IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තිලොවම එකලු කළ බුදු තෙමගුල අදයි

තිලොවම එකලු කළ බුදු තෙමගුල අදයි.

" යථාපි උදකෙ ජාතං පුණ්ඩරීකං පවඩ්ඩතී

නූපලිප්පති තොයෙන සුචිගන්දං මනොරමං

තථෙව ලෝක සුජාතෝ බුද්ධෝ ලෝකේ විරජ්ජත

නූප ලිප්පති ලෝකෙක නොයෙන පදුමං යථා

- අං.නි.නාග සූත්‍රය -

" දියෙහි උපන් සුදු පියුම යම්සේ වැඩේ ද පිවිතුරු සුවඳින් වූයේ,මනරම් වූයේ,යම් සේ දියෙහි නො කැවරේ ද,එපරිද්දෙන් ලෝකයේ මැනවින් උපන් බුදුරජාණන් වහන්සේ ලොවෙහි නො ඇලෙයි.දියෙහි නො තැවරෙන පියුම් මෙන් ලෝකයේ නො තැවරෙයි."

ශාන්ත වූ ධර්මයේ ආලෝකයෙන් මුළු තුන් ලොව සියල්ලන්ගේම හදවත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ උත්පත්තිය,බුදුවීම හා පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් අති පාරිශුද්ධත්වයට පත් වුණු දිනය වන්නේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයයි. තුන් ලොව පුබුදු කරවන වෙසක් පෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර දිනය මෙන්ම ලක්වැසියන් ගේ ශ්‍රේෂ්ඨතම ජාතික දිනය ද වන්නේය.

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී බුදුහිමියන් පහළ වීමට පෙර භාරතයෙහි පැවති ආගමික මතවාද පිළිගත් ජන කණ්ඩායම් හා ආගම් ගණන හැට දෙකකට අධිකය.ඉන් ප්‍රධාන වූයේ බ්‍රාහ්මණ හෙවත් බමුණු ආගමයි.ඒ තුළ නිර්මාණවාදය ප්‍රමුඛ කරගත් ජනයා වර්ණයන් ට අනුව සමාජ සංස්ථා හතරකට වෙන් කෙරුණු අතර පුද්ගල නිදහස සීමාකොට ඔවුන් යම් රාමුවකට කොටු කර තිබුණි.පිරිමි පාර්ශ්වය ට ලැබුණු නිදහස හා අයිතීන් ස්ත්‍රීන් ට නොලැබුණි.ස්ත්‍රී ආත්මයක් ලැබීමත් නොවැදගත් ලෙස බමුණු සමාජය සැලකූහ.

මෙකල සිදුහත් උපත සිදුවූයේ භාරතීය සමාජයට පමණක් නොව සමස්ත මානව ප්‍රජාවටම උතුම් වූ බුද්ධෝත්පාද යුගයක් උදා කරමිනි.කපිලවස්තුපුර කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවර ට යන අතර ලුම්බිණි සල් උයනේ දී මහ බෝසතාණන් වහන්සේ පිරූ පාරමී දම්හී අනුහසින් සත් පියවරක් උතුරු දිසාවට ගමන් කරන්නට පියුම් සතක් ඒ ඒ පියවර තබන්නට මහ පොළොවෙන් මතුවිය.

" මම ලොවට අග්‍ර වෙමි,මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි,මම ලොවට ශ්‍රෙෂ්ඨ වෙමි.මේ මාගේ අවසන් භවයයි.මින් මතුමාගේ ඉපදීමත් නැත" යන අභීත සීහනාද පවත්වන්නේ ද පෙර පින් බලමහිමය නිසාවෙනි.

මේ ආකාරයට මුළු මහත් ජන සමාජය ට ම හිත සුව පිණිස උත්පත්තිය ලද අප මහා බෝසතාණන් වහන්සේ රජ පෙළපතකට අයත් වුවද,රාජ සම්පත් විඳින්න ට භාග්‍යවන්ත වුවද ඒ සියල්ල අතහැර නිර්වාණාවබෝධය පිණිස පාරමී පිරූහ.සුද්ධෝන මහරජතුමා ගේ එකම සිහිනය වූයේ තම පුතු සක්විති රජ කෙනෙකු වෙනවා දැකීමට ය.ඒ නිසා පුතුට දියහැකි ඉහළ ම සැප සම්පත් ලබා දීමට පියරජතුමා වග බලා ගත්තේය.උතුරු දඹදිව කාලගුණික සෘතු අනුව සිය පුතුට වාසය කිරීමට සුදුසු මාලිගා තුනක් ඉදිකොට උයන් ප්‍රාසාද කරවා සැප සම්පත් ලබා දීමට ක්‍රියා කළේය.

