IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


තෙල් ගැටලු හමුවේ ගැබිණි මවට කල්තියා රෝහල් ගතවීමේ සැලසුමක්

රටේ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණයත් සමග ප්‍රවාහන සේවාවේද ගැටලුකාරී තත්ත්ව පැන නැගී ඇත. මෙම අවිනිශ්චිත වාතාවරණය හමුවේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවක් ඒ පිළිබඳ වෙනදාටත් වඩා වැඩි අවධානයක් , සංකූලතා ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ. ගැබිණි මවුවරුන්ට ඒ උදෙසා වන උපදෙස් මාලාවක් පහත ලිපියේ දැක්වේ.

දරු ප්‍රසූතියට සුදුසුම රෝහලයි

පසුගිය දශක කිහිපය පුරාම සෞඛ්‍ය සේවා පද්ධතියේ ඇති වූ ප්‍රගතියත්, දරු ප්‍රසූති අතුරින් සියයට 99.9ක්ම රෝහල්වල සිදු වීමත් හේතු කොට ගෙන ලංකාව ආසියාවේ අඩුම මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස පිළිගෙන ඇත.

එයාකාරයෙන්ම මාතෘ මරණ සහ ළදරු මරණ අනුපාතිකය අවම මට්ටමක පවත්වා ගෙන යාම සඳහා දරු ප්‍රසූතිය සඳහා සුදුසුම ස්ථානය රෝහලකි. මන්ද ඕනෑම ගර්භනී කාන්තාවකට සෞඛ්‍ය ප්‍රශ්න රහිත පූර්ව ප්‍රසව කාල පරිච්ඡේදයක් තිබුණද දරු ප්‍රසූතියේදී සංකූලතා ඇති විය හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් මෙන්ම පුහුණු සහ නිපුණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් අපේ රටේ රෝහල් පද්ධතිය සමන්විතව ඇත.

ගැබිණි මවකට ප්‍රසව ලකුණු කලින් මතු වුවහොත්

එනම් පහළ උදරයේ වේදනාවක්, වතුර බෑගය කැඩී ගොස් නම් හෝ සැලසුම් කළ දරු ප්‍රසූතියේ දිනය ළඟා වුවහොත් කඩිනමින් රෝහලකට ඇතුළත් විය යුතුයි. ප්‍රසව ලකුණු ගැන සෑම මවක්ම හොඳ අවධානයකින් සිටිය යුතු අතර ගර්භනී කාලයේදී යම් සංකූලතා ඇති වූ මවුවරු ඒ අතුරින් විශේෂිත වේ. එසේම මවකට ප්‍රථම දරු උපතේදී ප්‍රසව ලකුණු පෙන්වීම තරමක් ප්‍රමාද වුවද දෙවැනි හා තෙවැනි දරු උපත්වලදී එය වේලාසනින් දැනීමට පුවවන. වේලාසනින් ප්‍රසව ලකුණු මතු වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා වහාම රෝහලකට ඇතුළත් විය යුතුයි.

නිවෙස්ගත දරු ප්‍රසූති ඉතා අවදානම්

යම් හෙයකින් දරු ප්‍රසූතියක් නිවෙස්ගතව සිදු වුවහොත් පසු ප්‍රසව අවස්ථාවේ ඇති විය හැකි සංතූලතා හේතුවෙන් මව සහ බිළිදා දැඩි අවදානමකට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. එනම් පසුප්‍රසව අවස්ථාවේදී අධික රුධිර වහනය, බිළිදාගේ ශ්වසන අපහසුතා, ආසාදන තත්ත්ව සහ ඇතැම් විට මරණය පවා ඇති වීමේ හැකියාව නිසා මව සහ බිලිඳා පසුවන්නේ දැඩි අවදානමකයි. මෙවැනි තත්ත්ව වැලැක්වීමට ගතහැකි සියලුම ක්‍රියා මාර්ග ගත යුතු බැවින් කල්ඇතුව රෝහල් ගත වීමට හොඳ සහ නිරවුල් සැලැස්මක් තිබීම වැදගත්ය.

කල් තියා රෝහල්ගත වීමේ සැලැස්ම

සෑම ගර්භනී කාන්තාවක්ම දරු ප්‍රසූතියේ සැලැස්ම ගැන පවුල් සෞඛ්‍ය සේවිකාව සමඟ සාකච්ඡා කොට ඇයව දැනුම්වත් කර තිබීම අවශ්‍ය වේ. එසේම තමා නොහිතන අවස්ථාවකදී වුව රෝහල් ගත වීමට සිදු වුවහොත් ඒ සඳහා හැකි ඉක්මනින් ළඟා වීම සඳහා වන ප්‍රවාහන සැලැස්මක්ද තිබිය යුතුයි.

නොවැලැක්විය හැකි ප්‍රවාහන දුෂ්කරතා මතුවේනම් ඉක්මනින් ළඟම ඇති රෝහලට ඇතුළත් වීම සම්බන්ධයෙන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය සමග කලින් සාකච්ඡා කොට තිබීම වැදගත්වේ. එවිට නොවැලැක්විය හැකි ප්‍රවාහන දුෂ්කරතාවකදී ඔබට ඉක්මනින් ළඟම ඇති රෝහලට යාමේ අවස්ථාව උදාවේ.

යම්හෙයකින් රෝහල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අපහසු නම් සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගත හැකියි. එබැවින් තව දුරටත් කාලය අපතේ නොයවා 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ විය හැකියි.

මවගේ පෝෂණය

මේ දුෂ්කර කාලසීමාවේදී වුවද මවක් තමාගේ මෙන්ම කුසතුළ සිටින සිඟිත්තාගේද පෝෂණය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි. රෝහල් සායනයෙන් ලබා දෙන යකඩ පෙති ගැනීම ප්‍රතික්ෂේප නොකර නිසි පරිදි බෙහෙත් නොකඩවා ලබා ගන්න. ත්‍රිපෝෂ නිකුත් කිරීම වුවද ඉදිරි සතිවලදී යම් ප්‍රමාණයකින් හෝ රෝහල්වලට නිකුත් කිරීමට කටයුතු යොදමින් සිටී.

අනවශ්‍ය බියක් එපා

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඔබගේ සහ සිඟිත්තාගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පෙරතියා සූදානම් කර ගැනීම හැරුණු කොට අනවශ්‍ය බියක් , ආතතියක් ඇති කරගත යුතු නැත.

පූර්ණ රැකවරණය

වත්මන් තත්ත්වය හමුවේදී පවා දරු ප්‍රසූතියේදී සම්පූර්ණ රැකවරණය ලබා දීමට සියලුම රෝහල් වගකීමෙන් බැඳී සිටින නිසා හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. එය ඔබගේත් මෙලොව එළිය දැකීමට සිටින සිඟිත්තාගේත් ජීවිත ආරක්ෂාව උදෙසා වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

තෙල් ගැටලු හමුවේ ගැබිණි මවට කල්තියා රෝහල් ගතවීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1220 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 952 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 391 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1196 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1172 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 721 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site