IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි

(සුජිත් හේවාජුලිගේ)

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ ඇති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු  රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීමේ සූදානමක් වාර්තාවීමෙන් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ  නිලධාරින් කණ්ඩායමක් වහාම එහි පැමිණ එම උත්සාහය වළක්වා ඇත.

පසුව එම ලියකියවිලි වගකිවයුතු නිලධාරියකු බාරයට පත්කර ඇතැයි එහි ආරංචි  මාර්ගවලින්  පැවසේ.

දූෂණ වංචා සම්බන්ධ මෙම ලිපි ගොනු විනාශ කිරීමට සූදානම් වී ඇතැයි පැවසෙන්නේ මෙම සභාපතිවරයා විසින්  එම මණ්ඩලයේ උසස් තනතුරකට මෑතකදී පත් කෙරුණු නිලධාරියක බව දැනගන්නට ඇත.එම නිලධාරිනියද විවිධ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ තැනැත්තියක බව ආරංචි මාර්ග සඳහන් කළේය.

අමාත්‍යාංශයේ විගණන කළමනාකරණ කමිටුවේදී පසුගිය 8 වැනිදා ගත් තීරණයක් අනුව මෙම ලිපි ලේඛන පිටතට ගෙන යෑම  මෙසේ වළක්වා ඇත.

මේ අතර තල් සංවර්ධන මණ්ඩලයේ  මුල් පුටුවකට  මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නැති මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු පත්කර ඇතැයි එහි සේවකයෝ  වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට ලිපියක් යවමින් දැනුම් දෙති.

එසේම මෙම ප්‍රධානියා කෝටි හතරකට ආසන්න මූල්‍ය වංචාවලට සම්බන්ධ අමාත්‍යාංශ පරීක්ෂණවලින් පසු ඉවත් ඉවත් කෙරුණු නිලධාරීන් පිරිසක්  එම මණ්ඩලයට  පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවටද  ඔවුහු චෝදනා කරති.



අදහස් (1)

තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි

Premachandra Tuesday, 14 January 2025 08:11 AM

ඕවා 1988-89 භීෂණ කාලයේත් සමහරක් පළාත් පාලන ආයතනවලත් සිදුවෙලා තියෙනවා එක්තරා පළාත් පාලන ආයතනයක හිටපු ලිපිකරුවෙකුට විනයානුකූලව දඩුවමක් දීලා එම ලිපිය පුද්ගලික ලිපි ගොනුවෙ ගොනුකර තිබුනා ඉතින් එම පුද්ගලයා එම කාර්‍යාලය ගිනිතබා එම ලේඛන විනාශකලේ ජවිපෙ විසින් ඒවා කලා කියන්න තමයි අන්තිමේ අදාල පුද්ගලයා අතැතිව තිබූ ලිපිවල පිටපත් අරගෙන ගොනුව සකසා නිර්දෝශි කෙනෙක් වගේ ශ්‍ර්‍රිලංකා පරිපාලන සේවයේ විභාගයටත් ලියා සමත්වෙලා එක්තරා පළාත් සභාවක ඉහල තනතුරක් දරා විශ්‍රාම ගත්තා

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වරායේ බත් පැකට්ටුවේ කැරපොත්තෙක්
2025 ජනවාරි මස 14 73 0

දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බ


තෛපොංගල් උත්සවයෙන්
2025 ජනවාරි මස 14 29 0

’’අස්වැන්න නෙලීමේ උත්සවය’’යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.


විදුලි බිල සියයට 30 ක් අඩු කළ හැකියි
2025 ජනවාරි මස 14 118 0

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශ


වෙහෙරගල -ලුණුගම්වෙහර වාන් දොරටු විවෘත කරයි
2025 ජනවාරි මස 14 173 0

අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව ජලාශ


‘සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත් කරනවා’
2025 ජනවාරි මස 14 228 0

සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත



මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 196 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 544 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 295 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site