කුමරු වෙනුවෙන් නෘත්‍ය කණ්ඩායම් මෙන්ම මුළු දඹදිවෙන්ම රූමත්බවින් අගතැන්පත් යශෝදරා කුමරිය විවාහ කර දෙනු ලබන්නේ පුද්ගලයෙකු ට විඳිය හැකි උපරිම සැප සම්පත් වලින් තම දරුවා ආඩ්‍යය කරමිනි.

එහෙත් සිදුහත් බෝසතාණෝ පෙර සසර පුරුදු නිසාම ජීවිතයේ නිස්සාර බව අනිත්‍යතාව නිරන්තරයෙන් මෙනෙහි කරමින් දිවි ගෙවූහ.මේ අතර සතර පෙර නිමිති දැකීමෙන් කලකිරීමට පත් බෝසත් කුමරා ගිහිගෙයින් නික්ම යාමට තීරණය කරනු ලබන්නේ " කිං සච්ච ගවේෂි " උතුම් වූ සත්‍ය කුමක් ද ? සොයා ය.

මෙලෙස අභිනිෂ්ක්‍රමණය කළ අප මහ බෝසතාණෝ භග්ගව තවුසා වෙත පැමිණ එතුමා ගේ ධර්මය හැදෑරිය.එහෙත් තමන් සොයන සත්‍යය ධර්මය මෙය නොවන බව වටහා ගෙන ඔහුට ගරු කොට ඉන් ඉවත් ව යයි.පසුව විශාලා මහනුවර ආලාරකාලාම තවුසා වෙත පැමිණ ධර්මය හැදෑරුවද කෙටි කලකින් ඔහු දැන සිටි දහම් කරුණු පැහැදිලි කර ගත් අප මහා බෝසතාණන් වහන්සේ උද්ධකරාමපුත්ත තවුසා වෙත ද පැමිණේ.අවසානයේ තමන් විසින් සොයන යථාර්ථය සත්‍යය මෙය නොවන බව වටහගෙන තමන් තනිවම සත්‍යය සොයාගත යුතු යැයි තීරණය කොට ඒ සඳහා ක්‍රියාකරයි.

පසුව නේරංජනා ගං තීරය අසල සිත්කලු වන ලැහැබක අත්තකිලමතානුයෝගීව ශරීරයට අධික දුක් දෙමින් සත්‍යයාවබෝධ කර ගැනීමට උත්සාහ දරයි.ඉන් පලක් නොමැති තැන කාමසුඛල්ලිකානුයෝගීව වඩයි.ඉනුදු ඵලක් නොවූයෙන් අවසානයේ මැදුම් පිළිවෙත අනුගමනය කරනු ලැබීය.

අදවන් වෙසක් පුර ප⁣සලොස්වක පොහෝ දිනයක සොත්ථිය බමුණා මුණගැසුණු අතර බමුණා සතුට ට පත්ව තමන් සතු කුස තණ මිටි අටක් බෝසතාණන් වහන්සේ ට පූජා කළේය.බෝ මුළ කරා ගිය බෝසතාණන් වහන්සේ එම කුස තණ මිටි අට එහි අතුරා විදුරසුනෙහි වැඩ හිඳ බුද්ධත්වය ලබා මිස යලි නොනැගිටිමි යන අධිෂ්ඨාන කොට දිවි තොර වුව ද වීර්යය අත් නොහරිමි යන ස්ථීරසාර අදහසෙහි පිහිටා ක්‍රියා කලේය.තිස්පස් වියැති බෝසතාණන් වහන්සේ ආනාපානසති භාවනාව වඩමින් සිත සමාධිගත කළහ.එදින රාත්‍රී පුබ්බේනිවානුස්සති ඥානය හෙවත් පෙර අත්භව සිහිකරන නුවණ පහළ විය.මධ්‍යම යාමයේ දී සත්ත්වයින් ගේ උත්පත්තිය හා මරණය සිදුවන අයුරු දැකීමේ නුවණ හෙවත් චුතූපපාන ඥානය පහළ විය.පශ්චිම යාමයේ දී උන් වහන්සේ ගේ පටිච්චසමුප්පාදය පදනම් කොට ගෙන විදර්ශනා වඩා සියලු කෙලෙස් නසන නුවණ හෙවත් ආසවක්ඛ්‍ය ඥානය උපදවා ගත්හ.මෙම ත්‍රිවිද්‍යා ඥාන උපදවාගත් සිදුහත් බෝසතාණෝ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සත්වයාගේ යහපැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සමානාත්මතාව සහජීවනය හා ආගමික සහනශීලීත්වය වෙනුවෙන් කටයුතු කළ ආකාරය බුදු හිමියන්ගේ ජීවිත කතාව පිළිබඳ අධ්‍යනය කිරීමෙන් මනාව පැහැදිලි වේ.

