(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාවේ ඉකුත් වසර වල විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදයක් පැවති බව ජාතික තරුණ සේවා සභාවේ අභ්‍යන්තර විගණන අංශය සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අතර සාකච්ඡාවකදී අනාවරණය විය.
මහරගම තරුණ සේවා සභාවේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ එම ප්‍රමාදයන් සිදු වීමේ හේතුව පිළිබඳව සොයාබලා එම කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභාවේ විගණන වාර්තාව නිර්දේශ සමඟ කඩිනමින් ලබාදෙන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා විගණන අංශයට දැනුම් දුන්නේය. විගණන අංශයේ පවතින ගැටලු සහ දැනට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය පිළිබඳවත් මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
නියෝජ්‍ය අමාත්‍යවරයා විගණන අංශය, තරුණ සේවා සමූපාකාරය, වෘත්තීය මාර්ගෝපදේශ අංශය, තරුණ සේවා සමාගම, යෞවන තිළිණ ප්‍රදාන අංශය, මාධ්‍ය අංශය, නිස්කෝ ආයතනය, තොරතුරු තාක්ෂණ අංශය, ව්‍යවසායකත්ව සංවර්ධන අංශය යන අංශ සමඟ සාකච්ඡා කළේය.
කැසිනෝ නියාමය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන එන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පොලිස් හිස්වැසුම් නොමැතිව, කහට පැල්ලම් සහිතව බුලත්විට කමින් මහජනයාට අශෝභන ලෙස මාතර වැල්ලමඩම ප්‍ර දේශයේ ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි මාතර පො
සිවිල් යුද්ධය නිමවී වසර 15ක් ගත වී තිබියදීත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ල
චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩාකර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්‍ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල්
උතුරු මැද පළාතේ පාසල් තුන්වන වාර පරීක්ෂණයේ 6,සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා, ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජය
පුද්ගල ඝාතනයකට ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
තරුණ සේවා සභාවේ විගණන ප්‍රමාද ගැන කරුණු අසයි