(රංජන් කස්තුරි)
ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි.
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60න් අඩුකර ඇති නිසා ත්‍රිරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බද සමස්ත ලංකා ත්‍රි රෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා පැවසීය.
ත්‍රිරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමිටර 20ක් පමණ වන අතර පෙට්‍රල් ලීටරයකට රුපියල් 60ක් අඩුකිරීම නිසා කිලෝමීටරයකින් අඩු කළ හැක්කේ රුපියල් 3ක මුදලකැයිද දිසානායක මහතා කීය.
ටයර් මිල, නඩත්තු වියදම් හා පාරිභෝගික භාණ්ඩවල අධික මිල නිසාත් ත්‍රිරෝද රථවලින් ගමන් යෑම ජනතාව බොහෝ සේ සීමාකර ඇති නිසාත් මේ වන විට කර්මාන්තය කඩා වැටී ඇතැයිද දිසානායක මහතා කිවේය.
පෙට්‍රල් මිල අඩුවීම මත කිලෝමිටරයකින් රුපියල් 3 සහනයක් ත්‍රිරෝද හිමියාට ලැබුණු නමුත් අනෙකුත් අධික වියදම් සමඟ සසඳන කළ එය සොච්චමකැයිද ඔහු පැවසීය.
එම නිසා ත්‍රීරෝද රථ ගාස්තු කිසිසේත් අඩුකළ නොහැකි බවද මෙරිල් දිසානායක මහතා කීය
‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑ
thushara Thursday, 30 March 2023 04:34 PM
ආ කමක් නෑ .. අපි පික්මී යන්නම්
pakeer Thursday, 30 March 2023 04:54 PM
ආයේ අඩු කරත් උඹලාගේ ත්‍රී වීල් වල යන්නේ නැහැ .uber pickme තියනකම්
Lalla Thursday, 30 March 2023 05:20 PM
ඒකත් ඉවරකරගන්න හදන්නේ. මිල අඩුවීම අත්‍යාවශ්‍යයි.
ruwan Thursday, 30 March 2023 05:28 PM
අර 225ට අමතරව මේ ඉන්නෙත් එක විදිහකින් හොරාකන අය තමයි.
ranjith Thursday, 30 March 2023 05:52 PM
ත්‍රී වීල්වල යෑම නතර කරමු... අසාධාරණ ගාස්තු නිසා...
Mr Don Thursday, 30 March 2023 07:22 PM
පික්මී එක නම් හොඳයි.
TP Thursday, 30 March 2023 10:26 PM
එහෙනම් ලීටරෙන් 20ක් යන්න පුළුවන් නම් කිලෝමීටරේට රු17 ගානේ ගත්තා නම් හරි...
dana Thursday, 30 March 2023 11:02 PM
ඔව් ඒක ඇත්ත, අපි කූල් එකේ පික්මී එක්ක යමු. ඔයාලා අඩුකරන්න ඕනේ නැහැ පැටියෝ...
Sawa Friday, 31 March 2023 12:06 AM
මාවනැල්ලේ මීටර් 600 දුරකට 150ක් අයකරනවා. ඇහුවාම කියනවා අඩුම ගාස්තුව 150ක්ලු. ඉතින් හයර් නැතිවෙයි...
Samitha S. Aluthgamage Friday, 31 March 2023 11:56 AM
මිනිසුන් ගැන හිතන, මිනිසුන්ගේ දුක දන්නා කාරුණික ත්‍රී වීලර් කරුවන් පිරිසක් තමන් ගාස්තු අඩු කළබව මාධ්‍යවලට පවසා තිබෙනු දුටුවා. මේ අය මෙසේ කීවත්, ඒ අයට අඩු කරන්නට පුළුවන් වුණේ ඇයි? ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ත්‍රී වීලර් ගාස්තු අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි. එසේ නොකරන අයට දැඩි දඬුවම් දිය යුතුයි.