නිර්වාණ මාර්ගය වෙනුවෙන් වත්මන් විද්‍යාඥයන් පවා මවිත කරවන දර්ශනයක් දේශනා කොට වදාළේ ලෝක සත්ත්වයා කෙරෙහි පතල අපමණ දයාවෙනි.බුද්ධ ඥානය හා එම දර්ශනය කොතරම් උතුම් ද? කොතරම් අකාලික ද ?

යන්න සමකාලීන ශාස්තෘවරු මෙන්ම නූතන ගවේෂකයන් විද්‍යාඥයන් බුදුහිමියන් පිළිබඳව ඉදිරිපත් කොට ඇති මත විමසා බැලීමේ දී මනාව අවබෝධ කර ගත හැක.

තම අරමට වඩින බුදුරදුන් දැක තම පිරිස නිහඬ කළේ,භවත්නී නිහඬ වනනන.ශබ්ද කරනනන එපා.මේ ශ්‍රමණභවත් ගෞතමයෝ ති.ඒ ආයුෂ්මත්හු නිහඬ බව කැමති වෙති.නිහඬ භවය ගුණ කියති.නිහඬ බව දැක පැමිණිය යුතු යයි කියන්නේ නම් හොඳය.

( සකුළුදායි පිරිවැජියා) " මා විසින් ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලදී.බුදු රදුන් විසින් අනුශාසනය කරන ලද්දේය.ගුරු වූ බර බහා තබන ලදී.තණ්හා නම් වූ භවයෙහි නියාමකත්වය විනාශ කරන ලදී.යම් අර්ථයක් සඳහා ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වී නම් ඒ අර්ථය මා විසින් කරන ලද්දේය.මට සහ වාසියෙකුගෙන් කවර ප්‍රයෝජනයක් ද" කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ තමන්ගේ භව ගමන නවතාලීමට බුදුන්ගෙන් අනුශාසනා ඉවහල් වූ බව දක්වා ඇති ආකාරයයි.

විවිධ ආගමික මතවාදයන් හී එල්බගත් නායකයින් අනුගාමිකයන් පමණක් නොව සමකාලීන ප්‍රබල රාජ්‍ය පාලකයන් ද සිටුවරුන් හා වෙනත් පිරිස් ද බුදු රදුන් ඇගැයීමට ලක් කළ අවස්ථා රැසක් සූත්‍ර පිටකයේ දක්නට ලැබේ.

ධම්මචේතිය සූත්‍රයේ දැක්වෙන්නේ කොසොල් රජතුමා බුදුරදුන් ඇගැයීම ට ලක් කළ අවස්ථාවකි.බෞද්ධ ශ්‍රාවක පිරිස් තුළ පවත්නා සුවිශේෂී ගුණාංග කිහිපයක් එමගින් අගයා ඇත.

ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පිළිබඳව නූතන ඇගැයීම් සලකා බැලීමේ දී ද විශේෂ අවස්ථා රැසක් සඳහන් කළ හැක.මේ අතර විද්වතුන්,දාර්ශනිකයින්,සමාජ ශෝධකයින්,ලේඛකයන්,දේශපාලකයන්,ඉතිහාසඥයන් වැනි සුවිශේෂී පිරස වෙති.මීට සාක්ෂි පූජ්‍ය කිරින්දේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් රචිත " බුදු දහම බුද්ධිමතුන්ගේ ඇසින්" ග්‍රන්ථය පෙන්වා දෙයි.

