(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේන් පලාගිය රැදවියන් තවත් සිව්දෙනකු අද 17 රාත්‍රි කන්දකැටිය වැල්ලවලතැන්න පාර 10 කොටස බදුලුඔය රක්ෂිතයේ කුඹුරු යායකදි අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වෙමින් සිටි කොළඹ මෝදර මට්ටක්කුලිය , වැල්ලම්පිටිය , දෙමටගොඩ, මාලිගාවත්ත යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 22, 24,26 සහ 27 වයසේ පසුවෙන තරුණයන් සිව්දෙනකු යැයි පොලිසිය කීය.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත් වී අධිකරණ ය මගින් බන්ධනාගාර ගත කර බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වීමට මීට මාස දෙකකට ඉහතදී මොවුන් සිවුදෙනා මෙහි පුනුරුත්ථාපනය සදහා එවා ඇති බවත් පොලිසිය පැවසීය.
එසේ සිටියදී අද (17) අලුයම බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් නවදෙනකු ඉන් පැන පලාගොස් ඇති අතර ,පලාගිය රැදවියන්ගේන් දෙදෙනකු පෙරවරුවේ තල්දෙන ප්‍රදේශයේ ලදු කැකැළෑවක සැගවී සිටියදී බන්ධනාගාර නිළධාරින් සොයා ගත්හ.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තල්දෙණින් පැන්න තව හතරක් මාට්ටු