(සුජිත් හේවාජුලිගේ)
තෙල් අර්බුදය තනිකරම ඉල්ලගෙන කෑමක් බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
ජාතික සභාවක් කඩිනම්න් පත්කර රටේ ප්‍රශ්න සඳහා පුළුල් එකඟතාවක් ඇතිකර ගැනීමට පාලකයන් මැදිහත්විය යුතු බව සඳහන් කළ උන්වහන්සේ එසේ කටයුතු නොකළහොත් ජනතාව සමග මැරෙන්න හෝ පාරට බැසීමට සිදුවන බවද සඳහන් කළහ.
රතන හිමියන් මෙසේ පැවසුවේ රාජගිරිය සඳහම් සෙවණ ආයතනයේදී අද (1) උදේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
තෙල් ප්‍රශ්නය ඉදිරි සතියේදී විසඳෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවද මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවත් උන්වහන්සේ පැවසූහ.
ආණ්ඩුව මේ අර්බුදය කල් තියා දැනගෙන මාස තුනකට වැඩි යැයි පැවසූ රතන හිමියෝ එසේ දැනගෙන සිටියදී මාස තුනකට සැලසුම නොහැදුවේ ඇයි දැයි ප්‍රහේලිකාවක් බවත් ප්‍රකාශ කළහ.
තෙල් පරිහරණය සම්බන්ධයෙන් පාලකයන්ට නිලධාරීන්ට කිසිම අදහසක් නැති බවත් මේ දුකට ජාතියක් හැටියට ජනතාව මුහුණ දිය යුතු නැති බවත් උන්වහන්සේ පැවසූහ.
මේ අර්බුදය පාලකයන් නිර්මාණය කළ එකක් බව පැවසූ රතන හිමියෝ අර්බුදය නිර්මාණය කළ මේ පිරිසට ජනාධිපතිකම් සහ ඇමැතිකම් කිරීමට කිසිදු අයිතියක් නැති බවද ප්‍රකාශ කළහ.
නොහැකියාව පිළිගෙන මේ අය ගෙදර යා යුතු බවද උන්වහන්සේ පැවසූහ.
මිනිස්සුන්ට මේ පීඩාව තවදුරටත් දරාගත නොහැකි බව පැවසූ රතන හිමියෝ පාලකයන් රටට වැදගත් විදුලි ජනන සැලැස්ම අද වෙනතුරු සකස් කර නැතැයිද චෝදනා කළහ.
මානුෂීය පදනමින් ඕනෑම රටකින් තෙල් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සමහරුන්ට තමන්ගේ දරුවන් සමග ඇමරිකාවේ ගිහින් ජීවත් ජීවත්වීමට නොහැකි වනු ඇතැයි බයට තමන්ගේ පුද්ගලික අභිමතයට මුළු රටක් අර්බුදයට හෙළා ඇති බවත් ප්‍රකාශ කළහ.
මේ රටේ තේ වෙනුවෙන් ඉන්ධන ලබා දීමට ඉරානය කැමැත්ත පළ කළ බවත් තමා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවසුවත් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු බවත් උන්වහන්සේ පැවසූහ.
මීට අමතරව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට තිබූ අවස්ථාවද රජය අතහැර දැමූ බව රතන හිමියෝ පෙන්වා දුන්හ.
පුද්ගලයෙක් දෙන්නෙක් කුටු කුටු ගා මේ රට නටවන බවත් මේ පිස්සුව අවසන් විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.
මෙය මුළු මහත් ජාතියේ කරුමයක් නොවන බවත් කරුමක්කාරයන් පිරිසක් විසින් කරුමය ජනතාවගේ හිස මත පටවනු ලැබූ බවත් රතන හිමියෝ සඳහන් කළහ.
මේ පාපෙන් ගැලවිය හැක්කේ කරුමක්කාරයන් පිරිස එළවා දැමූ හොත් පමණක් බවද උන්වහන්සේ පැවසූහ.
පාරට හිර ගෙවල්වලට ඇද දැමුවත් සටන අත් නොහරින බවද එවැනි ප්‍රථිඵල භුක්ති විඳීමට බිය පිරිසක් නොවන බවද අතුරලියේ රතන හිමියෝ කීහ.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’තෙල් ප්‍රශ්නය ඉල්ලාගෙන කෑමක්’’
sachith Saturday, 02 July 2022 11:43 AM
එතකොට පෝර ප්‍රශ්නේ...?
Thu nodakin Sunday, 03 July 2022 08:42 AM
පාරට බැස්සොත් නම් මැරෙන්න තමයි වෙන්නේ...!