බුදුරජාණන් වහන්සේ වනාහි උන්වහන්සේ විසින් දේශනා කරන ලද සියලු ම ගුණ ධර්මයන් හී ප්‍රතිමූර්තියයි.වචන ක්‍රියාවට නැගූහ.දුබලතාවක් හෝ පහත් හැඟීමක් උන්වහන්සේලාගෙන් දෘශ්‍යමාන නොවීය.ලෝකයේ ඉතාම පරිපූර්ණ ආචාරධර්ම පද්ධතියක් ඉදිරිපත් කළේ බුදුන්වහන්සේ බව ජර්මන් ජාතික මහාචාර්ය මැක්ස් මුලර් ද සඳහන් කර ඇත.

ඉතිහාසය පුරා ප්‍රචලිත පුද්ගලයින් අතරින් ගුණයෙන් හා ප්‍රඥාටවන් ක්‍රිස්තුන් වහන්සේ ඉහළ සිටින බවක් කමන්ට නොහැඟෙන බව මහා දාර්ශනික බර්ට්‍රන්ට් රසල් පවසා තිබේ.නූතන විද්‍යාත්මක අවශ්‍යතාවලට මුහුණ දෙන ආගමක් වේ නම් ඒ බුදු දහම බව විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් දක්වා ඇත.

මෙවන් උත්තරීතර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ට පත්ව පන්සාලිස් වසක් පුරා මහා කරුණාවෙන් ලෝකයාට දහම් මග පෙන්වා දුනි.අවසන් වස් කාලය බේලුව ගමෙහි වස් විසූහ.මෙහිදී ආනන්ද තෙරුන් වහන්සේ අමතා වදාරන්නට යෙදුනේ " ආනන්දය.මම කිසිදු සැඟවීමක් නොකොට ධර්මය මනාව එළිදරව් කොට දේශනා කළෙමි.ඟුරු මුෂ්ටියක් තබා නොගනිමි.භික්ෂූන් වහන්සේ පාලනය කරමින් කියා හෝ උන්වහන්සේ මා උදෙසා ජීවත්විය යුතු යැයි කියා හෝ කිසිදු අදහසක් මා තුළ නැත.දිරාගිය ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ තබාගෙන යන්නේ යම් සේද..මාගේ ශරීරය ද එපරිද්දෙන් ම පවතී.ආනන්දය එබැවින් තමාම තමාට පිහිට කොට ධර්මය ම සරණ කොට වාසය කරන්න."යනුවෙනි.

මේ ආකාරයට බුදු හිමියන්ගේ ජීවිතය ම කැප කරන්නට වූයේලෝක සත්ත්වයන් වෙනුවෙනි.ඔවුන් ගේ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරලීම අටියෙනි.

සංස්කෘත භාෂාවෙන් ." වෛශාඛ්‍ය" පාලි භාෂාවෙන් " වේශාඛ" වී මෙම වචනය සිංහල භාෂාවට වෙසක් යනුවෙන් හඳුන්වනු ලැබේ.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය,බුද්ධෝත්පත්තිය හා සම්බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණය සිහි කරමින් මැයි මාසයේ දී පවත්වන මෛ උත්සවය පාරම්පරිකව පැවතගෙන එන රාජ්‍ය චාරිත්‍රයක් බව දීපවංසය හා මහාවංසයේ සඳහන් වේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකක් ඉක්ම ගිය පසු මගධාදීපනී ධර්මාශෝක මහරජතුමා විසින් වෙසක් පොහොය නිමිත්තෙන් මහත් උත්සවය සිදුකළ බව අශෝකශිලා ලේඛන වල සඳහන් වේ.පස්වැනි සියවසේ බෞද්ධ රාජධානි පිළිබඳ ව තොරතුරු සපයමින් සිටි පාහියන් හිමියන් දේශාටක වාර්තාවල ද භාරතයේ අවුරුද්දක් පාසා පෙරහැරක් පවත්වා ඇති බව සඳහන් කරයි.

ලක්දිව ට බුදු දහම රැගෙන ඒමෙන් පසුව මෙබඳු උත්සවයක් පැවැත් වූ බව ප්‍රථම වරට හමු වන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ ය.තම රාජ්‍ය සමය තුළ වෙසක් උත්සව විසි හතරක් පවත්වා ඇත. එමෙන්ම ලක්දිව පාලනය කළ බොහෝ රජවරුන් තමන් ට හැකි, ආක්‍රමණ නැති අවස්ථාවල වෙසක් උත්සව පවත්වා ඇති බව වංශකතාවල සඳහන් වේ.

