෙකු රඳවා ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කරුණු දක්වමින් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළ වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු හා විශේෂ වාර්තාව සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කර විමර්ශන ගොනුව බහා තැබීය.
අසල්වැසි නිවසේ සුරතලයට ඇති කළ සුනඛයාට වායු රයිෆලයකින් වෙඩි තබා මරා දැමූවේ යැයි කියන විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක් කඳාන පොලිසියේ නිලධාරීන් ක
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
රජයේ බංගලා බාර නොදෙන හිටපු ඇමැතිවරුන්ට අදින් (30) පසු නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසය
ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද ක
අලි මිනිස් ගැටුම වළකාලකාලීමේ අරමුණින් තනා ඇති අලි අගල් වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල
වීරඹුගෙදර පොලිස් ස්ථානයේ තිබූ රිවෝල්වර පිස්තෝලයක් සහ එම උණ්ඩ 05 ක් අස්ථානගත වී ඇතැයි කියයි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ත්‍රස්තයන් යැයි සැක තවත් දෙදෙනකු රඳවා ප්‍රශ්න කරයි