ලංකාවේ 1998 විදේශ අමාත්‍යාංශය මගින් කොළඹ පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ දී වෙසක් දිනය ජාත්‍යන්තර පිළිගැනීමේ අදහස ප්‍රථම වරට සාකච්ඡා කරන ලදී.ඒ අනුව එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1999 සැප්තැම්බර් මස පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී ප්‍රාරම්භක විවාද අවස්ථාවේ දී යෝජනාව ඉදිරිපත් කර ඇත.එය එක්සත් ජාතීන්ගේ සංවිධානය ට වෙසක් උත්සවය නිමිත්තෙන් කිසිදු වියදමක් දැරීමට සිදු නොවන පරිදි සම්මත විය.

මෙසේ ඇති වූ වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ලද අතර ලක්දිව පමණක් වෙසක් දිනට පසු දිනය ද නිවාඩු දිනයක් වශයෙන් නම් කර ඇත.එසේම වත්මන් රජයන් මගින් වෙසක් සතියක් වශයෙන් ප්‍රකාශය ට පත් කරමින් විවිධ උත්සව පවත්වනු ලබයි.ශීල සමාදාන,දන්සැල් තොරණ, පහන්කූඩු,තරඟ භක්තිගීත ආදිය පවත්වයි.මේ සියල්ල ම සිදු කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ ගේ තෙමගුල සිහිපත් කරමිනි. මීට අමතරව උතුම් වෙසක් පුර පසලොස්වක පොහොය දා බුදුන් වහන්සේ කිඹුල්වත් පුරට වැඩවීම,යමාමහ පෙළහර පෑම,කැලණිය ට වැඩමවීම,විජය කුමරු ගේ ලංකාගමනය රුවන්වැලිසෑය ආරම්භ කිරීම ආදී වැදගත් කාරණා රැසක් සිදු වූ දවසක් ලෙස ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.ඒ අනුව බෞද්ධයන් වශයෙන් අපි සියලු දෙනාටම වෙසක් දවස අතිශය වැදගත් උතුම් දවසක් වන අතර ධර්මානුකූලව ආමිස ප්‍රතිපත්තිපූජා පවත්වා මෙලොව පරලොව යහපත සලසා ගනිත්වා.

තෙරුවන් සරණයි

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ සබරගමු පලාතේ උපප්‍රධාන සංඝනායක ගල්ලෙනගොඩ රජමහා විහාරාධිපති රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යාන පිරිවෙන් පරිවේනාධ්‍යක්ෂ ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මදින්න පූජ්‍ය දම්පහළ සීලානන්ද නාහිමි .



අදහස් (3)

තිලොවම එකලු කළ බුදු තෙමගුල අදයි

රංබොඩ Thursday, 23 May 2024 09:34 AM

පුළුල් වපසරියකින් ලියන ලද , සද්ධාව සහ දැණුමෙන් සපිරිණු ලිපියකි. කියවීමේ ලැදියාව ඇතිවන ලෙස බස හසුරුවා ඇත. තෙරුවන් සරණයි !

:       0       55

විලයායේ ගුණවර්ධන Thursday, 23 May 2024 10:05 AM

ලිපියේ අඩංගු කරුණු ගැන බැලීමේදී සිදුහත් තාපසතුමා ආලාරකාලාම හා උද්ධකාරාම පුත්ත තවුසන්ගේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව පස්වග තවුසන් වෙතට වැඩම කර අත්තකිලමතානු යෝගීව තවුස්දම් පිරුවා කියලා අපි ඉගෙන ගෙන තියෙනවා අන්තිමේ උන්වහන්සේ එය අතහැර ගොස් මධ්‍යම ප්‍රතිපදාව පිරුවා කියලත් අහල තියෙනවා ඒක කොහොම වෙතත් මෙහි පස්වග තවුසන් ගැන සදහන් නොවීම නම් බරපතළ කණගාටුවට කරුණක් කියන්න පුළුවන්

:       3       0

පිටිගල මිලානෝ Thursday, 23 May 2024 05:19 PM

ලංකාවට දැන්වත් බුදුදහම ලැබේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1111 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 10 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1151 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 845 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 508 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site